පිළිවෙත් හා ශාන්තිකර්ම

විශ්ව රටාව බිද ගන්න එපා

විශ්ව පහණ කියලා කියන්නේ විසඳගන්න බැරුව තියෙන බොහෝ ප්‍රශ්න විසදලා දෙන මාර්ගයක් ….

ඒත් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා .

අපිට සමහර ප්‍රශ්ණ විසදගන්න බැරිව බොහෝ කාලයක් පීඩා විදින්නේ එම ප්‍රශ්න නිර්මාණය කරන්නේ කර්මානුරූපී විඳවීම වෙනුවෙන්ම වීම නිසයි .

විශ්ව පහන කැපවීමෙන් දල්වද්දී මෙවන් ගැටලුවලට විසදුම් ලැබෙනවා කියලා කියන්නේ එහෙනම් කර්මානුරූපී විදවීමේ රටාවේ යම් වෙනසක් සිදුවෙනවා කියන එකයි …

හැබැයි අවබෝධ කරගන්න ඕන දේ තමයි .. මෙතනදි වෙනස් වෙන්නේ රටාව … එහෙම නැත්නම් විශ්ව පහන කැපවීමෙන් දැල්වීම තුලින් පාලනය වෙන්නේ විදවීම … පුර්ණ වශයෙන්ම කර්මය අහෝසි වීමක් ඒ හරහා වෙන්නේ නැහැ…

ඒ නිසා විශ්ව පහන දල්වන්න පටන් ගත් අවස්ථාවේ තමා වටා තිබුණු ගැටලු නිරාකරණය උනා කියලා පහන නවතා දැමීම සුදුසුම නැහැ . මොකද ඊට පස්සේ අර රටාව යළි කර්මයට අවශ්‍ය විදිහට සකස් වෙනවා .
පරමාත්මීය මනසින් දීක්ෂා දැණුමින් විශ්ව පහන නිර්මාණය වෙන්නේ විදවීම පාලනය කරන වේගවත් පිලියමක් ලෙසයි . කර්මය පාලනය කරන්න පුළුවන් කර්මඵල විග්‍රහය හරහා පමණයි …

ඒ නිසා විශ්ව පහන් අතරමග නවත්තලා දානවනම් ස්ථිරවම නවත්තලා දාන්න ..

ගැටලු එනකොට යළි විශ්ව පහන පටන් ගන්න අවසර ඉල්ලුවම වෙන්නේ යළි රටාව වෙනස් කරන්න අමතර ජවයක් යොදන්න වෙන එක…

” දීක්ෂා මඟ ” ඔබට තවමත් වැටහෙන්නේ නැහැ .

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly


Translate »
error: Content is protected !!