බැඳීම් බිඳ දමන ක්ෂණික නම්

වර්තමාන සමාජය තුළ පවුලක් ලෙස එකම වහලක් යට ජීවත් වුවත්, මනසින් එකිනෙකාට දුරස්වී ගිය පවුල් බොහෝය. පියා – මව – දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර, විවාහක යුවළක් අතර පවා පෙනෙන්නේ එකිනෙකාට බැඳීම් නොව, දුරස්වීම් ය. මෙයට හේතු ලෙස සමාජ මාධ්‍ය, ආර්ථික පීඩනය, කාලය නැතිවීම වැනි සරල හේතු බොහොමයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත .
එහෙත් ඒ පටු සීමාව තුළ පමණක් බැලීම ශාස්ත්‍රීයව අසම්පූර්ණය. ඇත්තෙන්ම මේ දුරස්වීම් වලට ශාස්ත්‍රීය ලෙස බලපාන්නා වූ වෙනත් හේතු සාධකයන්ද පවත . එහිදී මුල්ම කාරණාව බැඳීම් තුළින් ඇති කරන කර්ම විඳවීමයි . කර්ම විඳවීම ක්‍රියාත්මක කරවීම උදෙසා නිර්මාණය කරනු ලබන විවිධ හේතු සාධක අතර පවුලේ අභ්‍යන්තර කම්පනයට සෘජුව බලපාන මූලික හේතුවක් ලෙස පුද්ගල නාමය හැඳින්විය හැකිය .
වෛදික හා හෙළ ශාස්ත්‍රයන් තුළ “නාම” කියන්නේ හුදෙක් හඳුනාගැනීමක් පමණක්ම නොවෙයි. නාමය කියන්නේ ශබ්දයකින් සෑදෙන ශක්ති රටාවක්. ඒ ශබ්දය උච්චාරණය වන හැම වතාවකම, ඒ පුද්ගලයාගේ මනෝ ක්ෂේත්‍රය, නාඩි පද්ධතිය, සහ ඔහු හෝ ඇය වටා ඇති ශක්ති වලල්ල නැවත නැවත සක්‍රීය වීම සිදු වෙයි . භෞතික විද්‍යාවෙන් “frequency imprinting” පැහැදිලි කරන මේ සංකල්පය අවුරුදු දහස් ගණනකට පෙර ශබ්ද ශාස්ත්‍රය තුළ හඳුනාගෙන තිබුණු තත්වයකි.
පවුලක් තුළ එක් එක් පුද්ගලයාට යොදා ඇති නාම් එකිනෙකාට සම්මුඛ නොවන, එකිනෙකාට විරුද්ධ ශබ්ද රටා වලින් සෑදී ඇත්නම් ඒ පවුල තුළ නොදැනීමම මනෝ අසමතුලිතතාවයක් නිර්මාණය වීම සිදුවෙයි . මෙම තත්වය දවසකින් දෙකකින් දැනෙන දෙයක් නෙවෙයි. අවුරුදු ගණනාවක් තුළ එකිනෙකාට කතා කරන විදිහ, එකිනෙකා ගැන හිතන විදිහ, තීරණ ගන්නා විදිහ, කුඩා කරුණු වලින්ම ආරම්භ වී , කුඩා විරෝධතා ලෙසින් වර්ධනය වී පසුව “අපි ගැළපෙන්නේ නැහැ”, “මට මෙයා තේරෙන්නේ නැහැ” වගේ වචන වලින් විස්තර කරන තත්ත්වයට වර්ධනය වීම සිදුවෙයි .
ශාස්ත්‍රීයව නාමයක ශබ්දය ක්‍රියාකරන්නේ පුද්ගලයාගේ මූලික ශක්ති රටාවට අනුකූලව හෝ විරුද්ධව. ඒ නාමය ඒ පුද්ගලයාට පමණක් නොව ඔහු ජීවත් වෙන පවුලේ සමස්ත ශක්ති ක්ෂේත්‍රයටම බලපෑමක් ඇති කරනු ලබයි . පවුලක් තුළ පියාගේ නාම ශබ්දය පාලන රටාවක් ලෙස ක්‍රියා කරන විට, මවගේ නාමය එයට ප්‍රතිවිරුද්ධ තරංගයක් ලෙස ක්‍රියා කරන්නේ නම්, දරුවන්ට ඒ දෙක අතර ශක්ති ඝර්ෂණයක ජීවත් වීමට සිදුවෙයි . ඒ දරුවන් තුලින් පසුකාලීනව පවුලට ඇලුම් නැතිවීම, ඉක්මනින් දුරස්වීම, හෝ පවුලේ සබඳතා විඳවැටීම් වැනි ලක්ෂණ පෙනෙන්නට පටන් ගනියි .
මෙය ගැඹුරුම් තේරුම් ගත යුතු කාරණාවකි . මෙහිදී මතුකර පෙන්වීමට උත්සාහ දරන්නේ “නම වැරදියි, එහෙනම් ජීවිතයම වැරදියි” යන සරල අදහස නෙවෙයි. නාමය කියන්නේ මනසට දිගුකාලීනව ඇතුල් කරන ශබ්ද තරංගයක් හා සමාන වූවක් . ඒ තරංගය පවුලක් තුළ එකිනෙකාට ගැළපෙන්නේ නැත්නම්, පවුලේ බැඳීම් ස්වභාවිකවම ක්ෂය වෙන්න පටන් ගන්නවා කියන එකයි . එ කියන්නේ බාහිර ගැටලු නිර්මාණය වීමට පෙර අභ්‍යන්තරව බිඳවැටීමක් සිදුවෙනවා .
ඒ නිසා නමක් යෙදීම කියන්නේ ලස්සන අකුරු එකතු කරලා හිතට කැමති වචනයක් තෝරගැනීමක් විතරක්ම නොවෙයි. එය පවුලක් තුළ අනාගත බැඳීම්, එකිනෙකාට ඇතිවන මානසික සහනය, සහ ගැටුම් සමනය කර ගැනීම පවා බලපාන ශාස්ත්‍රීය කටයුත්තක්….
මේ සංකීර්ණ කාරණාව තේරුම් නොගෙන හෝ දියුණු රටවල සුද්දෝ ඕවා ගලපනවද ? කියන මෝඩ තර්කයන් තුළ සිට කටයුතු කිරීම තුළ පවුල් දුරස්වීම්ට හේතු ලෙස සමාජය, තාක්ෂණයටග, හෝ පරපුරට දෝෂාරෝපණය කරති . නමුත් ඒ දුරස්වීම් වල මුල් බීජ වැපිරී තියෙන්නේ නාමය කියන, සාමාන්‍ය දෘෂ්ටියට නොපෙනෙන, නමුත් අතිශය බලවත් ශබ්ද රටාව තුළ විය හැකිය.
එසේම එක් වැරදි ප්‍රබල තරංගයක් තුළින් පවුලක්ම විනාශ කිරීමට වුවද හැකියාව පවතී . ඒ නිසා පවුලක් ලෙස බැඳීම් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන අවස්ථාවකදී, බාහිර විසඳුම් වලට පමණක් අවධානය නොයෙදිය යුතුය , මෙවැනි ශාස්ත්‍රීය හේතු පිළිබඳවත් ගැඹුරින් සිතා බැලීය යුතුය . තමන්ගේ ” නාමය ” දවසකට ඉතා විශාල වාර ගණනක් උච්චාරණය කරන ශබ්දයකි . එය අපිව සක්‍රීය කරන ශබ්දයක් නැතහොත් තරංගයක් විය යුතුය . ඒ ශබ්ද තරංගය බැඳීම් බිඳ දමන තරංගයක් නොව බැඳීම් ශක්තිමත් කරන තරංගයක් විය යුතුය .
ඔබට හෝ ඔබේ දරුවාට නමක් යොදද්දී මේ කිසිවක් පිළිබඳ අවධානය යොමු කලේ නැහැ නේද ?
ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ
