විශ්ව පිළියම්

නිශ්ශබ්දව වැඩ කරන්න, පුද්ගලිකව සමරන්න

ඔබ ඔබේම මාර්ගයක් තුල හැම විටම නිහඬව ගමන් කිරීමට හුරුවන්න . ඔබේ ගමන් මාර්ගය පිළිබඳව හොඳ නරක හෝ එහි වලංගුතාවයන් පිළිබඳව අන් අයගෙන් ළනොවිමසන්න . නිහඬව ගොඩනගා ගනු ලබන ජීවිතය නැතහොත් සාර්ථකත්වය තුළ විශාල බලයක් පවතී .

ඔබ නිශ්ශබ්දව වැඩ කරන විට, බාහිර පුද්ගලයන් වෙතින් එල්ල වන මතවාදයන්ගෙන් ඔබේ අවධානය වෙනතකට යොමු නොවී, සැබවින්ම වැදගත් දේ වෙත ඔබට ඔබේ මුළු ශක්තියම යෙදවීමට අවස්ථාව උදාවෙයි.

මෙම නිහඬ කැපවීම, මතුපිටට යටින් මුල් බැස ගන්නා බීජයක් මෙන් ඔබේ උත්සාහයන් ක්‍රමානුකූලව වර්ධනය වීමට ඉඩ සලසයි.

ඔබේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ලෝකය නොදකිනු ඇත, නමුත් එහි සුන්දරත්වයද එයයි. අපි අන් අයට පෙන්වීමට අඩුවෙන් අවධානය යොමු කරන විට සහ වැඩ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට, ප්‍රතිඵල තමාටම කථා කරනු ලබයි .

සෑම පියවරක්ම ලෝකයට ප්‍රකාශ කිරීමට හෝ සෑම ජයග්‍රහණයකදීම පිළිගැනීමක් ලබා ගැනීමට අවශ්‍යම නොවේ. ඔබේ ජයග්‍රහණ ස්වභාවික දෙයක් ලෙස ඉටුවීමට ඉඩ දෙන්න.

සාර්ථකත්වයට පැමිණි විට එය පෞද්ගලිකව සමරන්න. ලෝකයේ අත්පොළසන් දීමකින් තොරව ඔබේ හදවතේ සතුට භුක්ති විඳින්න. සැබෑ තෘප්තිය පැමිණෙන්නේ ඇතුළතිනි.

ඔබ ඔබේ මාර්ගයට විශ්වාසවන්තව සිටි බව දැන ගැනීමෙන් මෙන්ම ඔබගේ කාර්යයන් හී නිශ්ශබ්දතාවය සහ ඔබගේ සැමරුම් හී නිශ්ශබ්දතාවය තුළ, කිසිදු බාහිර ප්‍රශංසාවකට ලබා දිය නොහැකි සැනසීමක් ඔබ විසින්ම සොයා ගනු ලබයි.

මේ අනුව, මෙය ඔබේ මතකයේ හැමවිටම තබා ගන්න .

” නිශ්ශබ්දව වැඩ කරන්න, පුද්ගලිකව සමරන්න ”

ආයුෂ්මාන්ය මනමේන්ද්‍ර
( Certified Life Coach , Hypnotherapist , NLP Coach )

error: Content is protected !!