සල්ලි හිර වෙලා නම් නිරිත දිහා බලන්න .
නිවසක ආර්ථිකය පවත්වා ගැනීම ඒ නිවසේ සියලු කාර්යන්හි සාර්ථකත්වයට හේතු වෙනවා . සරලවම කිව්වොත් නිවසේ ආර්ථිකය යහපත් වුණොත් තමයි ඒ ගෙදර සතුට සැනසීම වගේම දියුණුව වර්ධනයක් තීරණය වෙන්නේ ..
තමන් කරන රැකියාව මොකක් උනත් ඒ රැකියාවෙන් ලබන ආදායම නිසි ලෙස නිවසේ කටයුතු සමග කළමනාකරණය කරගන්න පුළුවන් උනොත් විතරයි හැමදේම යහපත්ව පවත්වා ගන්න පුළුවන් …
මම මේ දැන් කියන්න හදන කරුණ හැම කෙනෙක්ටම අදාල නැහැ . වාස්තු ශාස්ත්‍රය පිළිගන්න අයට විතරයි මේක වැදගත් වෙන්නේ …
නිවසක ආර්ථික ශක්තිය වර්ධනය කිරීම උදෙසාත් ඒ ගෙදර ඉතුරුව පවත්වා ගැනීම උදෙසාත් ප්‍රධාන ලෙසම බලපාන දිශාවක් තමයි නිරිත දිශාව කියලා කියන්නේ … හැම විටම නිරිත දිශාව ශක්තිමත්ව හා පිරිසුදුව පැවතිය යුතුයි .
නිරිත දිශාවේ පවතින ගෘහ අංග මත තමන්ගෙ නිවසේ ආර්ථික ශක්තිය බිඳවැටීම සිද්ධ වෙනවා. . ඒ අතර ප්‍රධාන වශයෙන් වැසිකිළිය වැසිකිලි වල හා කුස්සිය පිහිටා තිබුණහොත් ගෙදර ආර්ථික ස්ථාවරත්වය බොහෝ අඩුයි . මේක හොඳටම අත්දැකීමෙන් බලන්න පුලුවන් තැනක් තමයි කුලියට යන නිවාස වලදී මේ ආකාරයෙන් පිහිටලා තියෙන නිවසකට ආපු ගමන් තමන්ගේ ආර්ථිකය බිඳ වැටෙන්න පටන් ගන්නවා .
අනිත් කාරණාව තමයි . ආර්ථිකය වර්ධනය කර ගැනීම උදෙසාත් ඉතුරුම් වැඩි කර ගැනීම උදෙසාත් මෙම දිශාව තුළ ස්ථානගත කරන්න පුළුවන් ප්‍රධානම අංගය තමයි නිදන කාමර … එහිදීත් පුංචි ගැටලුවක් තියෙනවා . කාමර ස්ථානගත කිරීම බොහොම කල්පනාවෙන් කළ යුතුයි . ඒ කියන්නේ ගෙදර ඉන්න හැම කෙනාටම මේ පැත්තේ කාමරේ හොඳ නෑ කියන එක ..
තමන්ගෙ ගෙදර ඉදිකරලා ඉවරනම් නිරිත දිශාව තියෙන අසුභ දේවල් වලට මොකක්ද කරන්න පුළුවන් කියන එක ඕනෙම කෙනෙක්ට මතුවෙන ගැටලුවක් … සරලවම කරන්න පුළුවන් දේ තමයි කඩලා වෙනස් කරගන්න එක … ඒත් ඉතිං ඒක කියන එක පහසු වුණාට කරන එක පහසු නෑ .. ඒ උදෙසා අධික වියදමක් දැරිය යුතු වගේම නිවසක ගෘහාංග ස්ථානගත කරාට පස්සේ ඒවා වෙනස් කරන එක පහසු දෙයක් නොවෙයි …
පිරමීඩ භාවිතයෙන් කැඩීමකින් බිඳීමකින් තොරව දෝෂ මගහරින ක්රමවේදයකුත් තියෙනවා . ඒක ඇත්තටම සීයට සීයක් සාර්ථක ක්‍රමවේදයක් … ඒ වගේම තමයි පහසුවෙන් කරන්නත් පුළුවන් … එහිදී සිදුවන්නේ ගෘහ අංග වෙනස් කිරීම වෙනුවට ශක්ති වෙනස් කිරීමක් …
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
