වෛදික සම්ප්‍රදාය තුළ දීක්ෂා ගුරුවරයකු සතුව දීක්ෂා අවස්ථා පහක් පවතී .

කලියුග දෙවියන් වු ක්‍රිෂ්ණා දෙවියන් වඩාත් විශේෂිතවන්නේ කලියුගය තුල ධර්මය, කර්මය සහ යථාර්ථයේ ස්වභාවය පිළිබඳ ගැඹුරු ඉගැන්වීමක් ලබාදුන් පළමු ගුරුවරයා ලෙසය .
යම් ගුරුකුලයක් තුළ විවිධ මතවාදයන් පැවතියත් අධ්‍යාත්මික මඟ පෙන්වීමේ හා කර්මය ලිහා දැමීම උදෙසා අධ්‍යාත්මික ආරම්භයක් හෝ බලගැන්වීමක් උදෙසා අවසර දීමේ හැකියාවෙන් යුත් , ” දීක්ෂා ගුරු” කලියුග ආරම්භකයා ලෙස සැලකිය හැක්කේ ක්‍රිෂ්ණා දෙවියන්ය .
එයට මූලික ලෙසින්ම හේතු වනුයේ බැතිමතා මිදවීම උදෙසා දීක්ෂා ගුරුවරයකු භාවිතා කරන ගුරුවරයාගේ දර්ශනය, ස්පර්ශය හෝ වචනය තුලින් පවිත්‍ර කිරීම , අවසර දීම හරහා හරහා දිව්‍ය කරුණාව ලබා දීම වැනි ක්‍රමවේද සියල්ලම ක්‍රිෂ්ණා දෙවියන්ගේ චරිතය තුළ දක්නට ලැබේ . උදාහරණයක් ලෙස අර්ජුනට ධර්මය අවබෝධ කරන්නේ දර්ශනය තුළින්ය .
දීක්ෂා ගුරු යනු ශ්‍රාවකයෙකු අධ්‍යාත්මික ඥානයේ සහ අවබෝධයේ මාවතට තම බැතිමතා යොමු කරන්නෙකි . යමෙකු
අධ්‍යාත්මික මග අවබෝධ කර ගැනීම සඳහා ගුරුවරයෙකු සෙවීමේදී ගුරුවරයාට පූර්ණ ලෙස යටත් වීමේ නැතහොත් අනුගත වීමේ වැදගත්කම ක්‍රිෂ්ණා දෙවියන් භගවත් ගීතාව තුළ අවධාරණය කරනු ලබයි .
මෙසේ අනුගත වන බැතිමතාට දීක්ෂා ගුරුවරයාගේ ” ශක්තිපත් ” අවස්ථාව අත්විඳිය හැකිවේ . එනම් අවසර දීම නැතහොත් දීක්ෂාව හරහා දිව්‍ය කරුණාව ලබාදීමේ මට්ටමයි .
වෛදික සම්ප්‍රදාය තුළ දීක්ෂා ගුරුවරයකු සතුව දීක්ෂා අවස්ථා පහක් පවතී .
චක්ෂුෂි දීක්ෂා – ගුරුවරයා විසින් ආධ්‍යාත්මිකව ආරෝපිත බැල්මක් හරහා බැතිමතාට ශක්තිය ලබා දීම.
ස්පර්ශ දීක්ෂා – ස්පර්ශයක් තුලින් බැතිමතාට ශක්තිය ලබාදීම .
වාග් දීක්ෂා – ගුරුවරයාගේ වචනයක් තුලින් හෝ ගුරුවරයා විසින් ලබාදෙන මන්ත්‍රයක් තුළින් බැතිමතාට ශක්තිය ලබාදීම .
සම්භවි දීක්ෂා- ගුරුවරයාගේ රූපය දැකීම හෝ දර්ශනය තුළින් බැතිමතාට ශක්තිය ලබාදීම .
මනෝ දීක්ෂා – ගුරුවරයා විසින් බැතිමතාගේ මනසට ලබාදෙන ශක්තියයි .
කෙසේ වෙතත් මෙම දීක්ෂා වර්ග පහ ක්‍රියාත්මක කරවීමේ දී ගුරුවරයා බැතිමතාගේ සිත තමා තුළට ගෙන තමාගේම සිත සමඟ එක්කර එය පිරිසිදු කර නැවත බැතිමතා වෙත මුදාහැරීම හෝ ගුරුවරයා බැතිමතාගේ ශරීරයට ශක්තිය ඇතුළු කොට එහි පිරිසිදු කළ යුතු වර්ණයන් පිරිසිදු කිරීම සිදු කරනු ලබයි .
මෙම ක්‍රම දෙක හරහාම බැතිමතා තුළ ඇති ආත්මීය පාපයක් පාලනය කරමින් දිව්‍යමය බැඳීමක් ගොඩනගා ගැනීම උදෙසා මාර්ගය විවර කරදෙයි . මේ තුලින් අවසානයේදී බැතිමතාගේ ආත්මය පරමාත්මය තුළට විනිවිද යන්නේය.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

