විශ්ව පිළියම්

විශ්ව පහන ඇයි විශේෂ වෙන්නේ...

විශ්ව පහන ඇයි විශේෂ වෙන්නේ… විශේෂ වෙන්න ප්‍රධානම හේතුව තමයි , ඒක දල්වන දරුවන්ගේ ජීවිතවල හිර වෙලා තියෙන පීඩාවන් බොහොමයක් නිමාවට පත්වීම …

විශ්ව පහන කියන්නේ තවත් එක් පහනක් විතරක්ම නොවෙයි.. ඒක ඇතුළෙ තියෙනවා ඉතා විශාල කරුණු කාරණා ගොඩක්….

මම කලින් ලිපියක හෝම පූජා ගැන ලිපියක් දැම්මා.. ඒකෙ දෙවියන්ට ලං වෙන්න පහසුම ක්‍රමවේදයක් ගැනත් ලියලා තිබුනා… මෙතනත් වෙන්නේ සමාන ක්‍රමවේදයක් … ඒ කියන්නේ අග්නිය හරහා දෙවියන්ට පණිවිඩ යැවීම … හැබැයි ඒකට විශේෂ ක්‍රමවේද ගොඩක් පාවිච්චි කරනවා කියන එක විශ්ව පහන දල්වපු දරුවෝ දන්නවා …

නැකත කියල කියන්නේ පාපය දුරු කිරීම .. ඒ කියන්නේ තමන්ගෙ පාපය දුරු කරපු මොහොතක තමයි , අපිට දෙවියන්ට පණිවිඩයක් යවාගන්න පුළුවන් වෙන්න…

ඊට පස්සේ පීඨය මේ කාරණාවට අතිශයින්ම වැදගත් වෙනවා … අපි දන්නවා කෝවිල මැද විශේෂිත කණුවක් තියෙනවා . ( දන්නැති අය මීට පස්සේ කෝවිලකට ගියාම බලන්න ) කෝවිලේ තියෙන වැදගත්ම තැන අන්න එතන ඒ හරහා තමයි දෙවියන්ට පණිවිඩ යවන්න… ඒ කියන්නේ හරියට රිසීවර් එකක් වගේ…. මෙතැනදී අග්නිය හරහා යවන පණිවිඩය යවාගන්න නම් අපිට පීඨය කියන එක විශේෂිත විදියට හදාගන්න වෙනවා…

ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කර්මය තාවකාලික හරි විසඳගන්න නිසා තම තමන්ගේ පාපය දුරු කරන්න පුළුවන් වෙලාවක අපේ අවශ්‍යතාවය පිළිබඳ පණිවිඩය දෙවියන්ට යැවිය යුතුයි . එක් එක් කෙනාට මේක වෙනස් නිසා පොදු වෙලාවක් තුළ මේක කරන්න බැහැ… විශ්ව පහන දල්වපු දරුවෝ ද එක අත්දැකීමෙන් දන්නවා ….

පහන කියන්නේ පංච භූත තත්ත්වය එකට ගැළපීමක්… ඒ කියන්නේ පඨවියට ආපෝ ධාතුව පුරෝලා තේජෝ ගුණය එක් කරලා වායෝ ධාතුවෙන් අග්නිය වර්ධනය කරලා අවකාශය හරහා දෙවියන් කරා ළඟා වීමක් තමයි මෙතැන වෙන්නේ ….

මේකට ලොකු කැපවීමක් අවශ්‍යයි.. තමන් තුළ හදාගන්නා ශික්ෂණයකුත් අවශ්‍යයි… ගුරුවරයා සමග කටයුතු කරන්න නම් දැඩි විනයකුත් තිබිය යුතුයි…. මේ තුන එකට එකතු උනාම බොහොම ලේසියෙන් අපේ කර්මය පරාජය කරන්න පුළුවන් ….

ඉතින් තේරුම් ගන්න….

එ නිසයි මෙයට පරමාත්මීය මනසින් දීක්ෂා දැනුමින් උපදින විශ්ව පහන කියලා කියන්නේ….

විශ්ව පහන කියන්නේ නිකම්ම නිකන් පහනක් නෙවෙයි…
ඒ නිසයි ඒක හැමෝටම දල්වන්න අවස්ථාවක් උදා නොවෙන්නෙත්….

යම් කෙනෙක් ඒක පත්තු කරොත් ඔවුන්ගේ වටා තියෙන බොහෝ ගැටලු විසඳෙනවා…

එය අත්දැකීමෙන්ම විඳිය යුතුයි….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!