රාවණ වංශිකයෝ

හෙල පොළවේ ශක්ති කලාප - සොභා ශක්ති විවරණය

ලෝකයේ අනික් රටවල් වලට වඩා හෙළ පොළොව ශක්ති වලින් පිරි විශේෂිත භූමියකි. එයට හේතු වන්නේ හෙල පොළොව යනු සමසිථ ලෝකයේ ආකෘතික භූමියකි . එනම් පෘථිවි නිර්මාණය තුළදී සමස්ත පෘතුවියේ ආකෘතියක් ලෙස හෙල පොළොව යොදාගැනීමයි . ඒ හේතුවෙන්ම ලෝකයේ පවතින සෑම ශක්ති විශේෂයක්ම මේ කුඩා භූමිය තුළ කැටිවී පවතියි.

මෙම විශේෂිත ශක්තීන් භූමිය මත පිහිටීම සූර්ය යුග අනුව වෙනස් වන අතර එම පිහිටීම් අවබෝධ කර ගැනීමේ හැකියාව පවතී . එසේම ශක්තීන් හෙළ පොළොවේ ක්‍රියාකාරීත්වයට මෙන්ම සමස්ත පෘථිවි ක්‍රියාකාරීත්වය උදෙසාද වැදගත් වෙයි .

පැරණි හෙළ සංස්කෘතිය තුළ ශක්ති කලාප යනු විශේෂිත ස්ථානයක් පමණක්ම නොවෙයි. එය භෞතික ශක්තිය හා මානසික ශක්තිය අතර සන්ධිස්ථානයකි . මෙවන් භූමි හෙළ රාජධානියේ විශේෂයෙන් භාවිතා වූයේ, පාලකයන්ගේ මනෝ ශක්තිය වර්ධනය කිරීම , ජාතික ආරක්ෂාව, සමාජ සන්සුන්භාවය, ධ්‍යාන වැඩීම, වෛද්‍යමය කටයුතු වැනි ක්ෂේත්‍රවලින් උපරිම ප්‍රයෝජනය ගැනීම උදෙසාය .

දේශෝ යහ් ශාන්තිපරඃ, වායව්‍යානාං විනියමනඃ।
ගර්භගුහ්යන්‍යවස්ථායාඃ, ස ස්ථලඃ යෝගසිද්ධිදඃ॥

“යම් ස්ථානයක් සන්සුන් භාවයෙන් පිරී ඇත්නම්, වායු ගතිකතාව පාලනය විය හැක,
රහස් ගුහාවන් හා ගැඹුරු ආවරණයන් පිහිටා ඇති එවන් ස්ථානයක් යෝග (භාවනා) සාර්ථකත්වයට හේතු වේ.”

ඉහත දැක්වූ පැරණි ශ්ලෝකයෙන් දක්වන්නේ හෙළ පොළොවේ ඇති ශක්ති කලාප කිහිපයක් ගැනය . ශක්ති කලාප පිළිබඳ පැහැදිලි කිරීම වඩාත් සාර්ථක වන්නේ ශක්තික භූමි කලාප , හෙළ පොළවේ පැරණි පිහිටීම් හා අතීත හෙළයා මෙම භූමිවලින් ලබා ගත් ප්‍රයෝජන අවබෝධ කර ගැනීමෙනි.

මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට සහ මනස සන්සුන් කරගැනීමට සුදුසු භූමි ධ්‍යානාර්භ භූමි ( සංසුන් කලාප ) ලෙස හැඳින්වේ .

මෙම කලාපයන් තුළ යෝග ධර්ම වැඩීමට පහසුවන අතර මානසික බලයන් පහසුවෙන් වර්ධනය කර ගත හැකිවේ ,අතීත හෙළයා මානසිකමය අධි ශක්ති ලබා ගැනීම විශ්වයෙන් රහස් දැණුම් ලබාගැනීමට මෙන්ම ආත්ම බල වැඩි කර ගැනීම සඳහා මෙම භූමි උපයෝගී කොටගත්හ . මෙම භූමි ප්‍රදේශ වල පවතින විශේෂිත ලක්ෂණය වනුයේ ශබ්දයන්ගෙන් තොර වීම හා වායුවේ ගුණාත්මකභාවය ඉතා ඉහල මට්ටමක පැවතීමයි .

හෙළ පොළොව තුළ පැවති ධ්‍යානාර්භ භූමි අතර රිටිගල , ඉසින්බැස්සගල , සෘෂිගල, නාගල කන්ද වැනි ස්ථාන ප්‍රධාන වෙයි .

භූ විද්‍යුත් බලපෑම් සහිත භූමි කලාප මෙන්ම ස්වභාවික චුම්බක ක්ෂේත්‍රවලින් පිරුණු භූමිය වශීභූත භූමිය ( චුම්බක කලාප ) ලෙස හඳුන්වයි. පොලව අභ්‍යන්තරයේ ලෝහමය ගුණය වැඩි ප්‍රදේශද මේ යටතට ගැනේ.

හෙල යුගයේදී විමාන සක්‍රිය කිරීම, ආයුධ බල උත්පාදනය, ශරීර ශක්තිය වැඩි කිරීම, භූගත ආරක්ෂණ ක්‍රම සක්‍රීය කිරීම සඳහා මෙම භූමි ප්‍රදේය භාවිතා කළේය. ප්‍රතිගරුත්ව නියාය උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වන පිටසක්වල යානා ක්‍රියාත්මක වන්නේ මෙම කලාප තුල ය .

රිදිමලියද්ද වැනි භූමි ප්‍රදේශ වල භූගත ඇල්මිනියම්, ක්වෝට්ස්, මැග්නටයිට් වැනි ලෝහ වර්ග බහුලව පවතින අතර විද්‍යාත්මකව චුම්බක පරිණාම සහිත කඳුකර භූමියක් ලෙස හඳුනාගෙන ඇත.

එයට අමතරව නකල්ස් කඳු පන්තියේ යම් ප්‍රදේශ තුළ මයිකා වැනි විශේෂිත පාෂාණ වර්ග බහුල වේ. එසේම එම කලාප ගුරුත්ව සහ චුම්බක බල බහුල කලාපයකි . අනුරාධපුර හා වව්නියාව අතර කලාපය අතින්ද්‍රිය සහ චුම්බක ක්ෂේත්‍ර එක්වන කලාපයකි මෙන්ම වළාකුළු වර්ධන ක්ෂේත්‍රයක් වශයෙන් සැලකේ.

පුරාණ කාලයේ සිට කිරිවෙහෙර සහ රුහුණු කඳුකරය විශේෂිත භූමියක් ලෙස සැලකෙයි. එසේම එම භූමි ප්‍රදේශ ආශ්‍රිතව චුම්බක බලපෑම් පවතින බවට තොරතුරු පවතී .

පියවි ඇසට නොපෙනෙන ශක්තීන් හා විකිරණශීලී බව වැඩි කලාප අතින්ද්‍රිය කලාප ලෙස හැඳින්වේ . බොහෝ විට මෙම ප්‍රදේශ ජනශූන්‍යව පවතින බැවින් සන්සුන්භාවය පවතින ස්ථාන ලෙස සැළකේ.

හෙළ යුගයේදී අතීතය දැකීම, ඉන්ද්‍රජාලික හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙම භූමි යොදාගත්හ. සීගිරි පර්වත පද්ධතිය වටා පිහිටා ඇති ගල් පොකුර ආශ්‍රිත භූගත ගල්වල විශේෂ ආකෘති, සංඝටන සහිත ශබ්ද තරංග රැඳී ඇති බව සොයාගෙන ඇත . විකිරණශීලී නාද ක්ෂේත්‍ර භාවනාමය භූමි ලෙස පැවැත ඇත .

මහවැලි ගඟේ වායු ප්‍රවහයකට ආසන්නව පිහිටි අරණායක වනාන්තරයද එවැනි භූමියකි. ජන ඝණත්වය අඩු බැවින් සන්සුන් භූමියක් සේම රාමසර කන්ද වරින් වර විකිරණ ශක්තිය මුදා හරින භූමියක් ලෙසද සැලකේ .

භූගත කලාපයන් තුළ අධි උෂ්ණත්ව සහ විකිරණ ශක්තියක් පවතින අනෙක් ප්‍රදේශය ලෙස සැලකෙන්නේ කන්දකාඩු ප්‍රදේශයි . හෙළ යුගයේ දී මෙම කලාපය අග්නි කලාපයකි – විද්‍යාත්මක වශයෙන් චුම්බක සහ තාප ශක්තිය බහුල භූමියක් ලෙස හඳුනාගෙන ඇත .

අතීතයේදී දෙහිවල ප්‍රදේශය ගලිසි කලාපයක් ලෙස සැලකුණු අතර මෙම භූමිය තුල නාදමය ශක්ති හා චුම්බක ශක්ති සමග ගැඹුරු භූමියේ විශේෂිත ශක්ති හා වායු ක්‍රියාකාරීත්වයක් පවතින බවට විශ්වාස කෙරේ . අතීතයේදී සන්නිවේදන සහ ආත්මිය සබඳතා මෙනෙහි කළ හැකි භූමියක් ලෙස භාවිතා කෙරිණි .

භූගත සන්නිවේදන කාර්යයන් උදෙසා මෙන්ම ආරක්ෂාකාරී ගමන් මාර්ග උදෙසා නිර්මාණය කර ඇති භූගත ගුහාමාර්ග සහිත කලාප ගුහ්යගම්‍ය ක්ෂේත්‍ර ( ගුහා සංයෝග කලාප ) ලෙස හැඳින්වේ.

අවශ්‍යතාවය පැවතියත් පොළොවේ සෑම ස්ථානයක් තුළම දිකු කාලීනව පවතින ලෙස උමං පද්ධති නිර්මාණය කල නොහැකිය . ඒ සඳහා විශේෂිත ශක්ති කලාප තෝරාගත යුතුය . හෙළයා රහස් සටන් හා වේගවත් ගමනාගමනය උදෙසා භූගත සන්ධි සහිත මාර්ග ජාල බිහි කලේ මෙවන් කලාප මුල් කර ගනිමින් .

දඹුල්ල ලෙන් පද්ධතිය , ආලුවිහාරය ගුහා පද්ධති හා මිතියගනේ ගුහාවන් ශක්තිමත් පර්වත ගල් සන්ධියක පිහිටා ඇත. ගුහා සංකීර්ණය තුළ විශාල ජාල වාහිනී මාර්ග සහිත බවට පැරණි තොරතුරු පවතී .හෙල යුගයේදී ආරක්ෂාව සහ භූගත රැඳීම් සහ රහස් මාර්ග සඳහාය භාවිතා විය.

වර්තමානය තුළ කිසිදු ඒ පිළිබඳ සඳහනක් නැතත් බෙල්ලන්විල භූගත කලාපයක් ලෙස සැලකේ . පෘථිවියෙන් නිකුත් වන ශබ්ද (නාද) සහ ආලෝක එක්වූ විශේෂ ශක්තියක් සහිත භූමියකි. අතීත හෙළයා මෙම කලාපය තුලදී අඳුරු මතකයන් මෙනෙහි කර ඉවත් කර දැමීම සිදු කර ඇත.

එයට අමතරව ශක්ති පද්ධති අවබෝධ කරගැනීමේ හැකියාව ලබා ගැනීම වැනි ශක්තීන් ලබා ගත හැකි යෝග ක්‍රමයන්ට එළඹුණි . විශ්වයට නාදමය පණිවිඩ යැවීමට භාවිතා කළ ස්ථානයකි.

අග්නි ශක්ති කලාප යනු පෘතුවියේ පැවැත්ම උදෙසා ඉතා වැදගත් කලාපයකි . එක් එක් සූර්ය යුගයෙන් යුගයට මෙම කලාප වෙනස් වන අතර විශ්වය හා පෘතුවිය අතර අග්නි ශක්තිය හුවමාරු වන්නේ මෙම කලාප හරහාය .

අතීත හෙළයා විශේෂිත ශක්ති ආයුධ උදෙසා බලය ලබා ගැනීම, ශක්ති උත්පාදනය උදෙසා මෙම භූමි උපයෝගී කරගෙන ඇත . කන්දකාඩු, ඇල්ලාගල්ල හා නැගෙනහිර විශේෂිත භූමි ප්‍රදේශ

ලෝකයේ පැරණි ජනාවාස වලදී විශ්වය හා ගනුදෙනු කර ඇත්තේ දිව්‍ය ප්‍රේෂණ ක්ෂේත්‍ර ( විශ්ව සන්නිවේදන කලාප ) උපයෝගී කරගෙනය . අදට ඉතුරුව ඇති තරු දොරටු පිහිටා ඇත්තේ මෙම කලාප වලය .

අතීතයේදී තාරකා ශාස්ත්‍රය තුළින් ලබා ගත හැකි දැනුම් ලබා ගැනීමටත් මෙම භූමි උපයෝගී කොටගෙන ඇත .මානිගල , පඬුවස් නුවර , අම්පාර ආසන්න ස්ථාන මේ සඳහා භාවිතා වූ ස්ථානයන්ය .

චුම්බක රේඛා, විකිරණ ක්ෂේත්‍ර. භූමිය හා විශ්වය පදනම් කර ගත් විවිධ ශක්ති වර්ග මෙන්ම බලවත් නොපෙනෙන පරාසයන්වල ජීවී කාණ්ඩ ගැවසුණු භූමි අද්‍රශ්‍ය ශක්ති ක්ෂේත්‍ර ( නොපෙනෙන බලවේග සක්‍රීය කලාප ) ලෙස හැඳින්වේ .

අතීත හෙළය තුල රෝග සුව කිරීම් , ආත්ම හෝ නොපෙනෙන ජීවින් සමග සන්නිවේදනය කිරීම , ආරක්ෂක ආවරණ නිර්මාණය, භෞතික ආලෝක පාලනය උදෙසා මෙම කලාප යොදාගෙන ඇත . මේ සඳහා ඳහන් කළ හැකි බොහෝ ප්‍රදේශ පැවැතියත් රිටිගල කඳුවැටියේ යම් කොටස් හා සමනළ අඩවියේ යම් ප්‍රදේශ ඒ සියල්ල අතුරින් ප්‍රධාන .

පෘථිවි (පස්), ජල (වතුර), තේජස් (ගිනි), වායු (සීතල වායු), ආකාශ (හිස් වාතාවරණය) ධාතු සම්බන්ධ බලශක්ති ව්‍යාප්තව පැවති ස්ථාන පංචධාතු කලාප ලෙස හැඳින්වේ .

එ අනුව රිටිගලය, මිහින්තලේ වැනි භූමියේ දැඩි සහ ශක්තිමත් ප්‍රදේශ පෘථිවි කලාප ලෙස හැඳින්වේ.

ජල ගුණය මත ජීව ශක්තිය පවත්වා ගත හැකි කලාප ජල කලාප ලෙස හැඳින්වෙන අතර මැදවච්චිය, සුදු ගඟ ප්‍රදේශ ජල ගුණයෙන් යුක්ත වේ . නව සූර්ය යුගය එළඹීමත් සමඟ ලංකාවේ බස්නාහිර ප්‍රදේශය ජල කලාපයක් බවට පත්වෙමින් පවතී.

උණුසුම සහ අභ්‍යන්තර ශක්ති සහිත කන්දකාඩු, ඇල්ලාගල්ල.වැනි භූමි ප්‍රදේශ තේජස් කලාප ( අග්නි ශක්ති කලාප) ලෙස හැඳින්වේ.

ශක්තිමත් වායු දාරා නිරන්තරව චලනව වන ප්‍රදේය වායු කලාප වන අතර නාකකන්ද, හොරගොල්ල. සහ පිටවල පතන එවැනි ප්‍රසිද්ධ භූමි ප්‍රදේශය .

නාද ශක්තීන් බහුලත්වය සහ බාධාකාරී තත්ත්වයන්ගෙන් තොර අවකාශයක් පවතින ප්‍රදේශ ආකාශ කලාප වෙයි . සමස්ත පෘථිවිය කරා ශක්ති ධාරා නිකුත් කිරීමටත් සන්නිවේදන කටයුතු උදෙසාත් මෙම භූමි වලින් විශේෂිත බලයක් ලැබේ. අතීතයේදී එවන් කටයුතු උදෙසා යොදා ගත් භූමි ප්‍රදේශ ලෙස සැළකෙන්නේ දඹුල්ල, සීගිරිය , ගුරුළුපොත යි.

චන්ද්‍ර ශක්තියේ බලය උපරිම ලෙස පොළොවට ලැබෙන ස්ථාන චන්ද්‍ර ප්‍රභා ක්ෂේත්‍ර ( සඳ ශක්ති කලාප ) ලෙස හැඳින්වේ .

අතීතයේදී රාවණ යානා බලගැන්වීම , විමාන සක්‍රීය ක්ෂේත්‍ර හා සඳට සම්බන්ධ විකිරණ උත්ප්‍රේරක භූමීන් ලෙස භාවිත කළාය. ප්‍රධානම සඳ ශක්ති කනවාපයක් ලෙස සැලකෙන්නේ ඌරුමුල්ල ප්‍රදේශයයි .

නාද හා ධ්වනි ශක්ති නිරන්තරව ඇතිවන භූමි ප්‍රදේශයන් ධ්වන්‍යාත්මක ක්ෂේත්‍ර ( ශබ්ද රැස් කලාප ) ලෙස හැඳින්වේ . අතීතයේදී බෙරගල, කොස්වැව වැනි ප්‍රදේශ නාද භාවනා සඳහා භාවිතා කළේය.

භූමිය තුළ ගැඹුරු මට්ටම්වලට සම්බන්ධ වූ විශේෂ කලාප ගූඨ-ගහ්වර-ක්ෂේත්‍ර
( අනන්ත ගැඹුරු කලාප ) ලෙස හැඳින්වේ.

අතීතයේදී භූගත ආයුධ ගබඩා, භූගත සිරගෙවල් , විකිරණ කටයුතු සිදුකෙරුණ භූමීන්, ආත්ම සංචාර වැනි ගැඹුරු මනෝ කටයුතු උදෙසා මෙම භූමි උපයෝගී කරගෙන ඇත. ගල්අමුන, රන්ගිරි දඹුල්ල භූගත මාර්ග.මිහින්තලේ කලුදිය පොකුණ ගූඨ-ගහ්වර-ක්ෂේත්‍රවේ .ං

ශක්ති කලාප යනු සරලව පැහැදිලි කිරීමට අපහසු සංකීර්ණ විෂයකි . එයට හේතු වන්නේ මූලික බෙදීමක් තුළ ශක්ති වර්ග කිරීමට උත්සාහ කළ ද බොහෝ විට ශක්ති ක්ෂේත්‍රයක් තුළ ශක්තියන්ගේ මිශ්‍රවීම් පවතී . එම ප්‍රදේශ තුලින් ලබාගත හැකි ශක්තීන් මෙන්ම සිදු කළ ගත හැකි කාර්යයන්ද වෙනස් වේ .

මෙලෙස ශක්ති දෙකක් හෝ කිහිපයක් එකට හමුවන ස්ථානයක් ” ශක්ති සංධි ” ලෙස හඳුන්වනු ලබයි . සරලව කියන්නේ නම් හෙළ පොළොව මත ගලා යන ශක්ති රේඛා එකිනෙක කැපෙන ස්ථානයන්ය .

යම් තෝරා ගත් භූමි ප්‍රදේශයක් තුළ අඳුරු බලවේග පාලනය කිරීම උදෙසා හඳුනා ගනු ලබන ” අඳුරු බල පාලන කලාප ” හඳුනා ගනිමින් භූගත සන්ධි තුළ ආරක්ෂිත ක්‍රමවේද ස්ථාපිත කරනු ලබයි .

අතීතයේදී බලගල්ලෙස හඳුන්වන විශාල හුදකලා ගල් කුට්ටි පිහිටුවා ඇත්තේ මෙම ශක්ති සන්ධි මතය . ඒ හරහා එම ගල් තුළ ශක්තිය රැස්කර ගැනීමත් අවශ්‍ය ස්ථාන කරා රැගෙන යෑමේත් හැකියාව ඇති වේ.

ශක්ති ස්නානය යන ක්‍රමවේදය තා පැරණි ක්‍රමවේදයකි . ඒ හරහා බලාපොරොත්තු වන්නේ ශක්ති භූමියක සිටීමෙන් ජීව ශක්තිය උපරිම මට්ටමෙන් වර්ධනය කර ගැනීම උදෙසා නිරෝගි බව ඇති කර ගැනීමයි . පැරැණි ආරෝපි ශාලා නිර්මාණය වූයේ මෙවැනි සන්ධි භූමි තුළය .

ශක්ති වෘත්ත (මානසික වට මාර්ග)
මෙවැනි ශක්ති සන්ධි උපයෝගී කරගනිමින් මෑත යුගය දක්වාම දක්නට ඇති විශේෂිත ක්‍රමයක් වන්නේ වෘතා කාරව ගමන් කිරීම මඟින් මනස සුවපත් කිරීමේ ක්‍රමවේදයයි .

හෙළ යුගය තුල විශේෂිත විහාර සහ මාලිගා ඉදිවී ඇත්තේද මෙවැනි ශක්ති සන්ධි භූමි තුලය .

එහිදි නියමිත භූමියක් තෝරා ගැනීමේදී ශක්තික රේඛා අතර මැද පිහිටීම.
පන්චධාතුන්ගේ සන්ධි ස්ථාන තෝරාගැනීම ,
ප්‍රධාන භූමියේ උතුරු, නැගෙනහිර ආශ්‍රිත භූමි තෝරා ගැනීම හා ජලය, ගල්, වායු සහ තේජස සමබරතාවය පවතින ස්ථානයක් වීම වැනි මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත .

ශක්ති කලාප නිසි පරිදි හඳුනාගැනීම වැදගත් වන්නේ එම කලාප වලින් ලබාගත හැකි විවිධ ශක්ති හේතුවෙනි . මානසික ශක්තිය , චුම්බක ශක්තිය , ජීව ශක්තිය , භූ විද්‍යුත් ශක්තිය , ධ්වනි ශක්තිය, අග්නි ශක්තිය , අදෘශ්‍ය ශක්ති වැනි බොහෝ ශක්තින් මෙම කලාප වලින් උත්පාදනය වේ .

පැරණි හෙළයා භූමිය තුළ පැවති මෙම විශේෂත්වයන් හොඳින් අවබෝධ කරගෙන සිටි බැවින් ඔහුන් එක් එක් කටයුතු උදෙසා භූමියේ වෙන් කොට හඳුනාගත්තේය .

රහස් ආරක්ෂණ මධ්‍යස්ථාන , භාවනා භූමීන්
, ආයුධ කර්මාන්තය, විමාන පද්ධති ක්‍රියාත්මක කිරිම , ප්‍රධානීන්ට සුදුසු භූමි , සන්නිවේදන පද්ධති පිහිටුවීම , මානසික බලය හා භෞතික ශක්තින් වර්ධනය ,
සිත බලවත් කිරීම , මනෝ චලන හැකියාව වැඩි කිරීම , ජීව ශක්තිය වර්දනය කිරීම ,
මානසින් පණිවිඩ යැවීම , යකඩ උණු කිරීම හා යකඩ ආශ්‍රිත කර්මාන්ත , පාෂාණ ආශ්‍රිත කළ නිර්මාණ හා විකිරණ ක්‍රියාකාරීත්වය තුළ සිටි කළ යුතු ක්‍රියාවන් ආදී දේ උදෙසා කටයුතු සිදුකොට ඇත්තේ මේවාට ගැලපෙන භූමි ප්‍රදේශ හඳුනා ගැනීම තුළිනි .

වර්තමානයේදී ජන බහුලත්වය හා භූමි හිඟය හේතුවෙන් ඉදිකිරීම් උදෙසා මෙම පැරණි ක්‍රමවේද සියල්ලම යොදා ගැනීම කළ නොහැකිය . එහෙත් හැකි උපරිම ලෙස තම ගෘහය ඉදිකිරීම උදෙසා ශක්ති කලාප තෝරා ගැනීම කළ යුතුය .

( මෙම ලිපියෙහි පූර්ණ කතෘ අයිතිය දීක්ෂා ගුරු කාංචන මනමේන්ද්ර සතුය . කතෘ නාමය වෙබ් අඩවිය නොමැතිව උපුටා පළ කිරීම් හෝ කොටස් උපුටා ගැනීම සපුරා තහනම්ය )

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!