ඔබ භක්තිමත් ගොවියෙක් ද ?
මම මෙය සරලව කියන්නම්…..
දීක්ෂා ගුරැවරයෙකු පිඩාවෙන් තමන් කරා එන මිනිසුන්ට ඉන් මිදීම උදෙසා දෙවියන් කරා යන හැටි කියලා දෙනවා.
ඉතිං මිනිසුන් තම ගැටලුවෙන් මිදෙන තුරැ දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් දක්වනවා..
සියල්ල සම්පුර්ණ වු පසු දෙවියන් ගෙය තුලට කොටු කරනවා. ඒ කියන්නේ පහන් තියනවා පුජාවන් දෙනවා…
හැබැයි හිතේ නැ…
දෙවියන්ගේ විමානය තියෙන්නේ බැතිමතාගේ හිත නැතිනම් හදවත තුලයි.
ඉතිං දෙවියන් ඔහුට දෙන දෙය ටිකින් ටික අඩු කරනවා.
ගුරැවරයාටවත් යලි දෙරටු හැර දෙන්නට නොහැකි වෙනවා.
…………………………………………………………..
තමන්ට කුඹුරක් තියෙනවා. එහි ගොයම් වවනවා. හැබැයි හොදින් පවත්වාගෙන ගියොත් අස්වනු හොදයි. එත් එය අතහැරලා වල්පැල නොගලවා හිටියොත් කුඹුර තිනෙවා . අස්වනුත් හැදේවි. එත් කලින් වගේම නෑ….. කාලයක් මෙහෙම්මම ගියොත් කුඹුර පුරන් වෙලාම යාවි…..
බැතිමතාට දෙවියන් හා යා විය හැකි ආකාර නැතිනම් දෙවියන් හා සහසබදතාව පවත්වාගෙන යා හැකි ආකාර කිහිපයක් වේදයේ සදහන්…
මා විස්වාස කරන්නේ භක්ති මාර්ගය වඩා සුදුසු බවයි.
එ කියන්නේ දෙවියන් තමන්ට ඉහලින් සිටිනවාය කියන හැගීම තුල හදවතින්ම තමන් දෙවියන්ගේ බැතිමතා ලෙස කටයුතු කිරීම…
ටිකක් හිතන්න රෑට කඹුර වටේ පහන් පත්තු කලා ගොයම් මැස්සන්ට කෙමක් විදියට… හැබැයි තම හිතේ ඇති භක්තිය නිසා පහන් දල්වනකම් ඉතිපිසෝ ගාථාව කිව්ව… ඉන් කාරණා කිහිපයක් වුනා … ප්‍රාණ ගාථ අකුසලයට මුලිවන සිතුවිලි ඉවත් කෙරැණා… පැරැන්නන් තුල ගැඹුරැ චින්තනයක් තිබුණා
භක්තිය, එය විවිධාකාරයි . සරලව කිව්වොත් ඔබ හොද ගොවියෙක් නම් අස්වනු හොදවේවි.
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

