දස මහා විද්‍යාවෙන් පැන නැගුණු රාවණ රජුගේ හිස් දහය

අපි රාවණ ඉතිහාසය පිළිනොගත්තත් ඉන්දියනුවන් වගේම ශිව භක්තිකයන් දැඩි ලෙසම රාවණ රජුව පිළිගන්නවා.. එයට ප‍්‍රධානම හේතුව ශිව දෙවියන්ගේ හොදම බැතිමතා ලෙසින් පිලිගන්නේ රාවණ රජුවයි…..
ශිව දෙවියන් සමග මේසා බැදීමක් තිබු රාවණ රජු වරින් වර ගැටෙන්නේද ශිව දෙවියන් සමගමය. රාවණ රජු තමන්ගේ ඉල්ලීමක් දිනාගැනීමේ අරමුණින් ශිව දෙවියන්ගේ වාස භවන වන කෛලාෂකුටය සෙලව්වා කියන එක ප‍්‍රසිද්ධ කථාවක්… එ වගේම තමන්ගේ මැණියන් වෙනුවෙන් ශිව දෙවියන්ට කල ඉල්ලීමක් ඉටුනොවන විට එය මුල් කර ගනිමින් ඇතිවු ආවේගයක් හේතුවෙන් කොනේෂ්වරම් හී ශිව දෙවෙල පිහිටි ගල් කුල ගොඩබිමින් කැපීයන ලෙස තම කඩුවෙන් කපාදැමු බවටද ජනකථාවක් බවතී. අදත් එම ස්ථානය හදුන්වන්නේ රාවණ කැපුම යන නමිණි.
ශිව දෙවියන් මහා යෝගී කියන නමින් හදුන්වනවා. එ කියන්නේ විශ්වයේ ඉන්න උග‍්‍ර යෝග ධර්ම රකින්නා ලෙසින් සැලකෙන්නේ ශිව දෙවියන්ව….
ඔවුන් දෙවි කෙනෙක්ගෙන් වරයක් ලබන්න ඉතා අපහසුයි. මොකද තම ධ්‍යනයන්ගෙන් නැගිටින්න ඔහුන් කැමති නෑ. රාවණ රජු ශිව දෙවියන්ව දිනන්න උපයෝගී කර ගන්නෙත්
ශිව දෙවියන්ගේ ගමන් මගමයි ……..
එය තමයි රුද්‍ර යෝග
යෝග ධර්ම හරහාම රාවණ දෙවියන් ශිව දෙවියන්ගේ හොදම බැතිමතා බවට පත්වෙනවා….. ඒ නිසාමයි ශිව දෙවියන් වෙතින් දෙවරක්ම ශිව ලිංගය ලබන්නට තරම් රාවණ රජුට වාසනාව උදා වෙන්නේ
මම භාවනාවෙදි අවස්ථා ගණනකදීම රාවණ දෙවියන් හා සම්භන්ධ වෙලා තියෙනවා…..
එත් කිසිම දිනක ඔලූ දහයක් තියෙන රාවණ කෙනෙක්ව දැකලා නෑ…. රාවණ රජුට ඇත්තටම ඔලූ දහයක් නොතිබුණු නිසා එය පිළිබදව විශේෂිත හැගීමක් ඇතිවුනේත් නෑ….
නමුත් බලාපොරොත්තු නොවු මොහොතක රාවණ රජුගේ දසිස් ස්වරූපය දකින්නට අවස්ථාවක් ලැබුණා.. ඒ කොනේෂ්වරම් වල ධ්‍යන වඩමින් ඉන්න අවස්ථාවක එක් වරම මා ඉදිරියේ දසිස් රාවණ ස්වරූපය දර්ශණය වුණා….
මම ඒ අවස්ථාවේ විමසුවා ඇයි දසිස් ස්වරූපයක් විද්‍යමාන කරන්නේ කියලා…..
එවිට මම මෙතෙක් නොදැන සිටි කරුණු කිහිපයක් දැන ගන්නට අවස්ථාව උදාවුණා…..
ප්‍රධානම කරුණ තමයි රාවණ දෙවියන් ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න මුලික ශක්තිය ලබා ගන්නේ මේ ස්ථානයේදි කියන එක ( කලින් ලිපියේදී මම ඒ ගැන පැහැදිලි කරලා ලිව්වා )
දෙවැනි කාරණාව තමයි , හිස් දහයේ සැබෑ අර්ථය මොකක්ද කියන එක … ඒ කියන්නේ රාවණ රජුට ඇත්තටම හිස් දහයක් තිබ්බා කියන එක නොවෙයි . රාවණ රජු තමන්ගේ යෝග බලය උපරිමයෙන් වර්ධනය කිරීම හරහා දසමහා විද්‍යාවන් අවබෝධ කරගන්නවා . මෙන්න මේ දස මහා විද්‍යාවන් පිළිබඳ ඇති දැනුම තමයි හිස් දහයෙන් නියෝජනය කරන්නේ …. ( මම දස මහා විද්‍යාවන් ගැන ගැඹුරින් ලිපියක් ලියන්නම් )
කෝනේශ්වරම් කෝවිලේ දී තවත් අද්විතීය අවස්ථාවක් උදාවුනා . ඒක ඇත්තටම මිල කළ නොහැකි මිනිසකු ලෙස ලබන්න පුළුවන් ලොකුම අවස්ථාවක් විදියටයි මම දකින්නේ … මම එහිදී දිගු වෙලාවක් ධ්‍යාන වඩමින් ශිව දෙවියන් ගේ දර්ශනයක් බලාපොරොත්තුවෙන් ශිව දෙවියන්ට කතා කළා. නමුත් මට දර්ශනය වනුයේ සොබාදහමේ ඇති ගස් ගල් මුහුද ආදී දේ පමණයි. මා නැවත නැවත ශිව දෙවියන් ගේ දර්ශනයක් බලාපොරොත්තුවෙන් ශිව දෙවියන්ට කතා කරා. එහෙත් නැවත නැවත මා දකින්නේ පෙර දුටු සොබාදහම් දර්ශනය පමණි.
මට මෙය විශාල ගැටලුවක් ඇති කරන්නට වුණා. වෙනත් දිනවලදී ධ්‍යාන වඩන අවස්ථාවන්වලදී විවිධ කරුණු සම්බන්ධයෙන් ශිව දෙවියන් මා හට උපදෙස් ලබාදෙනු ලබනවා. එසේනම් කෝනේශ්වරම් දෙවොල තුළ දී මහ දෙවියන්ගේ දර්ශනය නොවන්නේ ඇයිදැයි යන්න මා මනස සංකීර්න ගැටලුවකට මැදි කරන්නට විය.
ටික වේලාවකට පසු ශිව දෙවියන් වෙතින් මා ලද අද්විතීයම පරමාත්මීය පාඩම උගත්තේය. දෙවියන්ගේ සර්වව්‍යාපී බව නැතහොත් සෑම දෙයක් තුළම දෙවියන් ජීවත් වේය යන්න ඒ පාඩමයි. මහාභාරතය යුද්ධයේදී එක්වරක් ක්‍රිෂ්ණා දෙවියන් විසින් අර්ජුනට විෂ්ණු දෙවියන්ගේ සර්වව්‍යාපී බව පෙන්වා වූ බව මහා භාරතය තුළ ලියැවී ඇත. ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව පිළිබඳව මා හට දැනුවත් බවක් පැවතියේ නැත. ශිව දෙවියන්ට අවශ්‍ය වූයේ සොබාදහමේ ඇති සෑම දෙයක්ම තුළ සිව දෙවියන්ගේ ශක්තිය ගැබ්ව ඇති බව මා හට අවබෝධ කර දීමයි.
මේ දර්ශනයෙන් පසු මා නැගිට කෝවිල වටේ ගමන් කරද්දී බිත්තියක ඇඳ ඇති එක් අපූරු සිතුවමක් දක්නට ලැබුණි. ඒ සිතුවම මා මෙතෙක් භාවනාවෙන් ලද පාඩම සනාථ කරන්නට හේතු විය. ඒ සිතුවම තුළ වූයේ ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව මෙයට පෙර එක් අවස්ථාවකදී හනුමාන් දෙවියන්ට පෙන්වා ඇති බවයි.
හනුමාන් දෙවියන් සේම ශිව දෙවියන්ගේ සර්වව්‍යාපී බව දකින්නට තරම් මා ආශීර්වාද ලද්දෙකු වීම පිළිබඳව මට ඇත්තේ අප්‍රමාණ සතුටකි.
අපි දකින දෙයට වඩා බොහෝ දේ මේ විශ්වය තුල සැඟව පවතින බව අප අවබෝධ කර ගත යුතුය……
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද‍්‍ර

