හෙළ වාස්තු

වැරදුණු තැන නිවැරදි කරගන්න. හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….

මේ පැහැදිලි කිරීම ලංකාවට අලූත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ ගැඹුරු හැදෑරීමක්….

අප අලුතින්ම ගෙයක් හදන විට එම නිවස වාස්තු අනුව ගොඩ නැගීමට උත්සහ දරනවා. හැබැයි අප කොතරම් වාස්තු නිවැරදිව පවත්වාගැනීමට අදහස් කරත් අපේ කර්ම ශක්තිය මෙතනදී අපට හරස් වෙනවා.

කර්මයයි නිවසයි එකට එකතු වෙන්නේ කොහොමද ?

එය ඉතා ගැඹුරු කාරණයක් … කර්මය කියන දෙය ගැඹුරින් දකින ගුරුවරයෙක් පමණක් අවබෝධ කරගන්න කාරණයක් මේක… ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ කර්මය උදෙසා අවශ්‍ය විදවීම නිර්මාණය කර දෙන්නේ තමන් පයගසා සිටින භූමිය තුලිණුයි.

තමන් උදෙසා ගොඩ නගා ගන්නා වු නිවස කියන්නේ ජිවිතයේ හැරවුම් ලක්‍ෂයක් … මේ හැරවුම තුළින් ජිවිතයේ විදවීම උපරිම ලෙසින් නිර්මාණය කරන්න පුලූවන්… වාස්තු නිවැරදි වීම කියන්නේ කර්මය පාලනය කිරීමක් හැබැයි අපේ කර්මය ප‍්‍රබලනම් අප කොතරම් වාස්තු විද්‍යාත්මකව සැලැස්ම ඇන්දත් ටික දිනක් යන විට අපට තේරෙන්න ගන්නවා ඇත්තටම තමන් රුවටිලා කියලා …
ඒ කියන්නේ ඒ සැලැස්ම ඇදපු කෙනා ඇත්තටම නිවැරදි වාස්තු දන්න කෙනෙක් නොවෙයි කියලා… ඒ වන විට අප ගේ ගොඩනගලා ඉවරනම් එදා ඉදන් අප ඒ වාස්තු දෝෂයන් හරහා නිර්මාණය වන ගැටලූ තුළින් පිඩා විදිනු ලබනවා. මෙය සැලැස්ම ඇදපු කෙනාගේ ගැටලූවක් නොවෙයි ඇත්තටම… ඒ කර්මය අපිට දඩුවම් දෙන විදිය…
ටිකක් හිතන්න
කර්මය විසින් රුකියාව අහිමි කරන්න තියෙනවනම් නව සැලැස්ම අදිද්දී නිවසේ රැුකියාවට අදාල දිශාවේ වැසිකිලිය ස්ථානගත කරන්න ඔනේ කියලා සැලසුම් ශිල්පියාට හිතෙන්න පුලූවන් … නව නිවස හදලා පදිංච් වේච්ච ගමන් රුකියාව අහිමි වෙනවා… කර්මය කියාත්මක වෙන්නේ එහෙමයි…
තමන් විදවන කර්මය අවබෝධ කරගැනීමත් සමග ණිවසේ වාස්තු වැරදි ටික තමන්ටම පේන්න පටන් ගන්නවා….
ඇයි එහෙම වෙන්නේ………
යමෙක් කර්මයෙන් මිදෙනවනම් ඔහුට කර්මය උදෙසා විදවීම නිර්මාණය කරණ භූමි සාධකය නැත්තම් පොලව යහපත් විය යුතුයි. ඒ කියන්නේ නිවසේ වාස්තු ගැටලූ ටික විසදිය යුතුයි. හැබැයි කර්මය හැදින ගැනීම දක්වා තමන් කොතරම් උත්සහ කරත් යන්නේ හරිපාරෙනම් නොවෙයි කියන එක මම අත්දැකීමෙන්ම දැකලා තියෙනවා.

වාස්තු තුළින් කර්මය උදෙසා දඩුනම් නිර්මාණය කරනු ලබන දෙවන ආකාරයකුත් තියෙනවා.

අප වාස්තු ඉතා නිවැරදිව නිවසක් ගෙඩ නගනවා. ඒ තුළින් අප දියුණුවට පත් වෙනවා. හැමදේම යහපත්ව සිදුවෙනවා. වසර 10 / 12 පස්සේ හොදට මුදල් අතට එනකොට එක්වරම හිතෙනවා ගේ ටිකක් ලොකු කරන්න. ඉතින් තමන්ට හිතෙන විදියට කාමර කුස්සි බාත්රූම් කුලියට දෙන කාමර වගේ ගෘහ අංග ඉඩකඩ තියෙන විදියට නිවසට එකතු කරනවා. මේ සිතුවිලි හිතට එන්නේ තමන්ගේ පෙර කර්මයන් උදෙසා දඩුවම් නියම වු කාලසීමාවන් ලංවීමත් සමගමයි.
තමන් නිවසේ වෙනස් කම් ටික සිදුකරනවා. ඉන් වැඩි කාලයක් ගතවෙන්න කලින් ලෙඩ රෝග ආර්ථික ගැටලූ හෝ කර්මය විසින් දඩුවම් තීරණය වී ඇති ආකාරයෙන් අපව පිඩාවට පත්කරනු ලබනවා.

මෙය ඉතා ගැඹුරු කාරණාවක්… ගුරුවරයෙක් උවත් මෙය ඉතා සියුම්ව ලිහා ගත යුතුයි. කුමක් නිසාද යත් කර්මය හා භූමියේ ක‍්‍රීයාත්මක වීම අවබෝධකර ගැනීම එතරම්ම සරල කරුණක් නොවීමයි.

භූමිය තුළින් කර්මය උදෙසා දඩුවම් නිර්මාණය කරනු ලබන තවත් අවස්ථාවක් දැකිය හැකියි.

මහ ඉඩම් දරුවන් අතර බෙදී යාමේදි හෝ යම් කොටස් විකිණිමේදි ඉතිර් වන භූමිය විශය හැඩයන් බවට පත්වීම. භූමියක ආර්ථික ශක්තිය නිර්මාණය කරනු ලබන ස්ථානය කැපී යන සේ ඉඩමෙන් කොටසක් වෙනකර එය අලෙවි කලොත් හෝ ඉඩම් බෙදීමක් සිදුකලහොත් මුල් භූමියේ ආර්ථික ශක්තිය බිදවැටීම සිදුවෙයි. එය සිදුවනුයේ එම භූමිය හිමි පුද්ගලයාගේ කර්මය තුළින් ආර්ථිකය පිරිහිම උදෙසා දඩුවමක් ඒ මොහොත තුළ ක‍්‍රීයාත්මක වෙමින් පැවතීමයි.

මෙයට අමතර කාරණාත් තියෙනවා . ස්වාභාවික කාරණා මතින් භූමියේ හැඩය දිශාගත බෑවුම් වෙනස් වීම නිසාත් වාස්තු ගැටලූ නිර්මාණය වීම සිදුවෙනවා.

මෙතනදී කියන්න තියෙන්නේ බොහොම සරල කාරණයක් ජිවිත කාලයක් ඉන්න හදන නිවස අපේ කර්මයත් එක්ක සමපාත කරගැනීම ඉතා වැදගත්.. මොකද නිවස කියන්නේ අපේ සතුට සැනසීම මිසක් විදවීම නොවන නිසයි.
අපි නිවසේ හොදින් ගත කරපු කාලය නොවෙයි වැදගත් වෙන්නේ ගැටලූ නිර්මාණය වෙන්න පටන් ගත්තේ කවදයින් පස්සෙද කියන එකයි.

වැරදුණු තැන නිවැරදි කරගන්න .

හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….

3 4 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x