විශ්ව පිළියම්

මඟ පෙන්වන්න එහෙත් රැගෙන යන්න එපා

මගේ ගුරුවරයා මට කියපු දෙයක් තමයි , කර්මයෙන් මිදෙන්න දරුවන්ට මඟ පෙන්වන්න… මිදෙන්න අවශ්‍ය දරුවන් ඒ මග ගමන් කරාවි ඔබ රුගෙන යන්න එපා …
එත් , මම රුගෙන යෑමටත් එහා ගිහින් ආශ්‍රමය හා බැදුණු දරුවන්ට විශ්ව පිලියම් දෙනවා..

ඇයි මගේ ගුරුවරයත් දරුවන්ව රුගෙන යන්න එපා කියලා කිව්වේ…..

කර්මයට පිලියම් යෙදීමේදි ගුරුවරයා මාර්ගය පෙන්වීමක් පමණයි කරන්නේ… එවිට ගුරුවරයාගේ ශක්තිය වැය වෙන්නේ බොහොම අඩුවෙන්…
නමුත් විශ්ව පිළියමක දී ගුරුවරයාගේ ශක්තිය බොහෝ සෙයින් නිදහස් කිරීමක් කරනවා… ඒ කියන්නේ එම කාර්යය ඉෂ්ට වීම උදෙසා යොදවන්නේ ගුරුවරයාගේ ශක්තියයි.

මෙය දිගින් දිගට නො කළ යුත්තක්…

උදාහරණයක් ලෙස මෙහෙම හිතන්න…

නිවසක ලීටර් දාහක ජල ටැංකියක් තියෙනවා නම් අපි එය පුරවන්න කුඩා බටයක් යොදා විශාල බටයකින් ජලය ඉවතට ඇද්දොත් කුමක් වේවිද ? ඉක්මනින්ම ටැන්කිය හිස් වෙනවා. කුඩා බටයකින් පිරෙන නිසා හා එම පිරෙන ජලය විශාල බටයකින් එලියට යන නිසා ටැංකිය පිරෙන්නෙ ම නැති වෙනවා.

එහි හානිය වෙන්නේ ඒ අතරතුර ජලය කැපුවොත්……

මගේ ගුරුවරයා දීක්ෂා පිළියම් හා රැගෙන යෑම කරන්න එපා කියන්නේ අන්න ඒ නිසයි..

දීක්ෂා පිළියමයි රැගෙන යෑමයි අතර ලොකු සමානකමක් තියෙනවා. සමහර දරුවන්ට ගුරුවරයා ඒ අයගේ හදිසි අවස්ථාවලදී සිහිනයෙන් හෝ භාවනාවෙන් පණිවිඩ ලබා දෙනවා. එවිට ගුරුවරයා වැය කරන්නේත් තමාගේ ශක්තිය.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!