2025 අගෝස්තු 8 ( 8:8) සුසර වන පස්වන මානයේ සිංහ ද්වාරය ( lion's gate portal )

පුරාණ ශිෂ්ටාචාර හත තුළම සිංහයාට හිමි වූයේ අති විශේෂ ස්ථානයකි . ඒ සිංහයාගේ ඇති ශක්තිමත් බව බලය නිසාම නොවෙයි . විශ්ව ශිෂ්ඨාචාරයන්හි මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ සිංහ මිනිසුන් නැතහොත් ප්ලෙයාඩියන්වරුන්ගෙන් පැවත එන ලයිරන් ලාය . Lyran Aliens (Lyrans) මේ නිසාම විශ්වයේ ශ්‍රේෂ්ඨම ජීවී කාණ්ඩය ලෙස සැලකෙන්නේ මොවුන්ය . ( මෙම ජීවීන් ගැන වැඩිපුර දැනගැනීමට arrival of alien මුල් ලිපි කියවන්න )
සිංහ මිනිසුන්ට ඇති ශ්‍රේෂ්ඨත්වය තුළම සෑම පුරාණ ශිෂ්ඨාචාරයක් තුළම ඉතා සවිමත්ව ගොඩනගා ඇති සිංහ ද්වාර දැකගත හැකි වේ . මෙම සිංහ ද්වාර යනු ගොඩනැගිලි පිවිසුමකට වඩා පූජනීය සංකේතයකි. මෙම ද්වාර පූජනීය සංකේතයක් ලෙස සැලකීමට හේතු වන්නේ පෘථිවියේ බොහෝ ක්රියාකාරීත්වයන් උදෙසා තාරකා පද්ධති අතර ගොඩනැගෙන සිංහ ද්වාරය හේතුවන හෙයිනි .
සිංහ ද්වාරය යනු සූර්යයා, සිරියස් (දීප්තිමත්ම තාරකාව) සහ පෘථිවිය එකපෙලට පිහිටන අවස්ථාවකි . මෙම මොහොතේදී සූර්යයා සිංහ රාශියේ සිටීමද මෙහි බලය තවත් වැඩි කිරීමට හේතුවේ . මෙම ග්‍රහ පෙළ ගැසීම විශ්වයේ බලවත් ශක්ති පිපිරීමක් නිර්මාණය කරන මායාකාරී කාල පරිච්ඡේදයකි. සිරියස් තාරකාවෙන් සහ සූර්යයාගෙන් එන infrared, ultraviolet, gravitational, sound harmonics වැනි තරංග මෙම කාලය තුළ පෘථිවියට ඇතුල් වීමත් සමඟින් පෘථිවියේ චුම්බක තලයන් අස්ථාවර වීම අභ්‍යන්තර ජල මුලාශ්‍ර උණුසුම් වීම , භූමිකම්පන නිදහස් වීම (seismic tension release) සිදු වේ .
Canis Major (Greater Dog) තාරකා පද්ධතියට අයත් “සුනඛ තරුව” ලෙස හඳුන්වන සිරියස් යනු ආලෝකයේ සහ ප්‍රඥාවේ නියෝජනයකි .
පෘතුවි ජනාවාසකරණයේදී හා ජීවය තැනීමේදී තාක්ෂණික කාර්යභාරය ඉටුකළ ජීවී කාණ්ඩය වන්නේ සිරියන්වරුය . සිරියන්වරුන්ගේ නිජබිම වන්නේ සීරියස් තාරකාවයි .
සෑම වසරකම අගෝස්තු අටවෙනිදා ( 8 . 8 ) මෙම පෙළගැස්ම සිදුවෙයි . මෙය ස්වභාවික පෙළගැස්මක් පමණක්ම නොවේ . පෘතුවිය හා ජීවයේ සිදුවන යාවත්කාලීන කිරීමක් වෙනුවෙන් ඉහළ ශක්තීන් සඳහා දොරටුවක් විවෘත කිරීමකි , මෙය සෑම වසරකට වරක්ම සිදුවන ක්‍රියාන්විතයක් නම් 2025 . 8 . 8 විශේෂ වන්නේ කෙලෙසදැයි කියා ඔබට හිතෙනවා ඇත . එයට ගැඹුරු හේතුවක් පවතී .
සිංහ ද්වාරය නැතහොත් lion’s gate portal ඇත්තටම ශක්ති හුවමාරු ද්වාරයකි . ගත වෙමින් පවතින කාලය පෘතුවියට හා පෘතුවි ජීවීන්ට තීරණාත්මක කාලපරිච්ඡේදයකි . එයට හේතු වන්නේ මාන පරිවර්තන කාල පරිච්ඡේදයක් අතරතුර සිදුවන ද්වාර විවෘත වීම තුල පෘතුවිය වෙත ප්‍රබල ශක්ති බලපෑමක් ඇතිකරමින් පැවතීමයි . පසුගිය කාලය තුළ එක දිගට සිදුවූ භූ කම්පන හා ගිනි කඳු පුපුරා යෑම් මෙහි ප්‍රතිඵලයන්ය .
ඔබේ බුද්ධිය වැඩි දියුණු කරන අතර දිව්‍යමය දේ සමඟ සම්බන්ධ වීමට ඔබට උපකාරී වේ.
සෑම වසරකම, සිංහ දොරටු ද්වාරය ස්වර්ගයේ අලංකාර පෙළගැස්මක් නිර්මාණය කරයි. සිංහ රාශියේ සූර්යයා එහි දීප්තිමත්ම ලෙස බබළයි, ශක්තිය සහ ධෛර්යය සංකේතවත් කරයි. අධ්‍යාත්මික සූර්යයා වන සිරියස්, අහසේ සූර්යයා හමුවීමට නැඟී, ඉහළ ක්ෂේත්රවලට පාලමක් නිර්මාණය කරයි. මෙම බලගතු පෙළගැස්ම නව ශක්ති මානයන් සඳහා දොර විවර කරයි, ඔබට පියවර තබා ඔබේ ඉරණම වැළඳ ගැනීමට ආරාධනා කරයි.
මෙම විශ්වීය පෙළගැස්ම පරිවර්තනය හා අලුත් කිරීම සඳහා කාලයකි. ශක්තීන් පෙළ ගැසෙන විට, ඒවා ඉහළ ක්ෂේත්රවලට ද්වාරයක් විවෘත කරන අතර, පැරණි රටා ඉවත් කර ඔබේ සැබෑ විභවයට පිවිසීමට ඔබට අවස්ථාව ලබා දෙයි. විශ්වය ඔබේ සිහින වලට සහාය වන, ඔබේ ගැඹුරු ආශාවන් ප්‍රකාශ කිරීමට සහ ඔබේ අරමුණ වැළඳ ගැනීමට උපකාර කරන මොහොතකි
සිංහ ද්වාරය විවර වීම තුළින් බලාපොරොත්තු වන්නේ අතීතය අතහැර නව පරිවර්තනයක් උදෙසා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි . පෘථිවිය තුළ පිහිටි ශක්ති කලාපයන් වල සිදුවන වෙනස්කම් මෙන්ම පෘථිවි චලිතයේද වෙනස්කම් මේ හරහා සිදුවේ.
සිංහ ද්වාරය විවෘත වන කාල සීමාව තුළදී පුද්ගලික වර්ධනයට සහ අධ්‍යාත්මික පිබිදීම උදෙසා විශ්වයෙන් ඉතා විශාල ජවයක් ලබාගත හැකිවේ . එයට හේතු වන්නේ මෙම පරිවර්තනීය මොහොත තුළ පුද්ගල මනස උසස්කරලීමේ ක්රියාන්විතයක්ද ක්‍රියාත්මක වෙමින් පැවතීමයි . එනම් පියවරෙන් පියවර තාක්ෂණික මිනිසාගේ බිරිවීම උදෙසා මිනිස් මනස පරිණාමය කිරීමේ කාර්යය මේ හරහා සිදුවන බවය .
පස්වන මානයේ ජීවී මනසක් නිර්මාණය කිරීමේ සැලැස්ම උදෙසා විශ්වයෙන් ලැබෙන ශක්තිය දැනුවත්ව තම මනසට ග්‍රහණය කර ගැනීම තුළින් වඩා වේගවත්ව ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට අවස්ථාව උදාකරගත හැකි වේ . පස්වන මානික බුද්ධිය සාමාන්‍ය මට්ටමේ ශක්තියට එහා ගිය තත්ත්වයකි . අපට තේරෙන ලෙස කියන්නේ නම් එය තීක්ෂ්ණ බුද්ධියකි . පස්වන මානයේ ජීවීන් මූලික වශයෙන් මනසින් වැඩි වශයෙන් ක්‍රියා කරන ජීවී විශේෂයකි . පෘථිවි කවුන්සිලයේ මූලික අවශ්‍යතාවයද ශරීරය වෙහෙසවා වැඩ කළ තුන්වන මානයෙහි මිනිස් ප්‍රජාව මනස මුල් කොට වැඩ කරන පස්වන මානයට ඔසවා තැබීමයි .
පිරමීඩ තුල සටහන් කර ඇති සිරියස් තාරකාවෙන් දිව්‍යමය පණිවිඩ රුගෙන පැමිණෙන කුරුළු මිනිසුන්ගෙන් අපට අවබෝධ කර ගැනීමට හැකි කරුණ වන්නේ
සිරියන්වරු හා පුරාණ ඊජිප්තුව අතර ඉතා සමීප සබඳතාවයක් පැවති බවය . පිරමීඩ වාසීන් අධ්‍යාත්මික ලෝකයට සම්බන්ධ කිරීමත් පුරාණ ඊජිප්තුවේ සශ්‍රීකත්වය හා දියුණුවක් පසුපස සිටි ජීවී කාණ්ඩය සිරියන්වරු විය යුතුය . පුරාතනයේ ඊජිප්තු ශිෂ්ඨාචාරයට අනුව සිංහ ද්වාරය විවෘත වන්නේ නයිල් ගගේ ජල මට්ටම ඉහළ යෑම ඇරඹෙන දිනයේදීය . මෙය අහඹුවක් විය නොහැකිය .. වසර දහස් ගණනක් තිස්සේ පවතින චක්රයකි . කාන්තාර භූමිවල ඉදිකළ ශිෂ්ඨාචාරයක පැවැත්ම වෙනුවෙන් හා අලුත් වීම වෙනුවෙන් ජලය සැපයීමේ කාර්ය පවා සැලසුම් කොට ඇත්තේ විශ්ව ජීවී කාණ්ඩයක මැදිහත්වීමෙන් යැයි අපිට සිතිය හැකිය .
පුරාණ නයිල් ගඟේ ජල මට්ටම් ඉහළ යෑම හා පසුගිය දින කිහිපය තුළ ලෝකයේ බොහෝ රටවලට බලපෑ සුනාමි තත්ත්වය අතර සබඳතාවයක් නැතැයි කියා එක්වරම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය . මෙවර ලෝකයට ඇති වූ සුනාමි තත්ත්වය තුල ජල කදේ උස අන් කවරදාටත් වඩා වැඩි විය . මේ සියලු සිදුවීම් අතර පවතින විශේෂම කාරණාව වන්නේ සුනාමිය ඇතිකිරීමට හේතූවූ භූ කම්පන ප්‍රබලත්වය රික්ට මාපකයේ සඳහන් වූයේ 8 . 8 වීමයි .
8 . 8 යනු අහඹු අගයක් නොවෙයි . මෙහි සැඟවුණු අර්ථයන් බොහොමයක් පවතී . අගෝස්තු 8 යනු 8/8 නියෝජනයයි . සිංහ ද්වාරය විවෘත වන්නේ අගෝස්තු 8 වනදාය . එසේ නම් 8.8 යනු ඒ පිළිබඳ වූ සංකේතාත්මක මුල පිරීමක් ද යනු ගැඹුරින් සිතා බැලිය යුතුය.
අංක 8 යනු සංඛ්‍යා ශාස්ත්රයේ මෙන්ම දේවතා අංක ( angel number ) මායාකාරී දිනයකි. අංක 8 යනු අසීමිත හැකියාවන් සහ සමබරතාවයේ සංකේතයකි . එමගින් සමෘද්ධිය සහ අනන්තය නියෝජනය කරනු ලබයි . අගෝස්තු 8 වනදා විශ්ව අභිප්රායන් සැකසීමට සහ විශ්වයේ බහුල ශක්තිය ඔබේ ජීවිතයට පිළිගැනීමට පරිපූර්ණ කාලයක් නිර්මාණය කරයි. 8/8/25 සිංහ ද්වාරයේ උච්චතම අවස්ථාවයි . එය විශ්වයේ ඉහලම ශක්තිය, අධ්‍යාත්මික එසවීම සහ අනන්ත හැකියාවෙන් පිරුණු විශ්වීය මොහොතකි.
සිංහ දිවාරය විවර වීම පිටුපස තවත් ගැඹුරු අවස්ථාවක් පවතී . එය නම් පෘතුවියෙහි කර්ම සාධකය ඔබා සිරකර ඇති විශ්ව ආත්මයන්ට ඉන් මිදී යෑම උදෙසා කර්ම චක්‍රය පිළිබඳ ඉහළ දැනුවත්භාවයක් ලබා දෙයි. එය දුර්ලභ අවස්ථාවකි . අධ්‍යාත්මික පිහිටුවීමක් ලෙසින් මෙන්ම අතීතය ඉවත් කිරීම සහ නව ආරම්භයන් සඳහා අවකාශය මේ හරහා නිර්මාණය වේ.
සිරියස් තාරකාවෙන් ගලා එන ආලෝක රේඛා තුලින් මානව DNA පරිනාමයකට ලක්වන බවට අතීත ශිෂ්ඨාචාරයන් තුළ සිටම විශ්වාසයක් පවතී . (DNA Light Code Activation) මේ හරහා පස්වන මානික ජීවියා නිර්මාණය කිරීම සිදුවෙයි . මෙය ගැඹුරු කතාවකි .
වසර පහකට පමණ පෙර තාක්ෂණික මිනිසාගේ බිහිවීම , මාන පරිවර්තනය ආදී බොහෝ කරුණු කියන විට බොහෝ පිරිසකට මේවා වැටහුණේ නැත . සිංහ ද්වාරය විවෘත වීමද එවැනිම කරුණකි .. මේ සියලු කරුණු අනාගතය සනාථ වනු ඇත .එතෙක් ඔබ අටවන දාට පෙර දින හතරත් පසු දින හතරත් හැකි උපරිමයෙන් විශ්වය හා ඒකාත්මික වීමට උත්සාහ කරන්න .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

