විශ්ව පිළියම්

ලැබෙන අවස්ථාවෙන් මුල පුරන්න

සමහර දරුවෝ කතා කරල කියනවා මම ගුරුතුමාගේ පිටුවේ අවුරුදු දහයක් පහලොවක් තිස්සෙම ඉන්නවා . ගුරුතුමාගේ ලිපි හැමදාම කියවනවා .

බොහෝ වෙලාවට මේක කියන්නේ තමන්ගේ ජීවිතවලට විසඳගන්න බැරි ගැටලුවක් නිර්මාණය වෙලා විසඳුම් හොයමින් ඉන්න වෙලාවක දකින යම් ලිපියක් හෝ මනසට එන පණිවිඩයක් තුළිනුයි…

ඇත්තටම මට කියන්න අවශ්‍ය මෙන්න මෙහෙම කාරණාවක්… දීක්ෂා මග පිළිබඳව වගේම මා ලියන ලිපි කියවන බොහෝ දරුවෝ මේ පිටුවේ ඉන්නවා… ඒ හැම ලිපියක් ඇතුලෙම තමන්ගේ ජීවිතයට ගන්න පුංචි හරි පණිවිඩයක් තියෙනවා ….

එ නිසා ගැටලුවක් මතු වෙනකන්ම ඉන්නේ නැතුව ජීවිතයේ පුංචිම හරි වෙනසක් කරන්න උත්සාහ කරන්න… අපේ හැම දෙයක්ම පෙර සැලසුමක් මත ක්‍රියාත්මක වෙන දෙයක්.. අපි කර්මය කියලා කියන්නේ ඒකට…

සමහර දරුවෝ හැමදාම කතා කර කර අහනවා . කර්මඵල විග්‍රහය තවම ආරම්භ කළේ නැද්ද කියලා …. කර්මඵල විග්‍රහය කියලා කියන්නේ එක දිගටම කරන දෙයක් නොවේයි. පහුගිය කාලය තුළ බොහෝ ලමයින්ට මේ අත්දැකීම තියෙනවා . වසර තුන කුමන හෝ කාලෙක යම් පිරිසකට අවස්ථාව ලැබෙනවා . ඒ කියන්නේ හැමෝටම නෙවෙයි . ඒ උදෙසාත් විශ්වයෙන් අවසරයක් තිබෙන්න ඕන .

හැබැයි තමන්ගෙ විඳවීම පාලනය කරන්න මුල පුරන්න කර්මඵල විග්‍රහය වගේ ගැඹුරු තැනකින්ම ආරම්භ කරන්න බලන් ඉන්න අවශ්‍ය නැහැ . මම හැමදාම කියනවා වගේ මම ඒක දකින්නේ තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ඊළඟ බුදු කෙනෙක්ගෙ පහළවීම වෙන තෙක් බලා සිටිනවා වගේ වැඩක් ……

මම මේ කියන්නේ… පුංචි තැනකින් ජීවිතය වෙනස් කරලා ගැටලු ඇති නොවන විදියට සැලසුමක් හදාගන්න දිශානතියට පිළියම් , වෛදික හෝරාව, අභිවෘතම්, අභීසාරී වෘතම් හා වෛදික මනෝ බල මෝහනය වගේ දේවල් තුළින් පුළුවන් මුල පුරන්න ….

ටිකක් හිතලා බලන්න මං මේ කියපු දේ අමාරුවේ වැටෙනකන් ඉන්න එපා පියවරක් ඉදිරියට තියන්න

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!