සුභ අතර මඟ නවත්තගන්න එපා

මේක නැවත නැවත කියන්නේ සතියකට සැරයක්වත් මේක තේරුම් නොගත්ත දරුවෙක් කතා කරන හින්දා …..
විශ්ව පහන කියන්නේ ඒක දල්වන කාලය තුළ තමන්ගේ ජීවිතය වටා තියෙන හැම ගැටළුවකටම ටිකෙන් ටික විසඳුම් ලබාදෙන ක්‍රමවේදයක් …
ඒ වගේම ඒ කාලය තුළ තමන්ගෙ හිතට හිතාගන්න බැරි සහනයක් රැගෙන එන ක්‍රමවේදයක් ….
හැබැයි කියන්න අවශ්‍ය දේ තමයි .. ඒ සහනය දිගින් දිගට පවත්වගන්න නම් පහන දීපු කාලය ඉවර වුණාට පස්සේ ඒය නවත්තලා දානවා වෙනුවට යළි නැකත් හදාගෙන දිගට දැල්වීමයි වඩා සුදුසු ….
විශ්ව පහන දල්වන කෙටි දින ගණනින් ඒ කාලෙ ඇතිවෙච්ච සුභ තත්වය ජීවිත කාලෙටම තියාගන්න නම් අමාරුයි….
ඒක තේරුම් ගන්න…
යමක් සුබවාදී වුණාම ඒ තත්ත්වයම පවත්වා ගැනීම පහසුයි…
යළි පහතට වැටුනම යළි මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා….
අසනීප උනාම බෙහෙත් බීලා ඒක අතහැරලා දාලා යළි අසනීප වුණාම බෙහෙත් බොන එකයි… විශ්ව පහනයි සමාන කරන්න යන්න එපා…
හැමදාම බිමට බහිනවයි යලි පළමු පඩියට නගිනවයි… යළි බිමට බහිනවයි … මේක හැමදාම කරන්න එපා…
පඩියෙන් පඩිය උඩට නගින්න හිතන්න…..
අනිත් දේ තමයි ,
ගෙයක් ඇතුලේ පරිසරය ශක්තිමත් කරන්න සැමියා හා බිරිඳ යන දෙන්නගෙම ශක්තිය එක හා සමානවම සුභ කරගන්න ඕන…
දෙන්නා දෙමහල්ලන්ගේ නොගැලපීම් තියෙන්න පුළුවන් හැබැයි පවුලක් විදියට විඳවන එක අඩු කරගන්න නම් දෙන්නගෙම තියෙන විදවීම් යම් මට්ටමකට හෝ අඩු කරගන්න එක හොඳයි…
අඩුම තරමින් එක ගේ ඇතුලේ දෙන්න වෙන වෙනම හරි සතුටින් ඉඳීවි….
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

