Arrival of Alien

ඇන්ඩ්‍රොමිඩා කවුන්සිලය මොකක්ද මේ ....

පසුගිය කාලයේ දිගින් දිගට පිටසක්වල ජීවීන් පිළිබඳ යම් යම් සාධක මම ඉදිරිපත් කළා. ඒ සියල්ල හරහා මට අවශ්‍ය වුණේ පිටසක්වල ජීවීන් කියල කියන්නේ මිථ්‍යාවක් නොවෙයි අනාදිමත් කාලෙක ඉඳලා අපේ පෘථිවියත් එක්ක සබඳතා තිබුණු පිරිසක් කියන එක මතු කරලා පෙන්නන්න.

අපේ පෘතුවියේ පිටසක්වලයෝ ඇත්තටම ඉන්නවා. වර්ග කිහිපයක්ම ඒ අතර ඉන්නවා. බොහෝ අය සාමකාමී අය ඒ අය අපි ගැන හොයා බලමින් අපි අතර ඉන්නවා. පරිබාහිරව ඇතිවෙන යම් යම් ගැටලුකාරී තත්වයන්ගෙන් ඔවුන් අපිව ආරක්ෂා කරනවා.

මම අද බොහොම පුංචි විස්තර ටිකක් ඉදිරිපත් කරනවා. මේක ගොඩ අයට පැහැදිලි නොවේවි. නමුත් මේ ටික කියෙව්වට පස්සේ ඕගොල්ලොන්ට මේක හොයන්න ඕනේ කියලා හිතේවි. මේ ගැන ලෝකෙ කරුණු බොහෝ තියෙනවා. මොකද එහෙම ඉන්න අය ඔවුනොවුන් අතර යම් සබඳතා තියාගෙන ඉන්නවා. ඔවුන් එළිපිට හම්බ වෙනවා. ඒක හරියට යම් ආගමක් යම් නිකායක් වගෙයි.

galactic federation මෙය ඔබට නුහුරු නමක් වේවි. මොකද මේක පෘථිවියට සම්බන්ධ දෙයක් නොවන නිසා.. මේක සම්බන්ධ පෘථිවියට නොවේ නම් මේක සම්බන්ධ කොහෙටද ? ඒක ඇත්තටම ප්‍රශ්නයක් තමයි.

සිංහලෙන් කියනවනම් ගැලැක්සි සම්මේලනය. දැන් මේක තේරෙනවා මේ සම්මේලනය ගොඩනැගෙන්නේ galaxy අතර ඒ කියන්නේ විශ්ව ජීවීන් අතරයි. ඇන්ඩ්‍රොමිඩා කවුන්සිලය යටතේ ක්‍රියාත්මක වන සම්මේලනයක් වන galaxy සම්මේලනය සූර්යයන් 140 කින් පමණ බිහිවන ග්‍රහ මණ්ඩලය අතර පිහිටි බුද්ධිමත් හා කරුණාවන්ත ජීවින් සිටින ලෝක තුන්සීයක් පමණ එක් වීමෙන් ගොඩනැගුණු සම්මේලනයකි. එහි ප්‍රධානියා ලෙස සැලකෙන්නේ ට්‍රො සිටි නම් තාරකා පද්ධතියේ ප්‍රධානියාය.

එසේම ඇන්ඩ්‍රොමිඩා කවුන්සිලය හී ප්‍රධාන ග්‍රහ ලෝකය ලෙස සැලකෙන්නේ සීටා නම් ග්‍රහ ලෝකයකි. මෙම කවුන්සිලය ප්‍රධාන ලෝක 12ක නියෝජිතයන් දොළොස් දෙනෙකුගෙන් ක්‍රියාත්මක වේ. galaxy ක්‍රියාකාරකම් galaxy ප්‍රමිති ආචාරධර්ම සියල්ලම ඔවුන් වෙතින් නිර්මාණය වන බව පිළිගනිති. ඔවුන් ඉතා බුද්ධිමත් ජීවීන් මෙම ජීවීන්ගේ බුද්ධිමත්භාවය තීරණය වන්නේ මාන වල ඉහළ මට්ටමට ගමන් කිරීම තුළ බව පිලිගැනේ . මෙම කවුන්සිලයේ දොළොස් දෙනා අතර නමවන මානයේ කිහිප දෙනෙකු ද සිටින බව පිළිගනු ලබයි.

තුන්වන මානයේ සිට නම වන මානය දක්වා විවිධ ග්‍රහලෝක මෙම කවුන්සිල හා සම්බන්ධව කටයුතු කරනු ලබයි. පෘථිවිය හා සම වූ තුන්වන මානයේ පරිවර්තනය වෙමින් පවතින ග්‍රහලෝක කිහිපයක් ද එම කවුන්සිලයේ සාමාජිකත්වය අතර සිටින බව සැලකේ.

එම කවුන්සිලය දෙකේ ස්වභාවය පැහැදිලි කර ගැනීමට උදාහරණයක් ලෙස පෘථිවියට තුළ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන එහි අනු කමිටු දැක්විය හැකියි.

galaxy කවුන්සලය හා andromedia කවුන්සලය පෘථිවිය සලකන්නේ තුන්වන මානයෙන් හතරවන මානයට පරිවර්තනය වෙමින් පවතින ග්‍රහලොවක් ලෙස ය. ඔහුන් පෘථිවිය හැඳින්වීම උදෙසා භාවිතා කරනු ලබන්නේ M 31 යන නාමයයි. ඔහුනගේ මතයට අනුව පෘථිවිය තුන්වන මානයේ අවසාන කාලයත් හතරවන මානයේ පිවිසුමත් අතර කාලයක් ගෙවමින් සිටියි.

පෘතුවිය හා මෙම කවුන්සිල දෙක අතර සම්බන්ධීකරණය සිදුකරන්නේ  joint earth council ය විසිනි. එනම් ඒකාබද්ධ පෘථිවි කවුන්සිලය යන්නයි.

මෙම කවුන්සිලය නිර්මාණය වී ඇත්තේ පෘථිවි ගවේෂණය උදෙසා ඒවා ඇති ඒකාබද්ධ ලෝක ජීවීන්ගෙන් ය. පෘථිවිය තුල සිටින ජීවීන් වැඩි පිරිසක් පස්වන මානයෙන් පැමිණ ජීවීන්යැයි සැලකේ. එයට හේතුව වන්නේ පෘථිවි ජීවීන් හා සමාන ස්වරූපයක් දරනු ලබන්නේ v මානයේ ජීවීන් වීමයි. මෙහිදී අපට සිතන්නට ඇත්තේ පරිණාමය තුළ අප තවමත් බොහෝ පහළ මට්ටමක සිටින බවය.

මෙම පෘථිවි කවුන්සලය මගින් අපේක්ෂා කරනු ලබන කාර්යය වනුයේ පෘතුවි පරිණාමය ගවේෂණය කිරීම, පෘථිවි සංස්කෘතීන් ගවේෂණය කිරීම, පරිණාමය යහපත්ව පවත්වාගෙන යෑම උදෙසා සාධනීය තත්ත්වයන් සම්පාදනය, පෘථිවියට ඇති වන පරිබාහිර බාධා පාලනය කිරීම යන කරුණු මූලික වෙයි.

මේවා ඇත්තද ? මේවා බොරු ද ? නිකම්ම ඒ ගැන තීරණයකට එනවා වෙනුවට මේ ගැන ගැඹුරින් සොයන්න. ඒ සෙවීම තුළ ඔබට අලුත් මානයක් ඒවි.. මොකද අපි පරිවර්තනීය මොහොතක ඉන්න අය.. දැන් අපිට බුද්ධියෙන් වැඩ කරන කාලයක් උදාවෙමින් තියෙනවා… අපි ඒක ඉක්මන් කරවමු…

ඉතින් මේ ලිපි පෙළ පටන් ගන්නෙ අදින්.. ඒ නිසයි මුලින්ම පිටසක්වල ජීවීන්ගේ පරිපාලන පද්ධතිය ගැන පැහැදිලි කිරීමක් කළේ… ඉදිරි ලිපි වලින් ගැඹුරින් මේ කරුණු පැහැදිලි කරන්නම්…

දීක්ෂා ගුරු

කාංචන මනමේන්ද්‍ර

3.8 5 votes
Article Rating
Subscribe
Notify of
guest

1 Comment
Inline Feedbacks
View all comments
Isuru Kodagoda
Isuru Kodagoda
July 1, 2020 4:03 pm

විශ්මය ජනකයි. ඒත් අපි කොහොමද ඒ තත්වය විශ්වාස කරන්නෙ..

Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
1
0
Would love your thoughts, please comment.x
()
x