හෙළ නාමකරණය

ඔබේ නම බලවත් නමක් ද ?


ටිකක් හිතන්න මම මේ කියන කාරණාව ගැන … ඔබේ දරුවෙක්ට හෝ ඔබ දන්නා කියන කෙනෙක්ගේ දරුවෙක් ඉපදුණාට පස්සේ ඒ දරුවට නමක් හදාගන්න යම් ශාස්ත්‍රවේදියෙක්ගෙන් සුභ අකුරක් ඉල්ලුවාම සිංහල හෝඩියේ අකුරු වලින් භාගයක්ම දෙනවා අකුරු වලින් එකකින් යොදා ගන්න කියලා …. මම මේ කියන දේ ගැන ඔබලට ඕන තරම් අත්දැකීම් ඇති …

ඇත්තටම එහෙම එච්චර අකුරු ගොඩක් සුභ වෙන්න පුළුවන්ද ?

ඇත්තටම එහෙම වෙන්න බැහැ .. ඒකත් ශාස්ත්‍රය තුළ වරද්දපු තැනක් … ශාස්ත්‍රය හරියට දන්නැති අයට තියෙන අත්පොතක් තියෙනවනේ … ඒකෙ මොකක් හරි අකුරක් දෙන්න ක්‍රමයක් ලියලා දීලා තියෙනවා … ඉපදුණු දවසට අනුව අකුරු පහ හයක් , ඉපදුනු ලග්නයට අනුව තවත් අකුරු පහ හයක් , උපන් නැකතට අනුව තවත් අකුරු පහ හයක් මේ දේවල් ඇත්තටම පොදුවේ භාවිතා කරන්න දල දීපු ක්‍රම විතරයි .
ඒක බොහොම සරලවම පොදු රාහු කාලය වගේ … ඇයි මං පොදුරාහු කාලයක් ගැන කිව්වේ .. ඒකත් මං මෙතැනදී පැහැදිලි කරන්නම් එතකොට මං මේ කියන දේ වරද තේරේවි … පසුගිය සදුදා පොදු රාහු කාලය 7:30 – 9:00 අතර කියලා තමයි පිළිගැනීම ඒවගේම උදේටයි රෑටයි දෙකටම මේ වෙලාව අදාලයි කියලා පොත්වල තියෙනවා . ඇත්තටම එදා රාහු කාලය උදේ 7.48 යි 9.15 අතර තියෙන්නේ .. එය රාත්‍රි කාලයට අදාළ නැහැ. එතකොට රාහු කාලය නමයට ඉවරයි කියලා නමයයි දහයට විතර ක් සුභ වැඩක් ආරම්භ කළොත් මොකද වෙන්නේ …. ඒ වගේම රාත්‍රී කාලය තුළ රාහු කාලය තියෙනවා කියලා හිතාගෙන වැඩක් මුල පුරන්නෙ නැතුව හිටියොත් ඒත් එතන මොකද වෙන්නේ … මෙන්න මේකම තමයි මේ නම් වලට අකුරු තේරීමේදීත් වෙන්නේ…
පොදු ක්‍රමවේදය කියන්නේ හැම විටම හරිම ක්‍රමවේදය නෙවෙයි .. නාමකරණය සම්බන්ධයෙන් නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි .. අපි අහලා තියෙනවා සිදුහත් කුමාරයා ඉපදුන වෙලාවේ බමුණන් එකසිය අටක් ඇවිල්ලා දුන්නේ එක නමයි … අද කාලේ උනානම් එකසිය අට දෙනා අකුරු ලයිස්තු කීයක් දෙයිද ? අනිත් එක තමයි , එතනදී යෝජනා කරන්නේ අකුරක් නෙවෙයි නමක් … ලෝකයටම යහපතක් කරන්නා කියන අර්ථයෙන් සිද්ධාර්ථ කියලා නම තබනවා ..

මම මේ කියපු කාරණාව හා බුදු දහම තුළ තියෙන ඒ සංකල්ප රූපය ඇතුලේ තියෙන ගැඹුරු කරුණ තේරුම් ගන්න … හොඳම නම කියන එක නිර්මාණය වෙන්නේ කරුණු කාරණා බොහොමයක් එක්ක… බමුණන් එකසිය අටක් ඇවිල්ලා හැම දෙනාම විග්‍රහ කරලා එක නමක් තෝරා ගන්නවා … ඒක තමයි සුදුසුම නම… ඒ වගේම ඒක ාස්ත්‍රය දන්න ඒ අය විසින්ම සකස් කරනවා…..

හැබැයි වර්තමානෙදි වෙන්නේ ඒකද ? එහෙමනම් සුභ අකුරු කියලා හෝඩියේ තියෙන අකුරු වලින් ාගෙකටත් වැඩි ප්‍රමාණයක් නිර්දේශ වෙන්නේ කොහොමද ? ඒ වගේම ශාස්ත්‍රවේදියා විසින් කළ යුතු නම පටබැඳීම දෙමව්පියන් විසින් කරගැනීම උදෙසා බාදීම ප්‍රායෝගික ද ? මේ හැම දෙයක්ම වැරදියි . බොහෝ වෙලාවට පුද්ගලයෙක්ට සුබ වෙන්නේ එක අකුරක් විතරයි . බොහොම කලාතුරකින් අකුරු දෙකක් තුනක් සුභ වෙන වෙලාවල් තියෙනවා . ඒත් ඒක බොහොම කලාතුරකින්… ඒ වගේම ඒ අකුරු මුල් කරලා හිතට එන මොකක් හරි නමක් පට බඳින්න බැහැ .. ඒ නම ශාස්ත්‍රීය වශයෙන් බොහෝ කරුණු කාරණා සමග ගැලපිය යුතුයි . ටිකක් හිතන්න . ලයිට් එකක් තිබුණට පත්තු වෙන්නේ නැහැනේ.. ඒක පත්තු වෙන්න නම් තව කරුණු බොහොමයක් එකට ගැලපෙන්න ඕනේ … ඒ වගේම තමයි අකුරක් තිබ්බ පලියට බලවත් නමක් ගොඩනැගෙන්නේ නැහැ … ඒ නම බලවත් වෙන්න නම් තව බොහෝ කරුණු කාරණා එකට බැඳෙන්න ඕනේ….

නමක් දාගන්න එකනම් හැමෝටම කරන්න පුළුවන්… හැබැයි බලවත් නමක් පටබඳ ගන්න එක නම් හැමෝටම කරන්න බැහැ . හැමවිටම උත්සාහ කරන්න තමන්ට වගේම තමන්ගෙ දරුවන්ටත් බලවත් නමක් පට බැඳගන්න …. පොදු දේ පොදුවටම තිබෙද්දෙන් කිසිදු විටෙක පොදු දේ පෞද්ගලික කරගන්න යන්න එපා .

නාම ඵල විග්‍රහය තුළින් ඔබේ නම ගැන තියෙන ගැටලු හැම දෙයක්ම නිරාකරණය කරලා දේවි …

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

error: Content is protected !!