Arrival of Alien

ස්වර්ගයෙන් නෙරපූ දේවදූතයාගේ අදුරු මෙහෙයුම

අපි දන්නවා මේ වන විට සමස්ත ලෝකයේම අවධානය යොමුවෙලා තියෙන දෙයක් තමයි තාරකා පද්ධති අතර ගමන් කරන හඳුනා නොගත් වස්තුව ගැනයි .. මේක හඳුනා නොගත් කියන වචනයෙන් කතා කරාට ඒකට නමක් දීලා තියෙනවා .. ඒ තමයි 3I/ATLAS . මම මේක ගැන කලින් අවස්ථා දෙකකදී කතා කළා … කොහොම වුණත් මේක හඳුනා නොගත් කියලා කිව්වට අද වෙනකොට මේක ගැන බොහෝ තොරතුරු එළියට ඇවිත් තියෙනවා ..

මේ ලිපිය ආරම්භයේදීම තවත් දෙයක් කියන්න ඕනේ නවලෝක අනුපිළිවෙල යටතේ මේ පිටසක්වල කතාබහ අලුත් දෙයක් නොවෙයි. නවලෝක අනුපිළිවෙල තුළ ලෝකයටම එක මුදල් කාඩ්පතක් යෝජනා වෙන්න කලින් තියෙන්නේ පිටසක්වලයන් ගැන ලොකු චිත්‍රයක් මවාපාන අවස්ථාව.. ඉතින් මම දකින්නේ මේ ඒ අවස්ථාව තමයි නිර්මාණය වෙමින් පවතින …
( මම එහෙම කියන්නේ මීට වසරකට දෙකකට කලින් මම රූප සටහනකින් එක් එක් වසර වලදී කතා වෙන මාතෘකා ගැන සඳහන් කරපු එක මතක් කර ගන්න )

මේ අභිරහස් වස්තුව 3I/Atlas කියලා නම් කරන්නේ ඇයි ?

මේ නම ගැඹුරු අර්ථයක් සහිතව යොදපු එකක් නෙමෙයි මේක බොහොම සරල ගැලපීමක් … මේ නමේ කොටස් දෙකක් තියෙනවා .

1 . 3I – Third Interstellar Object

අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති වෙනත් තාරකා පද්ධතියක සිට පැමිණි තුන්වන ග්‍රහ වස්තුව හැටියට තමයි මේක සලකන්නේ ….. මෙයට පෙර වැඩියෙන්ම කතාබහ වෙච්ච අන්තර් තාරකා වස්තුව වනුයේ ʻOumuamua යි . ඉන් වසර දෙකකට පසුව Borisov කියා නම් කළ අන්තර් තාරකා වස්තුව අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වුණා .

2 . Atlas – Asteroid Terrestrial-impact Last Alert System

මේ කොටසින් හඳුන්වන්නේ මෙම ග්‍රහවස්තුව සොයාගැනීමට මුල් වෙච්ච පද්ධතියයි . 2024 ඇප්‍රේල් 12 වනදා හවායි හී පිහිටා ඇති ATLAS survey පද්ධතිය මුලින්ම මෙය හඳුනා ගනු ලැබුණි .

3I/ATLAS කොතරම් විශාලද ?

මෙය මුලින්ම හඳුනාගන්නා විට එහි විශ්කම්භය (Nucleus Diameter) 10 – 12 කිලෝමීටර් පමණ බව අනුමාන කෙරිණි .
නමුත් 2025 ජූලි 21 දින Hubble Space Telescope විසින් සිදුකළ නිරීක්ෂණවලින් එහි විශ්කම්භය කිලෝමීටර් 5.6 අඩු බව තහවුරු වුණි.
එහි Tail (වලිගය) සහා Coma (වලාකුල) සිය ගණනකටත් වඩා විහිදී තිබෙන බව Hubble හා James Webb දත්ත පෙන්වයි.

එක්වරම 3I/ATLAS පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙන්නේ ඇයි ?

ඒකට ප්‍රධානම හේතුව වන්නේ එහි වේගය හා එහි ගමන් මාර්ගයයි . මුලින්ම මේ වේගය හඳුනා ගන්නේ පැයකට කිලෝමීටර් එක්ලක්ෂ විසිදාහක් පමණ කියල .. මෙම වේගය සාමාන්‍ය වේගයක් නොවෙයි ඒ කියන්නේ ඒ වේගයට සම කරන්න පුළුවන් වෙනත් කිසිම දෙයක් නැහැ.. ග්‍රාහක හෝ වල්ගාතරු වැනි දේ මෙතරම් වේගයකින් ගමන් කරන්නේ නෑ .

අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළට ඇතුල් වන අවස්ථාවේදී එහි වේගය පැයකට ලක්ෂ දෙකකට වැඩි වුණා …..

මේක කොහොමවත්ම ස්වභාවික නිර්මාණයක් වෙන්න බැහැ … මොකද ඒක අති දියුණු තාක්ෂණික නිර්මාණයක් වෙන්න ඕනේ … පෘථිවි මිනිසා දියුණුයි කියලා අප හිතුවට ඔවුන්ටවත් එහෙම දෙයක් කරන්න බැරිවෙලා තියෙනවා

මෙය විශේෂ වෙන්න තවත් හේතුවක් තමයි , මේක වෙනත් තාරකා පද්ධතියක සිට පැමිණෙන දෙයක් ලෙස අනුමාන කිරීම .. කලින් අවස්ථාවකත් මෙවන් තාරකා පද්ධති අතර ගමන් කරන යම් වස්තුවක් අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළා .. මේ දෙකම එකිනෙකට සමාන ලක්ෂණ දැරුවත් මෙහි වේගය ගොඩක්ම වැඩියි .

සාමාන්‍ය ස්වභාවය තමයි විශ්වය හරහා ගමන් කරන මෙවැනි ග්‍රහවස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වුණාට පසු සූර්යාගේ ගුරුත්වයට බැඳෙනවා . එවිට සිදුවන්නේ සූර්යයා වටා යම් ඉලික්ෂාකාර ගමන් මාර්ගයක් අනුගමනය කරමින් සූර්යයා වටා ගමන් කිරීම (orbital) හෝ කෙටි දුරක් ගමන් කරමින් පිටව යෑමයි . 3I/ATLAS සූර්යයාගේ ගුරුත්වයට ( permanent bound ) බැඳෙන්නෙ නැහැ .

එය සෞරග්‍රහ මණ්ඩලය හරහා යන සෘජු මාර්ගයක් භාවිතා කරනු ලබනවා . එනම් සූර්යයාට ඇදබැඳී ස්ථායී පථයක් නොමැතිව සූර්යයා අසලට ඇතුළු වී ඉවතට පිටව යන පථයකි. (hyperbolic) . මෙහිදී අපට අවබෝධ කර ගත හැකි කාරණාව වන්නේ සූර්ය පද්ධය තුළට පැමිණ සූර්යයාගේ ගුරුත්ව හා සූර්ය විකිරණ ශක්ති භාවිතා කරමින් හෝ උරා ගනිමින් එවැනි ශක්ති සමඟ අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව මෙම වස්තුව සතු බවය .

NASA–Swift UV දත්තවලට අනුව මෙම වස්තුවෙන් වායු රේඛා හඳුනාගෙන ඇත . එසේම මෙම වස්තුව තුළින් “ජල වාෂ්පය” පිටවීම (water outgassing) සිදුවේ .
සාමාන්‍යයෙන් යම් ග්‍රාහක හෝ වල්ගා තරු වලින් සූර්යයාට ආසන්නය වන විට ජල වාෂ්ප නිකුත්වීම සිදුවේ . 3I/ATLAS සූර්යයාට දුරින් සිටියදීත් මේ ජල නිකුත් වීම සිදුවීම ස්වභාවික නොවන බව සිතන්නට හේතුවකි . ප්‍රමාණාත්මකව ජල වාෂ්ප පිටවීම වැඩි බව ඔවුන්ගේ මතයයි .

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) 2025 අගෝස්තු 6 දින NIRSpec උපකරණ භාවිතයෙන් සිදු කරන ලද ගවේෂණය තුළින් සූර්ය දෙසට යොමුවුණු විශාල වලිගයක් නිර්මාණය වන බව හඳුනා ගනු ලැබිණි . (sunward-enhanced outgassing) සාමාන්‍යයෙන් සූර්යයාගෙන් විරුද්ධ දිශාවට (anti-solar) වලිග නිර්මාණය වුවද සූර්යයා දෙසට නිර්මාණය වීම ස්වභාවික තත්වයක් නොවේ . කෙසේ වෙතත් ATLAS හි සූර්යා-දෙසට දිගු වූ වලිගයක් ( දූවිලි වලාවක් ) (sun-facing dust plume) සහ එයට අමතරව සාමාන්‍ය anti-solar වලිගයක්ද පවතී .

මෙතෙක් අපට හුරු වල්ගා තරු හෝ ග්‍රාහක වලට වඩා මෙය වෙනස්වන තවත් හේතුවක් වන්නේ ඉතා ඉහළ වේගයකින් ගමන් කරන අතර, ඉස්සරහට සහ පසුපසට හැරෙමින් ( hyperbolic ) සූර්ය පද්ධතියෙන් චලිතය​ ලබන දිශාවකට ගමන් කිරීමයි . මගින් තහවුරු වන්නේ ද මෙම වස්තුව තුළ ස්වයං පාලනයක්ද පවතින බවයි .

මෙම වස්තුවේ පවතින සංයෝග (composition) අතර ඉතා වැඩි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ( CO₂) පවතින බවත් “නිකල් වායුව” (nickel vapour) නිදහස් වීමක් සිදුවන බවත් අවබෝධ කොටගෙන ඇත . නිකන් වායුව ස්වභාවික ක්‍රියාකාරීත්වයන් තුළින් නිදහස් වීමක් සිදු නොවන අතර එය කෘතිමව සිදු විය යුතු ක්‍රියාවලියක ප්‍රතිඵලයකි .
මෙවන් කරුණු හේතුවෙන් මේ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන පර්යේෂණ කණ්ඩායම් දිගින් දිගටම මෙය ස්වභාවික සංසිද්ධීන් වලට පරස්පර වූ ක්‍රියාකාරීත්වයක් සහිත වස්තුවක් විය හැකි බවට ඉන් පළ කරනවා .

3I/ATLAS පැමිණෙන්නේ කොහි සිටද ?

දැනට සොයාගෙන ඇති මූලික කරුණු අනුව මෙය අප සූර්ය පද්ධතිය තුලට පැමිණෙන්නේ බවට ගැලැක්සි තුළ ඉතාම පැරණි කලාපයක සිටයි . එනම් ගැලැක්සිය මධ්‍යයේ වළාකුළු ලෙසින් දිස්වන කලාපයේ සිටයි (Galactic thick disk)

මෙය හර්කිලීස් තාරකා පද්ධතිය (Constellation Hercules) හා ලයිරා (Lyra) තාරකා පද්ධතිය අතරින් පැමිණි බව දැනට විශ්වාස කරනු ලබයි . මෙය ඉතා විශේෂ කාරණාවකි . විශ්වයේ පැරණිම හා බුද්ධිමත්ම ජීවී කාණ්ඩය ලෙස සලකන්නේ ලයිරා පද්ධතිය මුල්කරගත් සිංහ මිනිසුන්ය ( (Lyrans / Leonine Lyrans) විශ්වය පුරා ජීවී ව්‍යාප්තිය සිදුකරන ලද්දේ ද ඔවුන් ලෙස සැලකේ ..

එ අනුව ඉතා බුද්ධමත් ජීවීන් සහිත තාරකා පද්ධතියක සිට පැමිණෙන්නේ ස්වාභාවික ග්‍රහ වස්තුවක් නොවීමට ඇති ඉඩකඩ ද බොහෝ සෙයින් ඉහළය .

සත්‍ය වශයෙන්ම 3I/ATLAS කුමක් විය හැකිද ?

තාරකා පද්ධති අතර ගමන් කරන යානයක් “interstellar vessel ” විශ්ව ගවේෂණ උපකරණයක් , ග්‍රාහකයක් හෝ ධූම කේතුවක් යන වස්තූන් අතරින් මෙය කුමක්ද යන්න පිළිබඳ මේ වන විට ප්‍රබල කතාබහක් මතුවෙමින් පවතී .

මෙය අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල් වූයේ අඟහරු හා පෘතුවිය අතරමැද කලාපය තුළින්ය .

2025 අගෝස්තු 28 සහ සැප්තැම්බර් මුල් සතිය තුළදී සූර්යයාට ආසන්නම ලක්ෂයට පැමිණි බව නාසා ආයතනය තහවුරු කර ඇත . (perihelion ≈ 1.1 AU) සූර්ය ප්‍රභාව හේතුවෙන් මෙම අවස්ථාව කිසිදු දූරේක්ෂයකට ඡායාරූප ගත කළ නොහැකි විය.

පෘථිවිය දෙසට පැමිණෙතැයි බොහෝ අය විශ්වාස කළ ද 2025 ඔක්තෝබර් 29 වනදා සූර්යයාට උපරිම ලෙසින් ළඟාවී සූර්යයාගේ ගුරුත්ව බලය අතික්‍රමණය කර පෘථිවියට වඩා ඉහළ උසින් පිටව යාම ආරම්භ විය.

3I/ATLAS තාරකා පද්ධති අතර ගමන් කරන යානයක් ( Interstellar vessel ) විය හැකිද ?

විද්‍යාත්මික පර්යේෂණ අනුව, 3I/ATLAS යනු ඉතා වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශීය වස්තුවකි . දැනට සිදු කරන පර්යේෂණයන් තුළ ස්වභාවික නොවන සාධකයන් ද හඳුනාගෙන ඇත . “යානයක්” ලෙස සිතිමේද හැකියාවක් ඇත.

මෙය යානයකට වඩා වැඩි වශයෙන් සිතන්නට හැකි කාරණාව වනුයේ අප සූර්ය පද්ධතියට පිටතින් එවන ලද , “අභ්‍යවකාශී ජීවන්ගේ නිරීක්ෂණ උපකරණයක්” විය හැකි බවය . නමුත් විද්‍යාලෝකයේ ප්‍රධාන මතය වන්නේ මෙය ස්වාභාවික වස්තුවක් බවය.

මෙම සියලු කරුණු මූලික කොට ගෙන කරුණු පෙළ ගැසීමේ දී gravitational assists, solar radiation pressure, interstellar medium interactions වැනි පිටසක්වල යානා හෝ වස්තුන් ගමන් කිරීමට මුලික වන ක්‍රමවේදයන් පිලිබඳවද විමසිය යුතුය .

දැනට 3I/ATLAS වස්තුව පිළිබඳ විද්‍යාත්මකව එළැඹ ඇති නිගමනයන් යළි කෙටියෙන් පැහැදිලි කළහොත් , 

3I/ATLAS යනු අප සූර්ය පද්ධතියට පිටත (inter-stellar) ආරම්භයකින් ගමන් කරන වස්තුවකි. එහි ඉහළ වේගය 209,000 km/h
(පැයට කිලෝමීටර් 209,000 ක් )
එහි රැඳී ඇති සංයෝග (coma) හා දුහුවිලි වලාකුළු නිරීක්ෂණ කිරීමෙන් ( James Webb Space Telescope (JWST) හා Hubble Space Telescope විසින් ) CO₂, H₂O, CO, OCS වැනි වායු අංශ හඳුනාගෙන ඇත.
දූවිලි සහ වායු වලාකුළු තුළ (Comet Clouds / Cometary Coma and Tails) CO₂ (දියර බවට පත් වූ කාබන් ඩයොක්සයිඩ් ) ඉතා විශාල ප්‍රමාණයක් පවතින බවට විශ්ලේෂණ තිබේ. සූර්ය පද්ධතියේ ස්ථිති ග්‍රහණයෙන් තොරව “හයිපර්බොලික්” (hyperbolic) මාර්ගයක ගමන් කරමින් පවතින බව සනාථ වී තිබේ. සූර්යයාට ලංවීමෙන් ලබාගන්නා ශක්තිය තුළින් (solar radiation pressure, gravitational slingshots) වැඩි වේගයක් සහ තද බලයක් එම වස්තුවට ලැබුණු බවට දැනට විශ්වාස කරනවා . මෙවැනි විද්‍යාත්මක සාධක මතද මෙය ස්වභාවික දූම කේතුවක් හෝ වෙනත් ග්‍රාහකයක් ලෙස සිතීම තරමක් ගැටළු සහගත කරුණකි .
මෙය යම් දියුණු ජීවීන්ගේ යානයක් හෝ නිරීක්ෂණ උපකරණයක් නම් සූර්යයාගේ ගුරුත්ව බලය (gravitational attraction) සහ සූර්ය විකිරණ (solar radiation) බලයන් එහි ක්‍රියා‐කාරකම්වලට සෘජුව බලපානු ලබයි .
එහි පවතින තාක්ෂණය මත සූර්යය ගුරුත්වයෙන්ද වේගය වැඩි වීමේ හැකියාවතක් ඇත. (gravitational assist)
සූර්ය විකිරණ-පීඩනය (solar radiation pressure) හා සූර්යගේ තාප වායු ඉවත් කිරීමේ ක්‍රමවේද තුළින් (thermal outgassing, sublimation) එය අවට ඝන හා වායු ද්‍රව්‍ය නිකුත් කිරීම් නිසා වස්තුවට හිස් කෝමා (coma) සහ දූවිලි-පට(dust tail) නිර්මාණය විය හැකිය. ( දුහුවිලි වලිග )
සූර්යයාගේ ගුරුත්වයෙන් සහ විකිරණ බලයෙන් වැඩි ආධාරයක් ලැබීමෙන් භෞතික වශයෙන් වේගය, පථය හා ව්‍යුහය වැනි ලක්ෂණ වෙනස් වීමක් සිදුවී ඇත. සාම්ප්‍රදායිකව, මෙවැනි වේගවත් අභ්‍යවකාශී ප්‍රතිචාර දැවීමක් (escape trajectory) ස්වභාවික දෝමක හේතුවකට සිදුකළ නොහැකිය . එබැවින්, 3I/ATLAS සමග සූර්යයා අතර ඇති ගුරුත්ව – විකිරණ සම්බන්ධතා , “අභ්‍යවකාශීය යානයක්” ලෙස සැලකීම සඳහා යහපත් පදනමක් සපයයි.

දශක එකහාමාරකට වැඩි කාලයක් තුළ පිටසක්වල යානාහි ක්‍රියාකාරීත්වය ගැන ලියූ ලිපිවල යානාවල ක්‍රියාකාරීත්වය උදෙසා වැඩි වශයෙන් “ප්‍රතිගුරුත්ව න්‍යාය” භාවිතා වන බව මා පෙන්වා දී ඇත . එ අනුව 3I/ATLAS වස්තුවද මෙම ප්‍රථි ගුරුත්ව න්‍යාය හා බැඳී පවතින බව පෙනේ

මෙය දියුණු අභ්‍යවකාශීය ජීවීන්ට අයත් උපකරණයක් නම් එය යාන්ත්‍රික ව්‍යුහය හා ශක්තික සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමින් තිබිය හැකිය . මෙහි ක්‍රියාකාරීත්වයට භෞතික ශක්ති (kinetic, gravitational, radiation) වැනි ශක්තීන්ට අමතරව ප්‍රාණශක්ති (life-force, consciousness) වැනි දෑද භාවිතා නොවේයැයි කියා අපට තර්ක කළ නොහැකිය .
කෙසේ වෙතත් විද්‍යාවට තවමත් මේ පිළිබඳ අවසන් තීරණයක් නැත . මෙය විශ්වය පුරා විහිදී ඇති ශක්තීන් එකතු කරන හා ගවේෂණය කරන ලයිරා පද්ධතියේ සිට පැමිණෙන දියුණු මිනිසුන් විසින් සැකසූ උපකරණයක් වීමේ ඉඩකඩ බොහෝ සෙයින් පවතී . එ තුල පිටසක්වල ජීවීන් නැත . එය යම් ස්වයංක්‍රීය තාක්ෂණයක් හෝ ක්‍ර‍රමවේදයක් මත ක්‍රියාකරන එකකි . එයින් පෘථිවියට හානියක් නැති බව සියයට සීයකින්ම පැවසිය හැකිය . එය පැමිණෙන්නේ පෘතුවිය පමණක් ඉලක්ක කොට ගත් ගමනක් උදෙසා නොව විශ්ව සංචාරයක් උදෙසාය . අනාවැකියක් ලෙසින් පැවසුවද දෙසැම්බර් මාසයේ පෘතුවියට පහර දෙන පිටසක්වල යානයක් නැත . එයට හේතුව දැනටද පිටසක්වළ කාණ්ඩ විසිතුනක නියෝජිතයින් පෘථිවිය මත සිටීමයි

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

Add a comment

*Please complete all fields correctly

Translate »
error: Content is protected !!