තරු වළල්ල

ඉණි මගට පයින් ගැසීමට පෙර සිතන්න

මා මේ කාරණය ගැන වරින් වර අත්දැකීම් ලියා තියෙනවා..

සිංහල අපිට හැමදේම බොහොම ඉක්මණින් අමතක වෙනවා ඒ අමතක වීමම තමයි නිවසක් ගමක් රටක් විදියට අපි පස්සට යන්නට මේතුවක් වුනේ…

අද සිදුවීම….

අද ආශ‍්‍රමයේදි නිමිත්තක් බලන්න ආපු දරුවෙක්ගෙන් කියවුණු වචන කිහිපයක් නිසා මෙය යළිත් ලිවිය යුතුයි කියලා හිතුණා.

මහත්තයා මම ඔබතුමා හමුවෙන්න වසර කිහිපයකට කලින් ආවා. ඒ වෙලාවේ මම ව්‍යාපාරයක් පටන් අරගෙන බොහොම ගැටලූ ගොඩකට මැදිවෙලා හිටියේ . ඔබතුමා මගේ විදවීමට හේතුව කියලා දීලා පිළියම් ටිකක් දුන්නා. මම ඒ පිලියම් පටන් ගත්තා. පිලියම් පටන් ගත්තා විතරයි මට …………..

ආයතනයෙන් රුකියාවකට එන්න කිව්වා. හොද පඩියකට මම ගොඩක් කාර්ය බහුල වුණා… අග නගරයෙන් ගෙයක් ගත්තා . වාහනයක් ගත්තා . මම පැය 24 ම බිසී වුන හින්දා පිලියම් දිගට කර ගන්න බැරිවුණා. පිළියම් කරන්න වෙලාව නැති වුණා.

ඉතිං

මට ආයිත් පිළියම් පටන් ගන්න හිතෙනවා.
දැන් රස්සාව හොදින් කෙරෙනවද ?
එ ආයතනය වැහුවා.
දැන් ආයිත් ඔක්කොම හිරවෙලා…….

කලින් සිදුවීමක්..

ආශ‍්‍රමයේ වැඩ කටයුතු නොකරන හවසක කාන්තාවක් අඩාගෙන ආශ‍්‍රමයේ ගේට්ටුවෙන් දුවගෙන ආවා . අඩාගෙන ආපු කෙනෙක්ව එකවරම හරවා යැවිය නොහැකි නිසා විස්තර ටිකක් කථා කරා…

පෙර තරුණයා වගේම අපුරු කථාවක් කිව්වා.

මම මහත්තයා ගාවට අවුරුද්දකට විතර කලින් ආවා. මගේ මල්ලි රටටම ණය වෙලා අපිට ඔලූව උස්ස ගන්න බැරිව හිටියේ.. මට ඔබතුමා දුන්නු පිලියම් ටික කරාට පස්සේ මම චැනලින් සෙන්ටර් එකක් පටන් ගත්තා. මට හොදට සල්ලි ආවා. මල්ලිගේ ණය ඔක්කොම ගෙවලා දාලා එයාට ගෙයකුත් අරන් දුන්නා.

එක පාරටම ඔක්කොම එකපාර ගල් ගැහුව වගේ නතර වුණා. දැන් චැනලින් සෙන්ටර් එකට එක ලෙඩෙක්වත් එන්නේ නැහැ.
ඔබේ පිලියම් ඉවරයි කියලා මම කිව්වද ?

නැ මහත්තයා මට පිලියම් කරගන්න එන්න වෙලාවක් තිබ්බේ නැහැ.

මම එහෙන් සල්ලි ගත්තා මෙහෙන් දුන්නා . මෙහෙන් ෂල්ලි ගත්තා එහෙන් දුන්නා.මට පිලියම් කර ගන්න වෙලාවක් තිබ්බේ නැහැ.

එකත් එහෙමද?

ඔබට වහලයට නැග අවට සිරි නැරඹිය හැකිය.
එය ඉතා මනරම්ය . ආශ්වාදජනකය .
එහෙත් ඔබ වහලයට ගොඩ වන විට ඉණි මග කකුලෙන් තල්ලූ කර පෙරලා දැමුවොත්………
එ ආශ්වාදය ඉක්මණින් වියකී යනු ඇත .

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

error: Content is protected !!