ගුරුත්ව බලයට අභියෝගයක් වූ කන්‍යාවියන්ගේ දේශය
මිනිස් පරිණාමයට මූලිකම සාධක නිර්මාණය වෙන්නේ අප්‍රිකානු මහද්වීපය මුල්කරගෙන කියන එක විද්‍යාත්මකව පිළිගන්න සාධකයක් . ඒ වගේම අනුනාකි ක්රියාකාරීත්වයන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කරද්දි මහා ගංවතුරෙන් පසු නිර්මාණය වන හෝමෝ සේපියන් මානවයා නිර්මාණය කරපු විද්‍යාගාරය තියෙන්න ඇත්තේ අප්‍රිකානු මහද්වීපය මුල්කරගෙන බව මම කලින් ලිපියක ලිව්වා .
ඒත් 1870 දී ජර්මානු විද්‍යාඥයෙකු වූ අර්නස්ට් හේකල් මෙයට වෙනස්ම මතයක් යෝජනා කරනවා . ඔහු කියන්නේ මානව පරිනාමයේ වර්තමාන මානවයාගේ මුල්ම නිජබිම වෙන්නේ අප්‍රිකාව නොවෙයි ලෙමුරියාව බවයි .
මේ කියපු දේ එක්වරම නොතේරෙන්න පුළුවන් .. මොකද මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක් හින්දා .. සරලව කිව්වොත් මිනිස් පරිණාමය ගලා යන්නේ හෝමෝ ඉරෙක්ටස් , හෝමෝ නියන්ඩතාල් හා හෝමෝ සේපියන් ආදී විදියටයි . මේ අතරමැද යම් යම් අවස්ථා තියෙනව ..
හැබැයි මේ දියුණු මිනිසා කියන හෝමෝ සේපියන් මානවයා එක පාරටම නිර්මාණය වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ .. ඒ කියන්නේ මේ අප්‍රිකාව මුල්කරගෙන පරිණාමය උනා කියන මිනිසාගේ … ඒ කියන්නේ දියුණු මානවයාගේ මුල් අවස්ථා දෙක තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා …
අර්නස්ට් හේකල් කරපු පර්යේෂණයක ප්‍රතිඵල විදියට ඔහු නිගමනයකට එනවා . හෝමෝ සේපියන් කියන දියුණු මානවයාගේ පරිණාමය අදියර තුනකින් පැවතුණු නිසා එහි නැතිවී ගිය අවධි දෙක මෙන්න ලෙමුරියාවේ පැවතිය යුතුයි කියන එක …. එතකොට මෙහි පිළිවෙල පොඩ්ඩක් වෙනස් වෙනවා . එ කියන්නේ Homo habilis , Homo erectus ගෙන් පසුව Homo sapiens තුන්වැනි නවීන මානවයා බිහිවෙනවා කියන එකයි .
මෙච්චර ගැඹුරු කතාවලින් නැතුව සරලවම කිව්වොත් ඔහුගේ මතය තමයි නූතන දියුණු මානවයාගේ උත්පත්ති ස්ථානය වෙන්නේ ලෙමූරියානු භූ කලාපය කියන එක . ඒ කියන්නේ අප්‍රිකානු මූලය හැර ගිය ‘අතුරු පරිණාම පියවර’ ලෙස මෙය සැලකිය හැකියි කියන එක .
මෙම කලාපය තුල පරිණාමය තුළ ගිලිහී ගිය කොටස් කිහිපයට සාධක තියෙන්න පුළුවන් කියන එක ඔහුගේ අදහසක් .. මේ භූමිය පිහිටා තිබුණේ ඉන්දියාවේ පහල කොටස ලංකාව මැඩගස්කරය දක්වා වගේම අනෙක් පසින් මාලදිවයින් දක්වා ව්‍යාප්ත වෙච්ච තනි භූමියක් …
ලෙමූරියානු ශිෂ්ඨාචාරය , කුමාර කන්දම් ශිෂ්ඨාචාරය , කන්‍යාවන්ගේ දේශය කියලා කියන්නේ මූහුදට ගිලී ගිය හෙළ ශිෂ්ඨාචාරයද කියන එක ගැන හිතන්න වෙනවා .. ඒක කියන්න හේතුව තමයි පැරණි හැම ශිෂ්ඨාචාරයක් තුළම ගොඩනැගුණු ආගමික පරිසරය තුළ කියැවෙන මහා ගංවතුර හෝ මුහුද ගොඩ ගැලීම් මුල්කරගෙන හෙළ ශිෂ්ටාචාරයට අයත්ව තිබූ භූමි ප්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් මුහුදට ගිලී ගිය බව කියවේ .
මෑත යුගයක් වන තෙක්ම කුමාර කන්දම් ශිෂ්ඨාචාරය නැතිනම් ලෙමුරියානු ශිෂ්ටාචාරය රාම රාවණා කතාව හා බැඳුණු මිථ්‍යාවක් ලෙස මෙන්ම විවිධ ආගමික නිකායන්හි විශ්වාසයක් පමණක් යැයි තර්කයක් පැවතුණි .
පුරාණ සම්ප්‍රදායන් විසින් පැවසූ ලෙමූරියානු විනාශය පිළිබඳ කතාව, අද නව විද්‍යාත්මක තහවුරු කිරීම් හරහා ටිකෙන් ටික සනාථ වෙමින් පවතී . එම සනාථ කිරීම් මොනවාදැයි යන්න එකින් එක පෙළ ගැස්වීමට උත්සාහ දරමු .
ඇමරිකානු ජාතික ෆ්රෙඩ්රික් ස්පෙන්ස් ඔලිවර් A Dweller on Two Planets නම් ඔහුගේ ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ ගිලි ගිය ලෙමූරියාවෙන් දිවි බේරාගත් මිනිසුන් මැණික් වලින් පිරුණු භූමියක ජීවත් වන බවය . රත්න දීප මැණික් වලින් පිරුණු භූමියකි . ලෙමූරියානු ශිෂ්ටාචාරයේ ඉතුරු වූ මිනිසුන් අදටත් ජීවත් වන්නේ එම භූමියේ විය යුතුය . අපිට එසේ සිතිය හැකිය . ඔහුගේ ග්‍රන්ථය පුරාණ මතය නැවත අලුත් ලෝකයට ගෙන ආ ග්රන්ථයකි .
අප්‍රිකානු පුරාණ මානවයාට වඩා පැරණි මානව සාක්ෂි මේ වන විට හෙළ පොළොවෙන් හමුවෙමින් පවතී . ලෝකයේ පැරණිම කියා සලකන වර්ධනය වූ මිනිස් මොළයෙන් සකස් කළ ශිලා උපකරණ කිහිපය අතර ලංකාවෙන් හමුවූ උපකරණද දක්නට ඇත .
මේ පිළිබඳව විවිධ තර්කයන් තුළ සිටි පර්යේෂකයින් පවා පෘතුවියේ භූ තැටි පිළිබඳව කරුණු සොයා ගැනීමත් සමගම ලෙමුරියානු මහද්පය පිළිබඳ අදහස අතහැර දැමිය නොහැ්කක් බව අවබෝධ කොට ගත්හ . වර්තමානයේදී නිර්මාණය වෙමින් පවතින නව ඉන්දු භූතැටිය හරහා මෙම කාරණය තවත් සනාථ වේ යැයි සිතිය හැකිය . ලංකාවට දකුණු මුහුදු අභ්‍යන්තරයේ දැනට වර්ධනය වෙමින් පවතින සැතපුම් සියයකට ආසන්න පැල්ම පැරැණි ලෙමූරියානු භූමියේ සීමාව යැයිද මතයක් පවතී . කෙසේ වෙතත් මෙම පර්යේෂණ තුළින් ඉන්දියාව සහ මැඩගස්කරය අතීතයේ දී එකම මහාද්වීපයේ කොටසක් වූ බව භූ පර්යේෂකයන්ගේ අදහසයි .
ඉන්දියන් සාගරය යට ගැඹුරේ තිබෙන විකෘති භූමි කලාපය විද්‍යාඥයන්ගේ වැඩි අවධානටය ලක් වෙමින් පවතින කලාපයකි .
ලෝකයේ ගුරුත්වය පිළිබඳව නාසා ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයේදී අඩුම ගුරුත්ව බලය සහිත කලාපය ලෙස සටහන් වූයේ මෙම විකෘති කලාපයයි .
මෙම භූමි කලාපය විකෘති භූමි කලාපයක් ලෙස නම් කිරීමට හේතු වන්නේ 2013 වසරේ සිට ඉන්දියන් සාගරයේ සිදුකළ විශේෂිත පර්යේෂණයන් තුළින් මුහුදු පතුලේ වැලිමතින් සොයාගත් zircon අණු ස්වාභාවික සාගරික පතුලට නොගැලපෙන ඉතා පැරණි මුහුද යට ගිලි ගිය භූමියක සත්‍ය සලකුණවිය හැකි බව හෙලිවිය .
මෙම හෙළි කිරීම පුරාණ සම්ප්රදායේ “ගිලී ගිය මහා භූමිය” විද්‍යාත්මකව සනාථ කරමින් සෙමෙන් සෙමෙන් කරළියට ගෙනෙන මාවතේ මුල් අවධියකි .
2025 ජූලි මාසයේදීත් සිදු කරුණු තවත් පර්යේෂණයක් කලින් අදහසම තහවුරු විය එම පර්යේෂණයේදී දැනට පවතින මුහුදු අභ්‍යන්තරය මහාද්වීපීය ව්‍යුහයට නොගැලපෙන නිසා “මෙය පුරාණ භූමි කොටසක් විය හැක” යන්න නිගමනය විය , එනම් “ලෙමුරියානුභූමියේ ඉතිරි සලකුණක්” යන්න නැවත තහවුරු වීමකි .
ඕස්ලෝ විශ්වවිද්‍යාලයේ Trond Torsvik සහ ඔහුගේ කණ්ඩායම, ‘micro-continent in the Indian Ocean’ යන නමින් සිදුකල පරීක්ෂණය හරහාද ආදි කාලයකදී පෘථිවියේ මතුපිට වූ භූමි කොටස් මුහුදට ගිලී ගොස් සැඟවී තිබේ යන්න සනාථවිය .
පුරාණ භූමිය ගිලී ගිය විට පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය, චුම්බක රේඛා, ගුරුත්ව ක්‍රියාකාරකම් සියල්ලම බිදවැටීකට ලක්වන බව සරල දැනුමකි . මෙම ව්‍යුහ බිඳ වැටීම් නූතන විද්‍යාත්මක පර්යේෂණ හරහා සනාථ වෙමින් පවතී . ඉන්දියන් සාගරයෙන් සොයාගත් Mauritia, Mascarene Plateau, Chagos Ridge, Seychelles Bank වැනි භූමි මුහුද යට අතුරුදහන් වූ පුරාණ භූමි කලාපයක් පැවති බවට තහවුරු වෙයි.
මෙම කලාපය තුළ පෘථිවිය මතුපිට පෙනෙන සීමාවට වඩා ගැඹුරින් අසමාන්‍ය crustal thickness, mantle plume uplift,, submerged continental fragments වැනි තත්ත්වයන් මෙන්ම ගුරුත්වාකර්ෂණ විකෘතිතා පවතින බව මේ වන විටත් ස්ථීර කොටගෙන ඇත .
මෙම භූමි කලාපයට සමාන ලක්ෂණ පෘතුවියේ විශේෂිත ස්ථාන තුනක දැකගත හැකි වෙයි .ඒම ස්ථාන වනුයේ උතුරු අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය, ජපන් සාගරය අසල Devil’s Sea, සහ බ්‍රසීල අසල South Atlantic Anomaly නම් මුහුදු කලාපයන්ය . මෙම භූමි කලාපයන් හතරම එක හා සමානවම ගිලී ගිය භූමි කලාපයන්සේ සැලකේ . පුරාණ මතයන්ට අනුව මෙම භූමි ප්‍රදේශ හතරම පෘථිවි රටාව හැඩගැස්වූ මූලික ජාලයකි . මෙම භූමි ප්‍රදේශ අද දක්වාම රහස් වලින් ගහනව කලාපයකි.
මෙම කලාපය ආශ්‍රිතව සිදු කෙරුණු අලුත්ම සොයාගැනීම වනුයේ මුහුදේ ජල මට්ටම අනෙක් මුහුදු සීමාවන්හි ජල මට්ටමට වඩා පහලින් පිහිටා ඇති බවය ( Low Water Depression ).
විද්‍යාත්මකව මේ සදහා හේතු විය හැකි කාරණාව ලෙස දක්වන්නේ පුරාණ භූමියේ ගිලී යෑම ( Tectonic Subsidence ) ගුරුත්වාකර්ෂණ විකෘතිතා ( Gravitational Anomaly Basins
( නිසා පහල depression උල්පත) හා සූක්ෂම භූමි කොටස් බිඳී යෑම යි ( Micro-Continent Collapse Zones )
රූමස්සල කියන්නේ විශ්වයට ළඟම ස්ථානය කියලා විද්‍යාත්මකව හඳුනගෙන තියෙනවා . රූමස්සල කියලා කියන්නේ ලෙමූරියානු භූමිය ගොඩබිමෙන් වෙන්වුණු අවසන් තැන ලෙමුරියානු භූමිය වෙන් වී ගිලී ගිය විට එහි පැවති ශක්ති රේඛා (Earth energy meridians) බිඳී වෙන්ව නැත .
ඒ හේතුවෙන් Lemurian Grid හරහා විශාල ශක්ති ප්‍රවාහයක් භූමියට මතුවේ
( Cosmic resonance ) . රෝමස්සල විශේෂ භූමියක් බවට පත්වන්නේ ඒ නිසාය .
ලෙමුරියානු ශිෂ්ඨාචාරය විනාශ වී යෑමට හේතුවන්නට ඇත්තේ එම ශිෂ්ටාචාර තුළ අධික ලෙස පලිගු ( crystal ) ශක්ති ආකර්ශණ ක්‍රමවේදයන් භාවිතා කිරීම යැයි මතයක් ද පවතී . ( විකිරණශීලයේ ආයුධ සම්බන්ධයෙන්ද එවැනිම මතයක් පවතී . )
පළිඟු භාවිතා කිරීමෙන් පෘථිවියේ චුම්බක රේඛා,හා භූගත ශක්ති පාලන මාර්ග(energy meridians) වෙනස් කිරීමේ හැකියාවක් පවතී . එය සත්‍ය තත්ත්වයකි .
නව විද්‍යාත්මික පර්යේෂණ තුළින් හඳුනා ගත් මෙයට සමාන කාරණාවක් පවතී . ඉන්දියන් සාගරය යටින් දැනට ගිලී ගිය බව සැක කරන ලෙමුරියානූ භූමිය අභ්‍යන්තරයේ අති විශල quartz crystal නිදියක් හෝ එවැනි තත්ත්වයක් හඳුනාගෙන ඇත . එම පළිගු නීදිය හෝ පලිඟු කලාපය ඉතා සක්‍රීය මට්ටමෙන් පවතින බවද නූතන තාක්ෂණික උපකරණ හරහා හඳුනාගෙන ඇත . මෙම භූමි කලාපය තුළ දැනට සිදුවී ඇති බොහෝ දේශගුණික වෙනස් වීම් , ගුරුත්වාකර්ෂණ විෂමතා, විද්‍යුත් චූම්බක බලපෑම්, සහ භූගෝලීය ගිලා බැසීම් ( gravity anomalies, piezoelectric stress, සහ tectonic subsidence ) වැනි බොහොමයකට මෙම පළිඟු කලාපය හේතුවිය හැකි බවට විද්‍යාත්මක මතයක්ද පවතී . මේ හරහාද පැරණි ඉතිහාස ග්රන්ථ හා ජනප්‍රවාදවල සඳහන් හෙළ
පොළොවේ පලිඟු භාවිතාව පිළිබඳව පැවැති අදහස සනාථ වේ .
අවසාන වශයෙන් හිතන්නට ඇති කරුණ නම් ලෙමුරියානු භූමිය , කුමාරකන්දම් ශිෂ්ඨාචාරය නැතිනම් කන්‍යාවියන්ගේ දේශය තවමත් සක්‍රීය මට්ටමේ පවතින භූමියකි . එය ගිලී ගොස් ඇති බව සැබෑය .
එය තවමත් සක්‍රීය මට්ටමේ ශක්ති කලාපයකි ( active energy zone ) . අපට නොතේරෙන බොහෝ සැඟවුණු ශක්තීන් මේ භූමිය තුළ පවතින බව බටහිරයන් මේ වන විටත් අවබෝධ කොට ගෙන හමාරය . bathymetric ocean maps , gravity anomaly charts , crustal thickness 3D scans , submarine ridge collapse studies ආදී බටහිරයන්ගේ පර්යේෂණයන් හරහ ලෙමුරියානු පුරාවෘතයට දොරවල් විවෘත වෙමින් පවතී . හෙළ මහා පුරාවෘතයේ සඳහන් මහා භූමියේ දොළහෙන් එකොළහක් ගිලී යෑම නූතන bathymetric maps වලින් පෙන්වෙන පෘථිවීය depression zones එකට සමාන රටාවකි.
තවත් එක් කාරණාවක් මෙම ලිපියට එකතු කර යුතුයි කියලා හිතුණා. ඒක මගේ අදහසක් .. ලෙමුරියානු භූමිය කන්‍යාවියන්ගේ දේශය කියලා හැඳින්වූයේ කාන්තාවන්ට ගරුකරන සංස්කෘතියක් සහිත භූමිය හැඳින්වීමත් විදියට වෙන්න පුළුවන් .. ඒ කියන්නේ මාතෘ මූලික සමාජයක් පැවතුණු ශිෂ්ටාචාරය හඳුන්වන්න භාවිතා කරපු නමක් වෙන්න පුළුවන් .. අදටත් ඉතුරු වෙලා තියෙන රත්නදීපයේ අතීතයේ පැවතුණේ මාතෘ මූලික සමාජයක් … වර්තමානය වන විට ඒ තත්ත්වය දියවෙමින් පැවතියත් තවමත් ඒක තියෙනවා . ලෝකෙ මාතෘ මූලික සමාජයන් ගොඩක් අඩුයි … මේ නම ඇතිවුණේ මේ කාරණාව නිසා වෙන්න පුළුවන් … ඒ කියන්නෙ පැහැදිලිවම අපිට හිතන්න දෙයක් තියෙනවා. රත්න දීප කියලා කියන්නේ ගිලී ගිය කන්‍යාවියන්ගේ දේශයෙන් කොටසක් …
අවසානයේ හෙළ පොළොව යනු එහි සක්‍රීයව පවතින කන්‍යාවියන්ගේ දේශයේ මැණික් සැඟවුණු භූමියයි . සැඟවුණු භූමිය ගැන කෙමෙන් කෙමෙන් තොරතුරු මතු වෙමින් පවතී . මේ ආරම්භය පමණි .. තව දශකයක් යන්නට පෙර බටහිරයන් විසින්ම බොහෝ දේ ලොවට හෙළි කරනු ඇත .
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
