ජීවිතය එපාවෙලා වගේනම් අපි කථාකරමු

යළිත් මුහුණු පොතේ ” සියදිවි නසා ගැනීමක් ” ගැන කතාවෙනව … පහුගිය කාලෙකත් මේක රැල්ලකට වගේ ගිය කාලයක් තිබුණා …
” සියදිවි නසා ගැනීම ” ඉක්මන් තීරණයක් කියලා හිතුවට ඇත්තටම ඒක ඉක්මන් තීරණයක්ම නෙවෙයි .
බොහොම කලාතුරකින් තමයි ඉක්මන් තීරණයක් විදියට තමන්ගේ ජීවිතය නැති කරගන්නේ ….
ඇයි මම එහෙම කියන්නේ …
Suicide counselor කෙනෙක් විදියට මම ඒක අත්දැකීමෙන් කියන්න ….
ඒකට පසුබිම හැදෙන්නේ කාලයක් තිස්සේ … ටිකෙන් ටික තමන් තුළින්ම තමන්ම ගිළිහෙන්න පටන් ගන්නවා . තමන්ට තමන්ම එපා වෙන තරමටම ඒ ගිලිහීම දැඩි වෙනවා .
හැබැයි ඒක යමෙක් තේරුම් ගත්තොත් අවසන් තීරණයකට ගමන් නොකර ඒක විසඳගන්න පුළුවන් ….
ජීවිතය නැති කරගන්න හේතු දාහක් තියෙන්න පුළුවන් … ඒත් ඔබට ජීවත් වෙන්න එකම එක හේතුවක් හරි ප්‍රමාණවත් ..
තමන්ගෙන් තමන් ගිළිහෙනකොට තමන්ට මේ හේතුව අවබෝධ කරගන්න බැහැ … තමන්ට තමන්ව එපා කරපු පරිසරයෙන් ඒවට විසඳුම් හොයන්නත් බැහැ.
කිසිම දෙයකට ඉක්මන් වෙන්න එපා .. ඔබ වටා ඉන්න අයත් එක්ක ඔබේ ප්‍රශ්නය බෙදා ගන්න බැරි නම් , ඕනෑම වෙලාවක පණිවිඩයක් යොදන්න … ඔබේ ජීවිතයට වටිනාකමක් එක් කරන්න පුළුවන් එකම හේතුව හරි අපි හොයාගමු ….
0764030952 WhatsApp අංකයට පණිවිඩයක් යොදන්න.
අන්තර්ජාතික සුදුසුකම්ලත්
මනෝ උපදේශක
මෝහනවේදී
ආයුෂ්මාන්‍ය මනමේන්ද්‍ර

