හෙළ නැකත්

අනුන්ගේ ඇඳුමෙන් උජාරුවට සැරසෙන්නට පෙර සිතන්න


විවාහ පත් වන දරුවන්ට සිය මංගල දිනය පිණිස මංගල සලූපිලි අදින්නට නැකතක් සදා දීම දෛවඥ මහතාගේ නැකැත් සැදීම අතර ප‍්‍රධාන වේ

ශාස්ත‍්‍රයේ මෙය දක්වන්නේ අලූත් ඇඳුම් ඇගලෑම පිණිස වන නැකත ලෙසය.

දෛවඥ මහතා වෙහෙස මහන්සියෙන් සර්වතෝභද්‍රව ඊිට නැකැත් ශුද්ධ කර දුන්නද අද කාලයේ බොහෝ යවතිපතින් තම මංගල දිනය සඳහා බොහෝ විට අදින්නේ අලූත් ඇඳුමක්මද ලොකුවට පෙන්නා පුංචියට කපන කේක් ගෙඩිය විසි තිස් දහසකි .

පෙර රූප පසු රූප මේ සියල්ලටද ලක්ෂදෙක තුනක් යති.

අසුවලාගේ දුවට පුතාට නොදෙවෙනි වන්නට අසුවල් අකාරයට අපිත් මගුල් කන්ට එපැයි බැරි උනත් දෙමාපියන්ද සිතති.

එහෙත් කිසිඳු මනාල ඇඳුමක් උඩරට නම් එය කුලූදුලේ අදිනවා යන්නට සිතන්නටවත් පුලූවන්ද මනාලියද එසේමය.

පෝරුව දහසක් දෙනා නැග බැස ඇති ඒත් එක් වරක්වත් දොස් පහ නොකල පෝරුය.

කිරි ගසකින් සෑදීම තියා සාම්ප‍්‍රදායිකත්වයවත් රකින්නට කිරි අත්තක් එහි එල්ලා නැත.

මේවා ගැන සිතිය යුත්තේ මංගල දිනයේන් පසු නොව ඊට පෙරාතුවය.

දරුවනේ හොදින් සිතන්න

අදින ඇදුමේ හා පොරුවේ නැවුම් බව ගැන

චාරිත‍්‍ර ටික නිවරදිවම ඉටු කරගන්නා විදිහ ගැන

විවාහයට පෙර යුවතිපතින් උදෙසා සපුරා ගත යුතු ශරීර රැකවරණ ගැන

විවාහයේ හෙළිනොකල යුතු බොහෝ දේ හැමට ප‍්‍රසිද්ධ කරවීම ගැන

එවිට ලස්සන වේවී විවාහ දවස විතරක් නොවේ

ඉන් පසුවත් හැමදා ජීවිත

ශබ්ද විද්‍යා විශාරද
ශාස්ත‍්‍රවේදිණි
නදීකා චමාලී පනාගොඩ

error: Content is protected !!