පයිරා වාස්තු

ප‍්‍රධාන දොරටුවට කෙලින් බුදුපිලිමය අසුබයි

එක් දිනක් එක් ව්‍යාපාරික ස්ථානයකට ගොඩ වුණා. මගේ පුතාගේ අවශ්‍යතාවයක් වෙනුවෙන්…..

ඒ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවා හිතවතෙක්…

ඒ නිසාම මම ව්‍යාපාරික ස්ථානයෙන් එලියට එනවිට එහි මම දුටු ප‍්‍රධාන වාස්තු දෝශයක් පිලිබදව ඔහුට කිව්වා….

ඔබේ ප‍්‍රධාන දොර කොලින් කණුව උඩ තියා තියෙන බුදු පිලිමය ඉවත් කරන්න නැත්තම් ඔබට ප‍්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වේවි…

එත් සිදුවුණේ වෙනත් දෙයක්..

ඔහු ඒක පිලිගන්නවා වෙනුවට මට කිව්වේ වෙනස්ම දෙයක්…

මම මේ පිලිමය තියලා මාසයක් විතර වෙනවා. මට මේක තියපු දිනයේ ඉදන් මාර හොදයි…. මේ මාසේ අලූත් කඩයකුත් පටන් ගත්තා. තට්ටු තුනක…

මම කිසිවක් නොකිය නිහඩව පිටවෙලා ආවා….

මාස කිහිපයක් ගෙවී ගියා…

පසු දිනක මම යලිත් ඒ ව්‍යාපාරික ස්ථානයට ගොඩ වුණා… ඒත් දැන් ස්ථානයේ මුදල් කවුන්ටරයේ ඉන්නේ වෙන කෙනෙක්…

මම සේවකයෙක්ගෙන් ඇසුවා හිමිකරුවා පිලිබදව…

එයා මිසින්…

ණයට හිලව් වෙන්ඩ කඩ දෙකම ණය කාරයෝ අල්ල ගත්තා..

අපිටත් දැන් යන්ඩ තැනක් හොයා ගන්ඩ වෙනවා….

තවමත් බුදු පිලිමය කණුව උඩම ඇත .

දීක්ෂා ගුරු

වාස්තු උපදේෂක

කාංචන ගීත් මනමේන්ද්‍ර

0777 96 44 74

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!