පරශූරාමගෙන් ජීවිතය ඉගෙන ගන්න
මම මේ කතාව කලිනුත් කියලා තියෙනවා….
මට හිතුනා මේක ආයිත් කියන්න ඕනේ කියලා…
පරශුරාම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකක්….
පරශුරාම ගේ පියා තමයි ජමාග්නි කියන සෘෂිවරයා..
ජමාග්නි කියන එකේ අර්ථය තමයි බුර බුරා නැගෙන ගින්න කියන එක…
කොහොම හරි මේ සෘෂිවරයා ප්‍රබල ධ්‍යානයකට සම වැදෙනවා.
ඔහුගේ ධ්‍යානයට පරශුරාමගේ අම්මාව බාධාවක් බව ඍෂිවරයාට හැගෙනවා.
ඍෂිවරයා පරශුරාමට කියනවා තමන්ගේ ධ්‍යාන වැඩීමට ඇය බාධාවක් ඇයව මරා දමන්න කියලා…
පරශුරාම තම පියා වූ ජමාග්නි සෘෂිවරයාගේ ඉල්ලීමට අනුව තම මවව මරා දමනවා.
සෘෂිවරයා තම ධ්යානය සම්පූර්ණ කර ගන්නවා.
ඉන්පසුව එය සම්පූර්ණ කරගැනීමට පුතාවු පරශුරාම උදව් කළ නිසා ඔහුට වරයක් ඉල්ලන්න යැයි පවසනවා.
ඉතින් පරශුරාම වරයක් විදියට ඉල්ලනවා තමා මරා දැමූ මවට ජීවය ලබා දෙන ලෙස…
සෘෂිවරයා ඇයට ජීවය ලබා දෙනවා….
ඉතින් හිතන්න.
අප ජීවිතය තුළ ගන්න තීරණ කොතරම් බුද්ධිමත්ව ගත යුතුද යන්න.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

