පයිරා වාස්තු

කර්මයේ විදවීම හා බැදෙන නිවසේ වාස්තු . . .

මේ පැහැදිලි කිරීම ලංකාවට අලුත් දෙයක් කිව්වොත් එහි වරදක් නෑ. ලංකාවට නොවෙයි ලෝකෙටම කිව්වත් වරදක් නෑ . මොකද මේක විශ්වයේ ගැඹුරු හැදෑරීමක්….
අප අලුතින්ම ගෙයක් හදන විට එම නිවස වාස්තු අනුව ගොඩ නැගීමට උත්සහ දරනවා. හැබැයි අප කොතරම් වාස්තු නිවැරදිව පවත්වාගැනීමට අදහස් කරත් අපේ කර්ම ශක්තිය මෙතනදී අපට හරස් වෙනවා.

කර්මයයි නිවසයි එකට එකතු වෙන්නේ කොහොමද කියන එක ඉතා ගැඹුරු කාරණයක් …

කර්මය කියන දෙය ගැඹුරින් දකින ගුරුවරයෙක් පමණක් අවබෝධ කරගන්න කාරණයක් මේක… ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ කර්මය උදෙසා අවශ්‍ය විදවීම නිර්මාණය කර දෙන්නේ තමන් පයගසා සිටින භූමිය තුලිණුයි. ඒ නිසයි මම හැමතිස්සෙම සරලව මෙන්න මෙහෙම කියන්නේ ” අපේ විඳවීම රැගෙන එන්නේ උඩින් එන ග්‍රහයො නෙවෙයි , අප පය ගසා සිටින භූමියයි.”
තමන් උදෙසා ගොඩ නගා ගන්නා වු නිවස කියන්නේ ජිවිතයේ හැරවුම් ලක්‍ෂයක් … මේ හැරවුම තුළින් ජිවිතයේ විදවීම උපරිම ලෙසින් නිර්මාණය කරන්න පුලුවන්… වාස්තු නිවැරදි වීම කියන්නේ කර්මය පාලනය කිරීමක් හැබැයි අපේ කර්මය ප්‍රබලනම් අප කොතරම් වාස්තු විද්‍යාත්මකව සැලැස්ම ඇන්දත් ටික දිනක් යන විට අපට තේරෙන්න ගන්නවා ඇත්තටම තමන් රුවටිලා කියලා …
ඒ කියන්නේ ඒ සැලැස්ම ඇදපු කෙනා ඇත්තටම නිවැරදි වාස්තු දන්න කෙනෙක් නොවෙයි කියලා… ඒ වන විට අප ගේ ගොඩනගලා ඉවරනම් එදා ඉදන් අප ඒ වාස්තු දෝෂයන් හරහා නිර්මාණය වන ගැටලු තුළින් පිඩා විදිනු ලබනවා. මෙය සැලැස්ම ඇදපු කෙනාගේ ගැටලුවක් නොවෙයි ඇත්තටම… ඒ කර්මය අපිට දඩුවම් දෙන විදිය…
ටිකක් හිතන්න

කර්මය විසින් රුකියාව අහිමි කරන්න තියෙනවනම් නව සැලැස්ම අදිද්දී නිවසේ රැකියාවට අදාල උතුරු දිශාවේ වැසිකිලිය ස්ථානගත කරන්න ඔනේ කියලා සැලසුම් ශිල්පියාට හිතෙන්න පුලුවන් … එහෙමත් නැති නම් සැලැස්ම අඳිනකොට ගැලපෙනම තැන විදියට එතන පෙනෙන්න පුළුවන් ..
නව නිවස හදලා පදිංච් වේච්ච ගමන් වෙන්න පුළුවන් මොනවද ? රුකියාව අහිමි වීම , රැකියාව පිළිබඳ කලකිරීම , රැකියා ස්ථානයේ ගැටලු රැකියාවෙන් නියමිත ආකාරයෙන් ප්‍රතිඵල ගත නොහැකි වීම වැනි බොහෝ රැකියාව සමඟ බැඳුණු ගැටලු ඇති වෙන්න පුළුවන් …..

කර්මය කියාත්මක වෙන්නේ එහෙමයි…

තමන් විදවන කර්මය අවබෝධ කරගැනීමත් සමග නිවසේ වාස්තු වැරදි ටික තමන්ටම පේන්න පටන් ගන්නවා….
ඇයි එහෙම වෙන්නේ………

යමෙක් කර්මයේ විදවීමෙන් මිදෙනවනම් ඔහුට කර්මය උදෙසා විදවීම නිර්මාණය කරණ භූමි සාධකය නැත්තම් පොලව යහපත් විය යුතුයි. ඒ කියන්නේ නිවසේ වාස්තු ගැටලු ටික විසදිය යුතුයි. හැබැයි කර්මය හැදින ගැනීම දක්වා තමන් කොතරම් උත්සහ කරත් යන්නේ හරිපාරෙනම් නොවෙයි කියන එක මම අත්දැකීමෙන්ම දැකලා තියෙනවා.

වාස්තු තුළින් කර්මය උදෙසා දඩුනම් නිර්මාණය කරනු ලබන දෙවන ආකාරයකුත් තියෙනවා.

අප වාස්තු ඉතා නිවැරදිව නිවසක් ගෙඩ නගනවා. ඒ තුළින් අප දියුණුවට පත් වෙනවා. හැමදේම යහපත්ව සිදුවෙනවා. වසර 10 / 12 පස්සේ හොදට මුදල් අතට එනකොට එක්වරම හිතෙනවා ගේ ටිකක් ලොකු කරන්න. ඉතින් තමන්ට හිතෙන විදියට කාමර කුස්සි බාත්රූම් කුලියට දෙන කාමර වගේ ගෘහ අංග ඉඩකඩ තියෙන විදියට නිවසට එකතු කරනවා. මේ සිතුවිලි හිතට එන්නේ තමන්ගේ පෙර කර්මයන් උදෙසා දඩුවම් නියම වු කාලසීමාවන් ලංවීමත් සමගමයි.

අතේ හොඳට මුදල් තියෙන නිසා තමන් නිවසේ වෙනස් කම් ටික සිදුකරනවා. ඉන් වැඩි කාලයක් ගතවෙන්න කලින් ලෙඩ රෝග ආර්ථික ගැටලු හෝ කර්මය විසින් දඩුවම් තීරණය වී ඇති ආකාරයෙන් අපව පිඩාවට පත්කරනු ලබනවා. එය තමන්ටමත් තේරෙන්න ගන්නවා ගේ වෙනස් කරපු දවසේ ඉඳන් තමයි නේද මේ ප්‍රශ්න ඔක්කොම කියලා .. හැබැයි ඒක යළි හරවන්න බැහැ . මොකද දැන් පටන් අරන් තියෙන්නේ විඳවන කාලය …

මෙය ඉතා ගැඹුරු කාරණාවක්…

ගුරුවරයෙක් උවත් මෙය ඉතා සියුම්ව ලිහා ගත යුතුයි. කුමක් නිසාද යත් කර්මය හා භූමියේ ක්‍රීයාත්මක වීම අවබෝධකර ගැනීම එතරම්ම සරල කරුණක් නොවීමයි.
භූමිය තුළින් කර්මය උදෙසා දඩුවම් නිර්මාණය කරනු ලබන තවත් අවස්ථ තියෙනවා..

මහ ඉඩම් දරුවන් අතර බෙදී යාමේදි හෝ යම් කොටස් විකිණිමේදි ඉතිර් වන භූමිය විනාශ හැඩයන් බවට පත්වීම. භූමියක ආර්ථික ශක්තිය නිර්මාණය කරනු ලබන ස්ථානය කැපී යන සේ ඉඩමෙන් කොටසක් වෙන්කර එය අලෙවි කලොත් හෝ ඉඩම් බෙදීමක් සිදුකලහොත් මුල් භූමියේ ආර්ථික ශක්තිය බිදවැටීම සිදුවෙයි. එය සිදුවනුයේ එම භූමිය හිමි පුද්ගලයාගේ කර්මය තුළින් ආර්ථිකය පිරිහිම උදෙසා දඩුවමක් ඒ මොහොත තුළ ක්‍රීයාත්මක වෙමින් පැවතීමයි.

මහා වත්තෙම දරුවන්ට ගෙවල් කිහිපයක් හදාගෙන ජීවත් වෙන තැන් ඕන තරම් තියෙනවා . මෙන්න මේකත් විදවීම නිර්මාණය කරන සාධකයක් . මොකද මෙතනදි එකම නිවසකවත් වාස්තු සීයට සීයකින් සම්පූර්ණව සකසන්න බැහැ . එවැනි අවස්ථාවලදී විශේෂිත වාස්තු නිවැරදි කිරීමේ ක්‍රමවේද භාවිත කළ යුතුයි . ඒ කියන්නේ මෙතනදි සාමාන්‍ය වශයෙන් නිවසක් ඉදිකිරීමට ගලපනවාස්තු ැලපීම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ . මොකද මෙතනදී හැම නිවසකම පිහිටීම අනෙක් හැම නිවසකටම බලපාන නිසා …

අනිත් එක තමයි මෙවන් විශාල ඉඩමක් කොටස් කරලා ඒකේ නිවාසය ඉදිකිරීමේදී මාර්ගය හා කාණු යෙදීම ඉතා කල්පනාකාරීව කළ යුතුයි . වෙන්දේසි ඉඩම් වලදී මේක ලොකුවට බලපාන්නේ නැහැ . මහා ඉදම විදියටම තියෙන තැන්වලදී තමයි මේක ගැටළුවක් විදියට බලපාන්නේ ….

මෙයට අමතරව ස්වාභාවික කාරණා මතින් භූමියේ හැඩය දිශාගත බෑවුම් වෙනස් වීම නිසාත් වාස්තු ගැටලු නිර්මාණය වීම සිදුවෙනවා.
මෙතනදී කියන්න තියෙන්නේ බොහොම සරල කාරණයක් ජිවිත කාලයක් ඉන්න හදන නිවස අපේ කර්මයත් එක්ක සමපාත කරගැනීම ඉතා වැදගත්.. මොකද නිවස කියන්නේ අපේ සතුට සැනසීම මිසක් විදවීම නොවන නිසයි.

අපි නිවසේ හොදින් ගත කරපු කාලය නොවෙයි වැදගත් වෙන්නේ ගැටලු නිර්මාණය වෙන්න පටන් ගත්තේ කවදයින් පස්සෙද කියන එක අවබෝධ කරගැනීමයි .
වැරදුණු තැන නිවැරදි කරගන්න . හැමදෙයක්ම එක් මොහොතකින් වෙනස් කල හැකියි….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

error: Content is protected !!