රාවණ වංශිකයෝ

රාවණ රජුගේ ඇදහීම මොකද්ද ?


රාවණ රජුගේ ඇදහීම මොකද්ද ?
මේක ගොඩක් අයට තියෙන ප‍්‍රශ්ණයක්…

රාවණ ශිව භක්තිකයෙක් කියනඑක පොදු මතයනේ…. ඒ එක්කම අලුත් අදහසක් මතුකරගෙන යනවා රාවණ රජු කියන්නේ බෞද්ධයෙක් කියන එක … මේ මතයට හේතු වෙන්නේ පසුකාලීනව ලියැවුණු මහායානික ලංකාවතාර සූත්‍රයේ රාවණ කියලා කෙනෙක්ට මෙය කිව්වා කියලා සඳහන් වෙලා තියෙන එක …
එම මත හැම එකක්ම වැරදියි….

රාවණ කියන්නේ සොබාදහමේ විද්‍යාව නැතහොත් මේ විශ්වයේ ශක්ති මුලයන් වන්දනා කල කෙනෙක්….
ගස් ගල් තුළ ඉන්න දෙවියන් ඔහු දැක්කා…

ශිව කියන සංකල්පය ඒ තුළට එක් වෙන්නේ ඒ හරහායි…

සොබාදහම දකින කෙනා ඉරට වදිනවා ඉරට වදින කෙනා ශිවට වදිනවා… ශිවට වදින කෙනා ඉබුල් ගසට වදිනවා…

මෙය නොදන්න කෙනා කපු කර්මාන්තය ශිවට සම්භන්ධ කරලා නුතන කපු කවි රාවණගෙන් නතර කරනවා….
ජලයේ ගැඹුර මතුපිටින් දකින්න අමාරුයි…. පෙන්නේ බොරු පතුලක් විතරයි….

රාවණ දෙවියන් සුර්ය නමස්කාරය කලේ කොනේෂ්වරම් හි දැනට නුගගසක් ඇති ස්ථානයට පහලින් මුහුද අයිනේ කරවටක් ලුණු වතුරේ බැහැලා ….
( සාමාන්‍යයෙන් කරදියේ බැහැලා වන්දනා කරන් නැහැ . ඒත් ඇයි මෙතනදි රාවණ රජු එහෙම කළේ කියන එක මම වෙනම ලිපියකින් ලියන්නම් . ආශ්‍රමයට ආපු දරුවන්ට නම් ගුරුවරයා දුන්න එක් පිළියමක් ගැන මතකයට එන්න ඕනේ )

ලංකා පුරයට හිරු දෙවියන් උදාවෙද්දී මුලින්ම දර්ශණය වන ස්ථානයේ පිහිටි ශිව දේවොල තමයි තිරුකොනේෂ්වරම් කියලා කියන්නේ…..

“ඐෂ්ටෝත්තරශතන් දේවඃ සූර්යඃ පරමෝ ශිවඃ ।
ලෝකසාක්ෂී ජගත්තාතා භාස්කරඃ පරමෝ විභුඃ ॥”

දේවවරු සිය දහස් ගණනකට සම සූර්ය දෙවියන්ගේ පරම ශක්තිය ශිවය.
සියලු ලෝකයන්ගේ සාක්ෂිය, විශ්වයේ පිතෘත්වය ආලෝකය උපදවන භාස්කර්යාගේ පරම ශක්තිය ශිවයි .
යජුර් වේදයට අනුව සූර්යයා වැඳීමේදී බලයක් වෙනුවෙන් ශිවටත් වැඳීම කළ යුතුය.

“නමඃ සූර්යය ශංකරාය නමඃ ।”

සූර්ය ශංකර දෙවියන් මා වන්දනා කරමි .
එ නිසයි රාවණ දෙවියන් සුර්ය නමස්කාරයට තිරුකොනේෂ්වරම් තෝරගන්නේ ………

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!