ස්වර්ගයෙන් නෙරපූ දේවදූතයාගේ අදුරු මෙහෙයුම
පැරණි ගිවිසුමට අනුව සතන් නැතහොත් ලුසිෆර් දෙවියන් වහන්සේ විසින් සිදුකළ හොඳම නිර්මාණය සේ සැලකේ . සරල අර්ථයෙන් කියන්නේ නම් සියලු දේව දූතයන් අතර ඉතා උසස් ම දේව දූතයෙක් ලෙස සාතන්ව නිර්මාණය වූ බවයි . සෑම දේශපාලනික පසුබිමක් තුළ ම තමා විසින් නිර්මාණය කරනු ලබන හොඳම දෙවැන්නා විසින් පළමුවැනියාට විරුද්ධව නැගී සිටීමේ න්‍යාය මෙහිදී ද ක්‍රියාත්මක විය .
සාතන් නැතහොත් ලුසිෆර් “දෙවියන් වහන්සේගේ ප්රියතම දේවදූතයා” ලෙස ස්වර්ගයේ ඔහුගේ කොටස ගැන සෑහීමකට පත් නොවීය. ඒ වෙනුවට, ලුසිෆර්ට අවශ්‍ය වූයේ දෙවියන් වහන්සේ බවට පත්වීමට ය . දෙවියන්ව පෙරලා දමා විශ්වයේ නායකයා ලෙස භාර ගැනීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කළේය.
සරලව කියන්නේ නම් සාතන් නැතහොත් ලුසිෆර් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවේ ඔහු දෙවියන් වහන්සේගේ සහායකයෙකු ලෙස සිටීමට අකමැති වූ බැවිනි . ඔහුට අවශ්‍ය වූයේ පූර්ණ ලෙසම දෙවියන් වහන්සේගේ තත්වය ලබා ගැනීමය . නැතහොත් මැවුම්කාර දෙවියන්ගේ නාමය තමන් තුළට ගොනු කර ගැනීමය .
පැරණි ගිවිසුමට අනුව, ලුසිෆර්ගේ සැලැස්ම දැනගත් පසු, දෙවියන් වහන්සේ ඔහුව ඔහුගේ ගෞරවනීය තනතුරෙන් ඉවත් කර ස්වර්ගයෙන් නෙරපා හැරියේය . සාතන්ගේ “ස්වර්ගයෙන් වැටීම” ලෙස විස්තර කෙරෙන්නේ මෙයයි.
උත්පත්ති පරිච්ඡේදයේ සඳහන් වන පරිදි දෙවියන්වහන්සේ විසින් තම ස්වරූපයෙන්ම ආදම් මවනු ලැබිණි. ඒදන් උයන වගා කරමින් එය රැක බලා ගැනීම උදෙසා එවනු ලැබිණි. ඒ අතර තුර ඔහුට විශේෂිත රාජකාරියක් පැවරුණි . ඒ දෙවියන් වහන්සේ විසින් මවන ලද සත්ත්වයින් උදෙසා නම් ලබා දීමයි.
” තවද, දෙවි සමිඳාණන් වහන්සේ ඒදන්හි උයනේ වත්තක් රෝපණය කොට, ඔහු පිහිටුවා ඇති මිනිසා ඔහු එහි තැබී ය. ”
(උත්පත්ති 2: 8,
දෙවියන් වහන්සේ විසින් මවන ලද සෑම සත්ව වර්ගයක් තුළම ස්ත්‍රී සත්වයකු හා පුරුෂ සත්වයකු වූ අතර එය ආදම්ට තමන්ට ආදේශ කර සිතන්නට තරම් තාර්කික බුද්ධියක් නොවිය .
එයට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ දෙවියන් වහන්සේ විසින් පනවන ලද නීතියයි .
” හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුය . යම් දවසක නුඹ ඒ ගසෙන් කන්නේද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්තය ”
උත්පත්ති 2 – 17
මෙහිදී සරලව තේරුම් ගැනීමට හැකි කරුණ නම් මිනිස් මනස තුළ හොඳ හා නරක පිළිබඳ තර්කනය මුල් නිර්මාණය තුල නොපැවති බව ය . දෙවියන්වහන්සේ විසින් ආදම්ගේ තනිකම පිළිබඳ ඇති වූ හැඟීම මත ආදම්ගේ ඉල ඇටයක් උපයෝගී කොට ගනිමින් ඒව නැතහොත් මිනිස් කාන්තාව නිර්මාණය කරනු ලබයි . ඒ හරහා සත්ව යුගල අනුව මිනිස් යුගලයද සම්පූර්ණ කෙරුණු බව සිතිය හැකිය.
මේ මැනීමෙන් පසුවද දෙදෙනා අහිංසකව, පාපයෙන් තොරව, ඔවුන් නිරුවතින් හා නිර්දෝෂීව ජීවත් වූහ. ඔවුන්ගේ ශරීර හා ලිංගිකත්වය පිළිබඳව විශේෂිත හැඟීමක් හෝ ආශ්වාදයක් මතු නොවී ය.
දෙව්ලොවෙන් නෙරපා හරින ලද luzifer නැතහොත් සාතන් විසින් දෙවියන් වහන්සේගේ සියලු නිර්මාණ අවුල් කර දැමීම උදෙසා අපූරු සැලසුම ක්‍රියාවට නගන්නේ මෙහිදීය . ඒ සඳහා ඔහු තෝරා ගනු ලබන්නේ ආදම් හා ඒවා ය . දෙවියන්ගෙ නිර්මාණය අවුල් කරලීම උදෙසා මූලිකම අවශ්‍යතාවය වනුයේ හොඳ සහ නරක පිළිබඳ තර්කනය මිනිස් මනස තුලට ඇතුල් කර ලීම බව සාතන් අවබෝධ කරගත්තේය .
ආදම්ට සහ ඒවට දෙවියන් වහන්සේ විසින් පනවා තිබූ ” හොඳ සහ නරක අවබෝධ කර ගැනීමේ ගසින් පමණක් නොකා යුතුය ” යන්න බිඳ හෙළීම උදෙසා නාග වෙස් ගෙන පැමිණෙයි . නාගයකු කතා කිරීම තුළ ඒව බියට පත්වූ බවක් බයිබලය සඳහන් නොවෙයි . එයට හේතු වූයේ එකල සතුන් කතා කිරීම හෝ ඒ පිළිබඳ විශේෂ හැඟීමක් ඇති නොවීම විය හැකිය .
සාතන් ඒදන් උයනේදී ආදම් සහ ඒව තම මතයට පොළඹවා ගැනීමට උත්සාහ දරන්නේ දෙවියන් වහන්සේට සමාන බලයන් පිළිබඳ පොරොන්දුව භාවිතා කරමිනි. ගස අසලට එන ඒව හට මෙම ගසේ ගෙඩි අනුභව කිරීම හරහා තමන්ට ද දෙවියන් හා සමවිය හැකි බව සාතන් පවසයි.
“ඔබ එය අනුභව කරන දවසේදී ඔබේ ඇස් විවෘත වන බව දෙවියන් වහන්සේ දන්නා බැවිනි. , ඔබ යහපත හා නපුර දැන දෙවිවරුන් මෙන් වන්නහු ය.”
උත්පත්ති 3:1-5
සර්පයාගේ රැවටිලි බසට අසුවූ ඒව විසින් තහනම් ගහේ ගෙඩි අනුභව කිරීමත් සමගම මිනිසා පාපයට නතු වීම ඇරඹුණි . මිනිසා පාපයට නතු වීම යනු දෙවියන්ගේ පාලනයෙන් ගිලිහීමයි . දේව නිර්මාණයන් විනාශ කරලීමයි . මිනිසාගේ වැටීම ආරම්භ වන්නේ එහිදීය .
ආදම් සහ ඒව ඒදන් උයනේදි සිදුකල අකීකරුකම මිනිසාගේ වැටීම ලෙස හැඳින්වේ.වැටීම හේතුවෙන් පාරාදීසය ඔවුන්ට අහිමි විය. ඒ හේතුවෙන් ඔහුන්ව පාරාදීසයෙන් පිටුවහල් කොට පෘථිවි පෘෂ්ඨයටයට එවු බව කියවේ .
ලුසිෆර් ගේ නැතහොත් සාතන්ගේ ක්‍රියාත්මක වීමේ ආරම්භයේ සිට අද දක්වා සිදු වන්නේ වර්ධනයකි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

