හෝම කියලා කියන්න ගින්නේ දැවීම

හෝම කියලා කියන්න ගින්නේ දැවීම.. කියන අර්ථයයි . ලෝකයේ පැරණි හැම ශිෂ්ඨාචාරයක් තුළම තිබ්බ දෙයක්.. කරන විදිය විතරක් වෙනස්…. දෙවියන් උදෙසා කරපු අග්නිය මුල් කරගත් පූජා මේ හා සමානයි.
වෛදිකයන් තුළ විශ්වාසයක් තිබ්බා දෙවියන් කරා ලගා වෙන්න පහසුම අග්නිය හරහා කියලා…. ඊට පස්සේ ක්‍රමය තමයි දූමය … හෝමයකදී අග්නිය සහ දූමය දෙකම එකට සම්බන්ධ වෙනවා .. එතකොට වඩා වේගවත්ව දෙවියන් කරා ළඟා වෙන්න පුළුවන් කියන එක වෛදිකයෝ විශ්වාස කරා…
ඒ වගේම ඔවුන් තුළ තිබ්බ තවත් විශ්වාසයක් තමයි දෙවියන් උදෙසා අග්නියකට පුජා කරන දෙය දහස් ගුණයකින් යළි තමන් කරා ලැබෙනවා කියන එක … එ නිසා හෝමයකදී සශ්‍රීකත්වය නියෝජනය කරන හැම දෙයක්ම අග්නිය තුල දවනවා ….
ධාන්‍ය වර්ග ඖෂධ වර්ග මුදල් වගේම තමන්ට අවශ්‍ය දේවල් කුඩා රූප විදියට හදලා අග්නියට යොදන අවස්ථාත් තියෙනවා.
හෝමයක් සාමාන්‍ය කෙනෙක්ට කරන්න බැහැ. මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්… ඒක උදෙසාම ප්‍රගුණ කරපු කෙනෙක් තමයි කරන්න ඕනේ… සෑම අංගයක් තුළදීම වසර ගැනීමේ විශේෂ ක්‍රමවේද තියෙනවා… හෝමයක් ආරම්භයේ සිට අවසානයක් දක්වාම මන්ත්‍ර ශාස්ත්‍රය හා සම්බන්ධයි. ඒ වගේම හෝමයකට නැකත් මුහුර්ත ගලපා ගත යුතුයි .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

