ජීවිතය දිනන්න නියම මග

පූර්ණ ජීවිත විග්‍රහය , කර්ම ඵල විග්‍රහය ….. මේ දෙකෙන්ම කෙරෙන්නේ තම විඳවීමට හේතුවන පෙර කර්මය හඳුනාගෙන එය පාලනය කරන වැඩපිළිවෙලකට මඟ කියා දීමයි.
මෙහෙම කියපු ගමන් බොහෝ අයට හිතෙන්නේ මෙය ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් කියලා… මොකද ලංකාවේ බහුතරයක් තියෙන එවැනි දේවල්නේ ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක පෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ … දවස් විසි එකේ බෝධි පූජාවල් .. උදේට උදේට දේව පූජාවල් …. ඔය වගේ දේවල් තමයි වැඩිපුර ලංකාවේ කෙරෙන්නේ …..
කර්මයට පිළියම් යෙදීම කියලා කියන්නේ තම විද වීම පාලනය කරලා භෞතික සංවර්ධනය ඇති කිරීමේ ක්‍රමවේදයක් ….
මම හැමදාම කියන වචනයක් තියෙනවා ,
සතුට ඉල්ලන කෙනාට අවශ්‍ය වෙන්නේ සතුට ….
නිරෝගිභාවය ඉල්ලන කෙනාට අවශ්‍ය වෙන්නේ නිරෝගීභාවය..
ජීවත් වීමේ මාර්ගයක් අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙන්නේ ජීවත් වීමේ මාර්ගයක් …..
අනාගතය ජය ගන්න ඕන කෙනාට අවශ්‍ය වෙන්නේ නිසි මාර්ගයක්…..
ඉතිං ඒ ඒ කෙනා ඉල්ලන දෙය වෙනස් …. ඒ ටික ඔක්කොම පැත්තකින් තියලා ඒ අයට ආධ්‍යාත්මික සංවර්ධනයට මග පෙන්නුවොත් එය නිවැරදිද ?
නැහැ , දීක්ෂා මග කියන්නේ අන්න ඒ අවශ්‍යතා නියමාකාරයෙන් අවබෝධ කරගෙන නිසි මඟ කියා දෙන ක්‍රමවේදයක්….
මම පුංචි උදාහරණයක් කියන්නම් , සති තුන හතරකට කලින් සාමාන්‍ය පෙළ කරපු දරුවෙකු කර්මඵල විග්‍රහයක් උදෙසා ආශ්‍රමය ට පැමිණියා . ඔහුගේ පෙර කර්මය අවබෝධ කර දී ඔහුට පිලියම් ලබාදුන්නා. ඔහු පළමු පිළියම් අවසන් කර පසුගිය දිනක දෙවන පිළියම් සඳහා පැමිණියා . ඔහු මෙන්න මෙහෙම දෙයක් කිව්වා .
” ගුරුතුමා පිළියම් කරගෙන යද්දී මට ලෝකයේ ප්‍රධානම පෙලේ පිළිගැනීමක් සහිත ලක්ෂ තිහකට වඩා වටින උපාධියක් හදාරන්න ශිෂ්‍යත්වයක් හම්බුනා . මම ගෙවන්න ඕනේ ලක්ෂ හතර මාරයි . එය credit 8000 කටත් වඩා වටින ඩිග්රියක් …. මම විශ්වාස කරනවා මේ පිළියම් නිසා තමයි මට ඒක ලැබුණේ කියලා ”
කර්මයෙන් මිදීම කියලා කියන්නේ අන්න ඒකට…. ඔහු තවම ඉගෙන ගන්න දරුවෙක්… ඔහුට අවශ්‍ය වෙන්නේ ජීවිතය දිනන්න නියම මගක්……
දීක්ෂා ගුරුවරයකු කියලා දෙන්නේ අන්න ඒ මාර්ගය..
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

