තරු වළල්ල

කවුරු හොදයි කිව්වත් ඇයි හොදක් නොදැනෙන්නේ..

සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂය තුළ හොද ග‍්‍රහයන් හා නරක ග‍්‍රහයන් ලෙස මුලික බෙදීමක් දැකගත හැකි වෙයි.ගුරු සිකුරු බුද චන්ද‍්‍ර සුබයෝ ලෙසත් ශනි කුජ රාහු කේතු හා රවි නරකයෝ ලෙසත් සලකති .

වෛදික ක‍්‍රමයේදි මේ බෙදීම පිලිනොගනිති.

යමෙක්ට සුභ ග‍්‍රහයෙක්ට අදාල දසා කාලයක් ගත වෙද්දී සුභ ප‍්‍රථිඑල ලැබේයැයි බලා සිටිති. නරක ග‍්‍රහයෙක්ගේ දසා කාලයන් හීදී ප‍්‍රවේසම් වීමට උත්සහ දරති.

මතුවන ගැටලුව නම් සුබයි කියන කාලයන් වලදීද සුභ එල නොලැබීමය.

එසේ සුභ එල නොලැබෙන්නට හේතු වනුයේ කුමක්ද ?

සෑම දශාවක් තුළදීම එකී මහ දශා අධිපතියාට සෑම ජන්මියකුගේම ජීවිතවල නිශ්චිතව ඉෂ්ට කළ යුතු කාර්යයන් ප‍්‍රමාණයක් පැවරී ඇත.

එය තීරණය වනුයේ එකී දශා අධිපතියාගේ අධිපතිත්වය හා කාරකත්වය අනුවය.

එහෙත් මෙම දශා අධිපතියාගේ කාලසීමව තුළටම පෙර ආත්මයේදි කරන ලද වරදකට විශ්වය විසින් දඩුවම් නියම කර ඇත්නම් එම දශා කාලය තුළ එම ග‍්‍රහයාට පැවරී ඇති කාර්ය ඉෂ්ට කරගත නොහැකි තත්ත්වයට පත්වෙයි.

මෙම පෙර ආත්මයේ වැරදි අතරින් ප‍්‍රධානය විදවීම නිර්මාණය කරණු ලබන්නේ සමාජය තුළ අප කටයුතු කරද්දී එක් එක් පුද්ගලයන් වෙතින් ඇති වු සාපයන්ය .

සාම්ප‍්‍රධායික ජ්‍යොතිෂය තුළ මෙම පුර්ව කර්මයන් ක‍්‍රීයාත්මක වන ආකාරය තේරුම් ගැනීමේ ක‍්‍රමවේදයක් නොවීම හේතුවෙන් ග‍්‍රහයන්ගේ සුභ අසුභ මත පමණක් දසාවේ එලයන් බෙදා දැක්වීමට උත්සහ දරති.

එහෙත් දීක්ෂා ගුරුවරයාට ග‍්‍රහයන්ගේ හොද නරකින් එලක් නැත .

ගුරුවරයා සොයා බලන්නේ පෙර කර්මයන් ක‍්‍රීයාත්මක වන කාලයයි. එහිදි සාම්ප‍්‍රධායික හොද ග‍්‍රහයින්ද නරක් වන අයුරු හදුනාගත හැකි වෙයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x