දීක්ෂා ගුරු මග

සරණක් ඇවැසි මිනිසුන් සොයා ගිය ගමන. . . 2017

රුසියානු විප්ලවයට පණ දෙන්නේ රුසියානු සාහිත්‍යය විසින් කියන එක ප‍්‍රසිද්ධ කථාවක්..

ඒ කියන්නේ විප්ලවයටත් දැණුම අවශ්‍යයි…

අපේ රටේ දෙවරක්ම විප්ලවය අසාර්ථක වෙනවා… ඒ ඇයි කියන එක මෙතනදි කථාකල යුතු නැහැ…

මේ කියන්න යන්නේ වෙනත් දෙයක්…

වතුර ඉල්ලලා අඩන ගොවියට වතුර මිසක් තැඹිලි දීලා වැඩක් නෑ…

මෙන්න මෙහෙම වැකියක් මගේ හිතේ ගැඹුරෙම ලියවිලා තියෙනවා… ඒක මගේ හිතට ආවේ කොහින්ද කියන එකනම් මතක නෑ නමුත් අපේ ඉතිහාසය තුළම සිදුවුනේ මෙන්න මේ දෙයම තමයි …

ඇත්තටම අපිට මේක වෙනස් කරන්න බැරිද ?

ඉතිහාසයක් පුරා ක‍්‍රිස්තියානු පල්ලියෙන් මේ දේ කරලා පෙන්නලා තියෙනවා…

මුස්ලිම් පල්ලියෙන් මේ දේ කරලා පෙන්වපු නිසා තමයි අද අපිම අසරණ වෙලා තියෙන්නේ….

ඇයි සිංහල බෞද්ධ අපිම විතරක් මේ දේ වෙනස් කරන්න උත්සහ නොකරන්නේ….


සිසු දරු සරණ වැඩසටහන තුළ තියෙන්නේ ඔන්න ඔය ගැඹුරු හරයයි….

සිසු දරු සරණ ඇරඹෙන්නේ 2015 වසරේදි ආශ‍්‍රමයේ අම්මගේ ඉල්ලීමක ප‍්‍රථිඑලයක් විදියටයි.

ඒ කියන්නේ ඇගේ උපන්දිනය වෙනුවෙන් පාසලක ලමයින්ට පොත් දෙමු කියන යෝජනාව…

ඒ යෝජනාවට අනුව දන්න කියන හැමෝටම කියලා දුශ්කර පාසලක් හෙව්වා. ඉතිං අවසානයේ පදියතලාවේ දෙමෝදර කනිෂ්ඨ විද්‍යාලය වී එෆ් එකේ උපුල් ඒකනායක හොයලා දුන්නා.

ඉතින් ඒ පාසලේ හිටපු ලමයි ටිකට අවශ්‍ය පොත පත නිල ඇදුම් ආශ‍්‍රමයෙන් ලබාදෙන්නට හැකිවෙනවා.

2016 වෙද්දී ආශ‍්‍රමයට යන එන දරුවනුත් මෙයට එකතු වෙන්න ඉල්ලීම් ඉදිරිපත් කරනවා. ඇත්තටම අපිට පුලූවන් නේද හොද වැඩපිලිවෙලක් අරඹන්න….

සිංහල දරුවන් පාසලෙන් හැලෙන්නැතිව දිගින් දිගටම පාසලේම රඳව ගන්න පුලූවන්නම් ……

ආශ‍්‍රමයේ අම්මා ඒ වගකීම අතට ගත්තා…

වසරකට එක් පාසලක් බැගින් මේ වැඩසටහනට එක් කරගත්තොත් …

තව වසර 20 යද්දි පාසල් 20 ක දරුවන්ව පාසල තුළම රඳව ගන්න වගේම දුප්පත් කම නිසා පාසලට නොඑන දරුවන්ව පාසලට ගෙන්න ගන්නත් හැකිවේවි….

2016 දි පදියතලාවේ දෙමෝදර කනිෂ්ඨ විද්‍යාලයට වගේම සිරිපාගම නිල්වල පාසලේ ලමයි ටිකට අවශ්‍ය පොත පත නිල ඇදුම් ලබාදෙන්නට හැකිවෙනවා.

2017 ඉලක්කය පාසල් තුනක් උදෙසා මේ සත් කාර්්‍යය ව්‍යාප්ත කරන එක…..

ආශ‍්‍රමය සමග නිරන්තරව බැදුණු දරුවන් විසි දෙකක් වගේම ආශ‍්‍රමය විශ්වාස කල පරිභාහිර දරුවන් දෙදෙනෙකුගේ එක්වීම පාසල් තුනේ කඩඉම පාසල් හයක් දක්වා ගෙන යන්නට ආශ‍්‍රමයට යෝධ පදනමක් සකස් කලා….

ඒ කියන්නේ සිසු දරු සරණ 2017 අති දුෂකර පාසල් හයක සමස්ථ සිසු දරුවන් වෙනුවෙන්ම වසරකට අවශ්‍ය පාසල් පොත් ලයිස්තුව බෝතල් කැමපෙට්ටි පැන්සල් පෙට්ටි බෑගය නිල ඇදුම් කවකටු පෙට්ටි වෝටර් කලස් ආදී නව වසරේ පාසල් ලයිස්තුවේ කිසිවක් අඩු නැතිව අංගසම්පූර්ණව ලබා දෙන්නට අපට හැකි වුණා…

ආශ‍්‍රමයේ අම්මා මේ වෙනුවෙන් වසරේ මැද සිටම දැඩි වෙහෙසක් දරණු ලැබුවා

ඒ පාසල් නිසි ලෙස සම්භන්ධීකරණය කර ගැනීම වෙනුවෙනුයි…. නැතිනම් සුදුස්සාටම සුදුසු දේ නොලැබී යනවා..

පෙර මම කිව්වා වගේ වතුර ඉල්ලන මිනිසුන්ට සිසු දරු සරණත් තවත් එක් තැබිලි පොවන වැඩසටහනක් කර නොගන්න ඇය දැරූ වෙහෙස අපමණයි….

දරුවන් වෙනුවෙන් දෙන දෙය දරුවන්ටම ලැබිය යුතුයි.

අම්මාගේ නිරන්තර මුවේ තිබුනේ ඔන්න ඔය වදන් ටිකමයි

අවසානයේ 2017 දෙසැම්බර් 03 වනදා සිරිපාගම නිල්වල පාසලටද දෙසැම්බර් 14 වන දා සිට පුරා දින හතරක ගමනකදී අම්පාර දිස්ත‍්‍රීක්කයට අයත් වහව ප‍්‍රාථමික විද්‍යාලය වීරානගම ප‍්‍රාථමික විද්‍යාලය පුලාවල ප‍්‍රාථමික විද්‍යාලය බෝගමුයාය ප‍්‍රාථමික විද්‍යාලය යන අති දුෂ්කර පාසල් හතරක් වගේම කලවාන වැද්දාගල කොස්ගුලන පාසලටත් මේ සත්කාරය පූර්ණය කරන්නට අපට හැකිවුණා.

මේ වැඩසටහනේදි යම් විදුහල්පති වරුන්ගේ සම්බන්ධීකරණයේ පැවති දුර්වලතා නිසාම පාසල් කිහිපයක්ම මේ වැඩසටහනින් ගිලිහි ගියා… එය දරුවන්ගේ පැත්තෙන් මහා අපරාධයක්… ඒ වගේම ඇතැම් අති දුෂ්කර පාසල් වල ඉන්න විදුහල්පතිවරු ගුරුවරු අපි ඇගයිය යුතුයි. මොකද ඔවුන්ගේ කැපවීම තමයි මේ දරුවන්ගේ අනාගතය.. අති දුශ්කර බව අප මේ ගමන් වලදි අත්වින්දා ඔවුන් එය හැමදාම අත්විදිද්දීත් ඒ පාසල් අතහැර නොයා රුදි සිටින්නේ ඒ දරුවන්ගේ පිනකට විය යුතුයි. අප සියල්ලටම පෙර ඇගයිය යුත්තේ එයයි.

සිසු දරු සරණ 2017 තවත් ඉදිරි පියවරක් තැබුවා … ගිණි ගන්න පොලවේ රස්නයෙන් පිලිස්සෙන අහින්සක මල් කැකුලූ වල දෙපා සරසන්න සපත්තු දෙකක් දෙන්න අපට හැකිවුණා…

හැබැයි මෙවර එය දරුවන් 60 දෙනෙක් වෙනුවෙන් පමණයි කල හැකි වුනේ….

නමුත් එය හොද ඇරඹුමක් වේවි….

අම්පාර දිස්ත‍්‍රික්කයේ අති දුෂ්කර පාසල් ටික හොයා ගන්න කාර්්‍යය සියල්ලටම වඩා අති දුශ්කර වුණා. ඒ දුෂ්කර බව දුරුකර ගන්නට හැකි වුනේ දෙමෝදර කණිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදහල්පති සමතපාල මහතා වගේම බෝගමුයාය විදුහල්පති ජයසේන මහතා ආශ‍්‍රමයේ මෙම සත්කාරය වෙනුවෙන් දරපු කැපවීම නිසයි.

එය ඇගයිය යුතුමයි.

ඉතින් මේ සත්කාරයෙදි ප‍්‍රධානම බාධාවක් වුනේ දරුවන් වෙනුවෙන් රුගෙන යන මේ භාණ්ඩ පාසල් කරා රුගෙන යෑම… ආශ‍්‍රමය හා බැදුණු දරුවන් නිසා ඒ අභියෝගයත් ජයගත්තා….

24 වනදා තමයි කොස්ගුලන පාසලට පොත් ලබා දෙන්න තිබුණේ 23 රූ 9 යට ආශ‍්‍රමයට කථා කරපු විදුහල් පතිවරයා පුංචි ඉල්ලීමක් කලා ..

අලුතෙන් පාසලට ඇතුලුවෙන තව දරුවෝ 4 ඉන්නවා අපිට ඒ අයටත් පොත් දෙන්න බැරි වේවිද ?

අම්මා කිව්වේ විනාඩි පහක් දෙන්න මම ඇමතුමක් දෙන්න කියන එක…

අවසන අප තීරණය කලා ඒ දරුවන්ටත් පොත් දෙන්න.

එදා උදේ යනගමන් එයට අවශ්‍ය මදිපාඩු කලවානේන් මිලදී ගත්තා….

මේ ආකාරයෙන්ම බෝගමුයායේදිත් දරුවන් තිදෙනෙක් එකතු වුණා…

මේ සත්කාර්යය වෙනුවෙන් එකතුවුන අය වගේම බාධා ඇති කල අය කකුලෙන් ඇදපු අය වගේම වචනයෙන්ම තමන්ට කරන්න පුලූවන් ටික කරලා නිකන් ඉන්න කියලා කියපු අයත් හිටියා. ආශ‍්‍රමයට ආවට ඔකට එක පොතක්වත් දෙන්නේ නෑ කියලා අම්මගේ මුණුටම කියපු අයත් හිටියා.

නමුත් ඒ භාධාවන්ම අපිව දෙගුණයකින් ඉදිරියට අරන් ගියා…

ආශ‍්‍රමය රට වෙනුවෙන් ඉදිරියට තියපු පය කිසිදු විටක පසුපසට නොගන්න බව ඒ අයටත් තේරුම් ගන්න මේක අවස්ථාවක් වේවි …..

ඉතින් 2017… පාසල් තුනක් කරා යන්න හිටපු ගමන පාසල් හයකින් අවසන් කරන්නට අපට හැකිවුණා.. ඒ කියන්නේ දරුවන් 193 ක්….. ඒ විතරක්ම නොවෙයි පාසල් හයටම අවශ්‍ය මුලික ලිපිදව්‍ය පුලාවල නායක හාමුදුරුවන්ගේ පන්සලට මසකට පමණ අවශ්‍ය වියලි ආහාර වගේම බෝගමු යාය දිලිදු පවුලකට අවශ්‍ය මසකට පමණ අවශ්‍ය වියලි ආහාර වගේම එම පවුලේ දරුවන්ට අවශ්‍ය සියලු පොතපත දෙන්න අපට හැකිවුණා…..

ඒත් වෙහෙස තවම නිම නෑ….

ආශ‍්‍රමය සමග අත්වැල් බැඳගත් සැමටම පිං……

දීක්ෂා ගුරු

කාංචන ගීත් මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close