දෙවියන් හා යාවීමේ වේගවත්ම මාර්ගය `` විශ්ව පහන ``

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාර සියල්ලේම පාහේ පහන් දැල්වීම සංකේතාත්මක භක්තියක් ලෙස සලකනු ලැබේ, කෙනෙකුගේ ජීවිතයට ආලෝකය ගෙන ඒම, දිව්‍යමය ආශිර්වාදවලට ආරාධනා කිරීම සහ දෙවියන් කෙරෙහි ගෞරවය නිහතමානිකම ප්‍රකාශ කිරීම මෙහි මූලික අර්ථයයි .
පහන් දැල්ල දිව්‍යමය පැවැත්ම සංකේතවත් කරයි; මූලික වශයෙන්, එය දිව්‍යමය සොභාවයට සමීප වීම සහ තම ජීවිතයෙන් සහ වටපිටාවෙන් අන්ධකාරය දුරු කිරීමට ඇති ආශාව ප්රකාශනය කරනු ලබයි .
ආලෝකය තුළින් දැනුම, ප්‍රඥාව සහ යහපත්කම නියෝජනය කරයි. අන්ධකාරය තුළින් නොදැනුවත්කම සහ නිෂේධාත්මක බව නියෝජනය කරයි.
පහනක් දැල්වීම දෙවියන් කෙරෙහි ඇති කැපවීම සහ ගෞරවය පෙන්නුම් කරන භෞතික ක්‍රියාවකි. පහන දල්වන පුද්ගලයාගේ මූලික අපේක්ෂාව වන්නේ දෙවියන්ගේ ශක්තිය තුළින් තමා තුළ ඇති අන්ධකාරය ඉවත්කොට ආලෝකය ඇති කරවීමයි . මෙහිදී සරලව අපි මෙය අවබෝධ කරගැනීමට උත්සාහ දැරුව හෝත් දෙවියන් ලෙස මෙහිදී වර නැගෙන්නේ මිනිසාට අවබෝධ කර ගත නොහැකි සොභාදහම හෝ විශ්වයයි .
පහනේ ආලෝකය හරහා ධනාත්මක ශක්තිය සහ දිව්‍ය ආශිර්වාදය තම ජීවිතයට ආකර්ෂණය වන බව පැරැන්නන් තුළ විශ්වාසයක් පැවැති අතර විද්‍යාත්මකව සිතා බලන විටද පහනක් දල්වන විට සුභවාදී ශක්ති ගලනයක් ඇතිවන බවද පෙනීයයි.
ගැඹුරු අධ්‍යාත්මික වර්ධනයක් උදෙසා තම මනස ඉලක්ක ගත කිරීමේ මාර්ගයක් ලෙසද දැල්වෙන දැල්ල දැකිය හැකිය.
වෛදික සම්ප්‍රදායන් තුළදී පහන පංච භූත තත්ත්වය දවා හලු කිරීමක් ලෙසත් , “දිය” (තෙල් පහන) දැල්වීම හින්දු චාරිත්‍රවල ගෞරවයේ සහ භක්තියේ සලකුණක් ලෙසත් , බුදු දහම තුළ අවිද්‍යාව දුරුකර බුද්ධත්වයට පත්වීම සංකේතවත් කිරීමේ මාර්ගයක් ලෙසත් සලකණු ලබයි . යුදෙව් සම්ප්‍රදායන් තුළදී පහන් දැල්වීම තුලින් නිවස තුළට පාරිශුද්ධත්වයක් ආලෝකයත් රැගෙන ඒම සංකේතවත් කරයි .
” විශ්ව පහන ” යනු වෛදික සම්ප්‍රදායන් හා පරමාත්මීය දැනුම එකට එකතු කල පිලිවෙතකි . එය දෙවියන් හා යාවීමේ වේගවත්ම මාර්ගයකි . එසේම තමා හා තම නිවස තුළ පාරිශුද්ධත්වය ආලෝකය හා ධනාත්මක බව වේගවත්ව ඇති කරන මෙවලමකි .
නැකත යනු පාපය දුරු කිරීමයි . මෙම සම්ප්‍රදායන් එකිනෙක ගැලපීම හරහා තමා විඳවන පාපයන් පාලනය කරමින් තමා තුළ ආලෝකය ඇති කිරීම විශ්ව පහළ මගින් සිදු කරනු ලබයි .
දීක්ෂා ගුරුවරයෙකු සතු වේගවත්ම පිළියම් ක්‍රමවේදයන් අතුරින් විශ්ව පහනට හිමිවන්නේ විශේෂිත තැනකි . එයට හේතුව වන්නේ ” විශ්ව පහන” යනු සමස්ත ජීවිතය තුළම ඇති ගැටලුව ක් එකවර විසඳිය හැකි ක්‍රමවේදයක් වීමයි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

