විශ්වය අපි ඉල්ලන හැම දෙයක්ම දෙනවද ?

විශ්වය අපි ඉල්ලන හැම දෙයක්ම දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙත් තම කර්මයේ ක්රීයාකාරීත්වය මතයි..
අපේ කර්මය විසින් අප උපදින මොහොතේ සිට මරණයට පත්වන මොහොත දක්වාම අපේ සමස්ථ ජිවිතයම කොටස් දොලහකට බෙදා පාලනයකට ලක්කරණු ලබනවා….
අපේ බලාපොරොත්තු නැත්නම් අවසන් පරමාර්ථයන් ඉටුවනවාද නැද්ද කියලා කියන්නේ මේ දොළහෙන් එකක් පමණයි.
යමෙක්ගේ පුර්ව අකුසලයන් උදෙසා දඩුවම අවසන් පරමාර්ථයන් ක්රීයාත්මක වීම උදෙසා බලපෑම් ඇතිකරන දොලහෙන් එකක් වු කොටස හා සම්බන්ද වුවහොත් කිස්ම දිනක ඒ පුද්ගලයා සැලසුම් කරනු ලබන අයුරින්ම බලාපොරොත්තු ඉටු වෙන්නේ නෑ.
නමුත් පුර්ව කර්මය ඒ අවසන් පරමාර්ථයන් ඉටුකිරීම හා සම්භන්ධ නොවන්නේ නම් ඔහු අපේක්ෂාකරන අයුරින්ම ඔහුගේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනවා…..
ධන චින්තනය තුළ මෙය කුමනාකාරයෙන් විග්රහකලද කර්මාණුරූපිව පමණයි කෙනෙක්ගේ සාර්ථකත්වය තීරණය වනුයේ … හැබැයි කර්මය අභිභවා යා හැකියි. ධන චින්තනය හා වෛදිකය ගැටෙන එක් තැනක් තියෙනවා. ධණ චින්තනය තුළ ජිවාතයේ එක් එක් අංග ධිනාගැනීමට මග කියා දෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් රුකියාව දිනන මග . සාර්ථක විවාහයකට මග . සතුටින් සිටින්නේ කොහොමද ? .
හැබැයි වෛදිකය තුළ මෙය දකින්නේ වෙනස් ආකාරයකින් . ඕනෑම පුද්ගලයෙක්ට ජිවිතයේ පැති දෙකක් ඒ කියන්නේ පෙර සදහන් කල දොලහෙන් කොටස් දෙකක් නිරුත්සාහකව ඉතා ඉහලට රුගෙන යන්න පුලුවන්. එයට අමුතුවෙන් දිනන මගක් ඕනේ නෑ. හැබැයි යමෙක් දියුණුයි කියලා කියන්නේ නැත්තම් සාර්ථකයි කියලා කියන්නේ පෙරකී පැති දොලහම එක ලෙස ඉහලට ඔසවලා තියෙනවනම්.
ඒ උදෙසා කර්මය පාලනය කිරීම ඉතා වැදගත්… කර්මය පාලනය කිරීපට කලින් පෙර කර්මයන් තමන්ගේ ජිවිතයේ බලපෑම් ඇතිකරනු ලබන ස්ථාන ටික හදුනා ගැනීම ඉතා වැදගත් වෙනවා.
ආශ්රමයට පැමිණි අයට මෙය හොදින් වැටහෙනවා.. මොකද ඔහුනගේ පෙර කර්මයන් පිලිබද කියා දෙද්දි ජිවිතයේ දොලොස් ආකාරය මත තමන් අත්විදින තත්වයන් පැහැදිලි කර දෙන නිසා…
මේ ආත්මයේ කරන කුසල් වලින් අපේ පෙර කර්මයන් පාලනය වෙනවද කියන එක.
ඔව් එහෙම වෙනවා.
නමුත් අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. දැණුවත්ව පින් කීරීම කියන කරුණ… වෛදිකයට අනුව පෙර කර්මයන් අහෝසි කරන්නනම් තමන් පෙර ආත්මයෙන් රුගෙන ආ කර්මයන් පිලිබදව දැණුවත් වීම අනිවාර්යයි. එසේ දැණුවත් භාවයකින් තොරව එයට නියමිත පිලියමම සිදුකලත් ඉන් මිදිමක් සිදුවෙන්නේ නෑ…
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

