රාවණ වංශිකයෝ

සුමේරියානුවන් අලූ කළ රහස

දහඅට වැනි ශත වර්ෂය වූ කලි නව කාර්මික විප්ලවයේ මූලාරම්භක අවධියයි. මෙතෙක් සෙමෙන් සෙමෙන් පරිණාමය වෙමින් ආ මිනිස් සමාජය තුළ වේගවත් බවක් ඇති කරන්නටද මේ කාර්මික විප්ලවය විසින් කරුණු කාරණා නිර්මාණය කරලීය. අප අද භාවිත කරන සියලූ විද්‍යුත් උපකරණවල පදනම නිර්මාණය වන්නේ මේ යුගයෙන් පසුවය. එහෙත් ඒ ලිඛිත සාධක අනුවය. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුළ සොයා ගනිද්දී ඇලෙක්සැන්ඩර් වෝල්ටා විදුලි කෝෂ නැතහොත් බැටරිය සොයා ගත්තේය.
එහෙත් පසුගිය කාලය තුළ ලොව පුරා සිදුකෙරුණු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සමගම මෙතෙක් කල් ලිඛිත ඉතිහාසයේ පැවැති නව සොයාගැනීම් ලැයිස්තුවෙන් බොහෝ නාමයන් කපා ඉවත් කරන්නට සිදුවන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. බැබිලෝනියානු ගුවන් තාක්ෂණය, පාකල් රජුගේ රොකට්ටුව, බැග්ඩෑග් බැටරිය, ඩැන්ඩෝරා විදුලි බුබුළ පමණක් නොව පිරිරිස් :ඡුසරස ඍැසි* විසින් පිටපත් කළ ලොව
පැරැුණිම සිතියම් තාක්ෂණය හරහාද බොහෝ සොයා ගැනීම්වල ඉතිහාසය වසර 2000-3000කින් ඈතට දිව ගියේය.
බැග්ඩෑඞ් බැටරිය යනු කුමක්ද? එය නූතන විදුලි කෝෂයේම මුල් අවස්ථාවකැයි පැවසුවහොත් එහි කිසිදු වරදක් නැත.
1938 වර්ෂයේදී ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ආසන්න ප‍්‍රදේශයක පිහිටි කුයුට් රැුබු
නම් ග‍්‍රාමයෙන් විශේෂිත හැඩයකින් යුත් මැටි භාජන රැුසක් සොයාගන්නට හැකි විය. ඉන්පසු අද දක්වාම වරින් වර ඉරාකයෙන් මෙම විශේෂිත හැඩයෙන් යුතු භාජන මතු වුවත් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ නැත. එහෙත් සෙන්ටිමීටර 13ක් උසට සිටින සේ මැටිවලින් නිර්මාණය කර ඇති මෙම බඳුන් සියල්ලෙහිම මුදුනේ සෙන්ටිමීටර 3-4 සිදුරක් පවතින අතර ඒ තුළින් තඹ තහඩුවකට මැදි කළ යකඩ කූරක් සහිත වැස්මක් ඇතුළු කර තිබුණි. තඹ තහඩුව හා යකඩ කූර එකිනෙක නොගෑවෙන ලෙස සුුමේරියානුවන්්
සකසා ඇති අතර ඒ සඳහා භාවිත කර ඇත්තේ ලෝහ නොවන විශේෂිත ද්‍රව්‍යයකි. එකම සමාන මෙවැනි භාජන විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසු විද්‍යාඥයෝ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට විය.
ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර තිබූ මෙම භාජනවලට එක්වරම වටිනාකමක් හිමි වන්නට හේතු වන්නේද මේ සොයා ගැනීමයි. නූතන විදුලි කෝෂවල නිර්මාණ සැලැස්මට සමාන බවක් මෙම ටෙරාකොටා භාජනවල ඇති බව අවබෝධ කරගත් පර්යේෂකයන් එයට ‘බැග්ඩෑඞ් බැටරි’ යන නම භාවිත කරන්නට විය.
යකඩ කූරක් හා තඹ තහඩුවක් තිබූ පමණින් විදුලිය නිපදවෙන්නේ නැති බව කවුරුත් දන්නා කරුණකි. ඒ උදෙසා එම භාජනය තුළ යම් ප‍්‍රතික‍්‍රියාවක් සිදුවිය යුතුය. විද්‍යාඥයන් ඒ සඳහා උපයෝගි කර ගත්තේ සිට්රික් අම්ලයයි. සිට්රික් අම්ලය ටෙරාකොටා බඳුන තුළට පුරවා එයට තඹ තහඩුව හා යකඩ කම්බිය සවි කර ඇති පියනෙන් වැසූ විට එම පියනේ එළියට ඇති අග‍්‍ර දෙකෙන් ඒ තුළ නිපදවෙන විදුලිය ලබා ගැනීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දුන්හ. මෙම බැටරියට යොදාගන්නට ඇති දියරය පිළිබඳ ස්ථිර නිගමනයක් නැතත් විනාකිරි, දෙහි, පලතුරු යුෂ හෝ මධ්‍යසාර මේ සඳහා යොදාගන්නට ඇති බවට ඔවුහු අනුමාන කරති.
බැග්ඩෑඞ් බැටරිය යනු නව කාර්මීකරණයේ මුල් යුගයේ නිර්මාණයක්ද නොවේ. අදින් වසර 3000කට පමණ පෙර යුගයේ පැවැති නිර්මාණයකි. ඇලෙක්සැන්ඩර් වෝල්ටෝ සොයා ගත්තා යැයි කියන නූතන බැටරියට තවමත් ගෙවී ගොස් ඇත්තේ වසර දෙසීය ගණනකි. එසේ නම් වසර 3000කට එහා කාල නිර්ණයක් සහිත බැටරියක් හමුවන්නේ කෙසේ දැයි යන්න ගැටලූවකි.
මෙයටම සමාන වන තවත් සිදුවීමක් ඇත. ඒ තෝමස් අල්වා එඩිසන්ගේ විදුලි බුබුළට අභියෝග කරනු ලබන ඩැන්ඩෝරා දෙවොලේ විදුලි බුබුළේ කැටයමයි. ඩැන්ඩෝරා දෙවොල යනු ඊජිප්තුවේ පිහිටා ඇති භූගත දෙවොලකි. මරණයේ දෙවොල ලෙසද හැඳින්වෙන මෙම භූගත දෙවොලට පිවිසීමට ඇත්තේ ඉතා පටු මාර්ගයන්ය. එසේම ඇසට ඇඟිල්ලෙන් ඇන්නද නොපෙනෙන තරමේ අඳුරක් ඒ තුළ ඇත. එහෙත් ඒ දෙවොලේ බිත්තිවල පාරාවෝ පිරමීඩ තුළ දැකගත හැකි ආකාරයේ අලංකාර රූප සටහන් දැකගත හැකි වෙයි. අන්ධකාර දෙවොලක් පැවැතිය නොහැකිය. එසේම අන්ධකාර දෙවොලක් තුළ රූප සටහන් නිර්මාණය කිරීමද කළ නොහැකිය. එසේ නම් මෙම දෙවොල ආලෝකවත් කෙරුණේ කෙසේද? ඒ සඳහා පර්යේෂකයන්ගෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් වූ තර්කය වූයේ පන්දම් හෝ ගිනි දැල්වීමේ යම් ක‍්‍රමවේදයක් හරහා මෙය ආලෝකවත් වන්නට ඇති බවය.
එහෙත් පර්යේෂකයෝ එකහෙළාම ඒ තර්කය ප‍්‍රතික්ෂේප කළේය. එයට බලපෑ හේතුව වූයේ දෙවොල තුළ පන්දම් හෝ ගිනි දැල්වීම් සිදු වූ බවට කිසිදු සාධකයක් නොමැති වීමය. එසේම එතුළ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය දිගින් දිගට ගිනි දැල්වීම උදෙසා ප‍්‍රමාණවත් නොවීමයි. ඉන්පසු වෙනත් තර්කයක් ඉදිරිපත් වුණි.
ඒ ඔප දැමූ තඹ තැටි උපයෝගී කර ගනිමින් පොළොව මතුපිට සිට භූගත දෙවොල තුළට ආලෝකය රැුගෙන යන්නට ඇති බවය. එහෙත් ඒ තර්කයද බිඳ වැටුණි. එතරම් දුරක් ආලෝකය අඩු නොවී රැුගෙන යා නොහැකි විය.
සියලූ මතවාදයන් බිඳ දමමින් ඩැන්ඩෝරා දෙවොල තුළින්ම පිරමීඩ ආලෝක කළ ආකාරය පිළිබඳ රූපසටහන් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි වීමත් සමග අදින් වසර 3000කට පමණ පෙර පැවැති විදුලි බල්බයන් පිළිබඳ තොරතුරු හෙළි කරගත හැකි විය.
එම රූපය බැලූ බැල්මට පෙනෙන්නේද විශාල විදුලි බුබුළක් අතින් ගත් පුද්ගලයකුවය. පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මෙම දෙවොල ප‍්‍රධාන පූජකයන්ට පමණක් සීමා වූ රහස් දෙවොලකි. එනම් මේ තුළ සැඟව තිබූ රහස්ද පැවතිය යුතුය. පර්යේෂකයන්ගේ අදහස වනුයේ පුරාණ ඊජිප්තුව ආලෝකවත් කළ ප‍්‍රභවයේ රහස සැඟ වී තිබුණේ මෙම දෙවොල තුළ විය යුතු බවය.
මෙම බල්බයක් අතින් ගත් මිනිසාගේ රූපයේ කොටස්වලින් විදුලියෙන් ආලෝකය නිපදවීමේ ක‍්‍රමවේදයම නිරූපණය වෙයි. බල්බයක වටේ ආවරණය, ඒ මැද ඇති දැල්වෙන සූත‍්‍රිකාව, බල්බයේ සොකට්ටුව, බල්බයට විදුලිය සැපයෙන වයරය මෙන්ම බල්බය දැල්වීමට උපයෝගි කර ගනු ලබන විදුලි ගබඩාව (බැටරිය*ද මෙම රූපය තුළ පැහැදිලිවම දැකගත හැකි වෙයි. බැටරිය හා බල්බය අතර ඇ`ද ඇති වායු දේවතාවාගේ රූපය තුළින් විදුලි ප‍්‍රභවය හා බල්බය අතර පරතරයක් පවතින බව අදහස් කර ඇත.
ඉරාකයෙන් හමු වූ බැග්ඩෑඞ් බැටරිය නැතහොත් පාතියන් බැටරිය මෙන්ම ඩැන්ඩෝරා බල්බයද පිටසක්වළයන් පෘථිවිය ජනාවාස කිරීමේදී ඔවුන් සතුව පැවැති තාක්ෂණය හරහා අපට උරුම වූ බවට පිටසක්වළ ජීවීන්ගේ ක‍්‍රියාකාරකම් පර්යේෂණය කරන්නන්ගේ අදහසයි. එයට ඔවුන් මතු කරන සාධාරණ තර්කයක්ද ඇත. වර්තමාන දියුණු තාක්ෂණය තුළදීත් සිදුකළ නොහැකි ආකාරයේ ඉතා විස්මිත නිර්මාණයන් මෙන්ම මෙවන් තාක්ෂණික උපකරණ නිර්මාණය වීමට දියුණු ජීවීන් විශේෂයක් අනිවාර්යයෙන්ම එම ශිෂ්ටාචාර හා ගනුදෙනු කර තිබිය යුතුය යන්නය.
මේ සියලූ විස්මිත නිර්මාණයන්ට පදනම වැටී ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරය තුළය. බැබිලෝනියානුවන්ද මේ ශිෂ්ටාචාරයට සමාන්තරව ජීවත් විය. සුමේරියානු ජාතිය කළු හිසකෙස් සහිත අවට කිසිදු භාෂාවකට සමාන නොවූ භාෂාවක් සහිත පිරිසක් වීම තුළ සුමේරියානුවන්ගේ පිටසක්වළයන් හා සම්බන්ධයක් පැවැතිය යුතු බවට මතවාදයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙහි පවතින ගැටලූව එය නොවේ. ක‍්‍රි.පූ. 900 පමණ වනවිට සහමුලින්ම සුමේරියානු භාෂාව හා සුමේරියානු ශිෂ්ටාචාරය පෘථිවියෙන් අතුරුදන් වී යෑමයි.
සුමේරියානුවන් නිර්මාණය කරන ලද මැටි පුවරු 40000ක් පමණ පුරාවිද්‍යා ගවේෂකයන් සොයාගෙන ඇතත් ඒ තුළ ලියැ වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ තවමත් අවසන් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත. යම් දවසක මැටි පුවරු කියවාගත හැකි වුවහොත් ලෝක ශිෂ්ටාචාරය උඩු යටිකුරුවනු ඇත. අදින් වසර තුන්දහසකට පෙර පැවති අතිදියුණු යුගයක සියලූ තොරතුරු සමාජගත වනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවනු ඇතැයි සිතේ.

 

5 1 vote
Article Rating
guest
0 Comments
Inline Feedbacks
View all comments
Translate »
You cannot copy content of this page
0
Would love your thoughts, please comment.x
()
x