දීක්ෂා ගුරු මග

‘අ’ කාරය වෛදික සාහිත්‍යයේ ජීවයයි . . .

අක්‍ෂරාණාමකාරො ස්මි ද්වන්දවඃ සාමාසිකස්‍ය ච
අහමේවාක්‍ෂයඃ කාලෝ ධාතාහං විශ්වතෝමුඛඃ

සිංහල හෝඩියේද සංස්කෘත හෝඩියේද මුල් අකුර අ යන්නය.

වෛදික සාහිත්‍යයේ ආරම්භය නැතහොත් නැතහොත් සකල විද ශබ්දයන්හි ආරම්භක අක්ෂරය ලෙස වෛදිකයා සලකන්නේද අ යන්නයි.

එසේනම් ආරම්භක ශබ්දය ඕම් යැයි පවසන්නේ කෙලෙසකදැයි කියා ගැටලූවක් මතුවනු ඇත .

වෛදිකයාට එය ගැටලූවක් වුයේ නැත .

ඕම් යන්න තනි ශබ්දයක් ලෙසින් වර දැක්වුවද වෛදිකයා මෙය ශබ්දය මුකයේ තැන් තුනකින් උපදින ශබ්දයක් බව තේරුම් ගත්තේය.

ඒ අනුව ඕම් යන්න උත්පත්ති මුලය අනුව අ වු ම් යන්නෙන් බෙදා දැක්විය.

සමස්ථ වෛදික සාහිත්‍යයේ ජිවය අ යන්න වන්නේ එලෙසින්ය.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

error: Content is protected !!