කුණ්ඩලීණියට පංච භූත වශියක් අවශ්‍ය ඇයි ?

කුණ්ඩලීණි චක්‍ර භාවනාව මග පෙන්වීම් ලිපිටික ලියන්න පටන් ගත්තට පස්සේ ලංකාවේ බෞද්ධ භාවනා ගුුරුවරයෙක් මට කතා කරලා මෙන්න මෙහෙම දෙයක් කිව්වා.
” භාවනාවට පංච භූත වශියක් අවශ්‍ය නෑ. භාවනාව කියන්නේ මනස දියුණු කිරිම මිසක් එයින් එහාට ගිය දෙයක් නොවෙයි. ”
මම එයාට දුන්නේ මගේ ගුරු මට දිපු සරල උත්තරයමයි.
මට හිතුනා මේ ප්‍රශ්ණය ඔය ගොල්ලන්ටත් ඇති කියලා ඉතින් මම පැහැදිලි කරන්නම්.
අපේ ශරිරය වගේම මනසත් නිර්මානය වෙලා තියෙන්නේ පංච භූතයන්ගෙනුයි.
අපි ශරිරය කියන එක පැත්තකින් තියමු. හැබැයි අපේ අපේ මනෝ භාවයන් මෙන්න මේ ලෙසින් පංච භූතයන්ගේ පාලනයට නතු වෙනවා.
ආපෝ – බිය
තේජේ – කලබලකාරිබව
වායෝ – දුක
පඨවි – කරදර
අකාශ – කෝපය
එයට අමතරව අපේ හැගීම්ද පංච භූතයන්ගේ පාලනයට නතු වෙනවා.
එය සරලව කිව්වොත් මෙහෙමයි.
ආපෝ – බුද්ධිමත්බව
තේජේ – ආදරය
වායෝ – අන් අය මත රැදිම
පඨවි – ඉව
අකාශ – මානුෂිය බව
ඉතින් අපි භාවනාවට පිවිසෙද්දීම මේ කියන කාරණා පාලනය කර නොගත්තොත් අපිට අපේ මනස පාලනය කර ගන්න බැරි වෙනවා.
දීක්ෂා ගුරුවරෙයෙක් කථා කරන්නේ තම අත් දැකීම් වලින් ලබන දැණුමෙන් විතරයි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
