විශ්ව පිළියම්

අපි කොහොමද නිවැරදි තීරණ ගන්නේ

බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි අපි කොහොමද නිවැරදි තීරණ ගන්නේ කියන එක … මෙන්න මේ කරුණු ටික ගැන හිතලා බලන්න …..
ඔබ හැමවිටම ඔබ ගන්න තීරණ පිළිබඳ සෑහීමකට පත්වෙනවද ?

නැහැ නේද , කාලයක් ගිහින් ආපහු හැරිලා බලලා ඒ ගැන පසුතැවෙනවා නේද ?

ලෝකය ඔබට පෙර පැවති අතර ඔබ නැති වී බොහෝ කලකට පසුවද පවතිනු ඇත. ඒ නිසා ඔබ ගන්නා තීරණ ගැන සිතා බැලීමට සහ කිරා මැන බැලීමට කාලය ගන්න,
යථාර්ථවාදී නොවන සහ නොගැලපෙන අල්ලා ගැනීම් ඔබට දුක් වේදනා ගෙන එනු ඇත.

යම් තීරණයක් ගැනීමේදී ඔබ කවුරුන්ද යන්න පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. එහිදී වෙන කෙනෙක් වෙනුවෙන් / වෙන අයෙකු නිසා මෙය කරනවා යැයි නොකල යුතුය .
යම් තීරණයක් ගැනීමට පෙර හැකි තරම් අතීත අත්දැකීම් සන්සන්ධනය කර ඒ අනුව සිදුවිය හැකි ප්‍රතිඵලය නිරීක්ෂණය කරන්න,

ඔබගේ දුර්වලතා සහ ආශාව විසින් නිර්මාණය කරන විෂ සහිත හැසිරීම් ස්වයංව විමර්ශනය කරන්න. ඔබේ මනසින් පෙන්වා දෙන ඔබේ දුර්වලතා පිළිගනිමින් ඔබේ තීරණය සැලසුම් කරන්න.
හැම කෙනෙකුගේම තීරණ වැරදීමට හේතුවන්නේ හැම මිනිසෙකු තුලම හොඳ හා නරක යන දෙකම පවතී යයි තීරණය නොකිරීමයි . හොඳම මිනිසුන්ද නරකම මිනිස්සුන්ද ලොව නැත යන හැඟීමෙන් ඔබේ තීරණ සැලසුම් කරන්න.

නිහතමානී හා කාරුණික තීරණ හැම විටම ක්‍රියාත්මක වන අතර ඒ තුළින් සතුටද නිර්මාණය වේ.

ආවේගය අණ කිරීම හා රැවටීම මුල් කරගත් තීරණා හැමවිටම ජීවිතයට බාධා ඇති කරනු ලබයි.

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!