මහා දොරටුව හැරෙන තෙක් බලා නොසිටින්න

වෛදිකයා යනු සොබාදහමේ ශක්තිය විශ්වාස කල පිරිසකි . මා පෙර ලිපියකින් පැහැදිලි කල අයුරින් සොබාදාහම තැනී ඇත්තේ පංචතත්වය මුල් කොට ගනිමින් බවත් පංච තත්වය ත්‍රී ගුණය මුල්කර ගනිමින් හට ගන්නා බවත් ඔහුන් දැනි සිටියහ . ඒ අනුව සොබාදහමේ සෑම දෙයක් තුළින්ම ශක්තිය උකහා ගන්නා ආයුරු ඔහුන් ප්‍රායෝගිකවම හදුනා ගනු ලැබුණි ….
වෛදික ශාස්ත්‍රය යනු ලෝකයේ ඇති සමස්ත දැනුමය …
වෛදිකයෝ මෙම දැණුම ප්‍රධාන බෙදීම් 82 කට ගොනු කොට එවා වේද ග්‍රන්ථ 3 තුළට ගොනු කරනු ලැබු බව මා පෙර ලිපියේදී විග්‍රහ කරනු ලැබීය අවසන් කොටස නැත්නම් අථර්ව වේදය ලියවෙන්නේ ගැටපද ලිහිමක් හා සමවන ලෙසින් පසු කාලයේදීය ….
ලෝකයේ මෙතෙක් බිහිවු කිසිදු ආගමකට වෛදික මුලයන්ගෙන් විනිර්මුක්ත වන්නට නොහැකි වුනි…
එනම් මුලික වෛදික හරයන් එක් එක් ශාස්තෘවරුන් විග්‍රහකල ආකාරය පමණයි වෙනස් විය ….
පරම මෛත්‍රීය හා අපිරිමිත ප්‍රේමය යනු මුලික වෛදික හරයයි…..
එය අද බෞද්ද හා කිතු දහමේ මුලික හරයන් බවට පත්ව ඇත.
නිර්දෝෂ මෝකෛෂක්ත: යනුයෙන් සියලු වස්තුන් දෝෂයට ලක්වෙද්දී මෝක්ෂය පමණක් නිර්දෝෂ යැයි වෛදික දහමේ විග්‍රහ කෙරෙති…..
බුදදහම තුළදි එය නිර්දෝෂ නිර්වාණං ලෙසින් විග්‍රහ කෙරෙති.
වෛදිකයා සියල්ල සමස්තයක් ලෙස ගෙන සාමය නැතහොත් සොබාදහමටම ශාන්තිය ගොඩනගද්දී බුදුදහම තුළින් සමස්තයටම මෛතිය වැඩුවේය. වෛදිකයගේ විශිෂ්ඨත්වය වනුයේ සොබාදහම සාමයේ සංකේතයක් ලෙස දැකීමයි……
එසේම නිවැරදි වේද දර්මය ඉගැන්මට ආත්මිය හුරුව අත්‍යාවෂයය….
දීක්ෂාව යනු ගුරුන් විසින් ලබාදෙන වරයයි…. නැතහොත් අවසරයයි .
එය දැනුමක් නොව ආත්මීය සබදතා ගොඩ නැගීමයි…. දීක්ෂාව දැරිය හැක්කේ එය දරන්නට හැකි අයෙකුට පමණි .
දීක්ෂා ගුරුවරයෙකු විසින් තට්ටු කරනු ලබන්නේ සාධකයාගේ හදවතට නොව සාධකයාගේ කර්මයටයි…..
…. එසේම දික්ෂා ගුරුවරයෙකු විසින් මිදීමට අවස්ථාව දිය යුත්තේ මිදිය යුතු කෙනාට නැතහොත් විශ්වය අවසර දෙන කෙනාට මිස බලා යන්නට එන සියල්ලන්ටම නෙවන බව අවබෝධ කොට ගත යුතුය… දික්ෂා ගුරුවරයා හා ජ්‍යොතිෂවේදියා අතර ඇති පරතරය මෙයයි.
දීක්ෂා ගුරුවරයෙකු වෙතින් හැම විටම අවසරයක් ලබන්නට නොහැකිය . මහා දොරටුව හැරෙන තෙක් බලා සිටින්නා බලාසිටිද්දී සිදුරකින් හෝ රින්ගා ගනු ලබන්නා පියවරකින් හෝ ගුරුන් සමීපයට යනු ඇත .
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

