දීක්ෂා ගුරු මග

අවසන් පාඩම

එදින අප ආශ‍්‍රමයේ ගත කරන අවසන් දිනයයි…..

ගුරු වෙතින් නික්ම යන්නට මොහොතකට පෙර අපව කැදවනු ලැබුවා.

ඒ අවසන් පාඩම කියා දෙන්නට යැයි අප කිසිවෙක් සිතුවේ නෑ.

ගුරු යනු ආලෝකය ලබා දෙන්නාය.

ආලෝකය ලබා දෙන්නටනම් ගුරු තුළ දැල්වී නිමානොවන ආලෝකයක් පැවතිය යුතුය.

ගුරු යනු ආශ‍්‍රම ධර්ම රකින්නාය.

ඓර්ය බ‍්‍රහමණ රීතීන්ට අනුව ගුරුබ‍්‍රහ්මචාරී ගෘහස්ථ වානප්රස්ථ සන්යාසී යන ආශ‍්‍රම ධර්මයන්ගෙන් පරිපුර්ණත්වයට පත්වීම අනිවාර්ය කරුණකි.

එසේ නොවන කල්හී ගුරුට දීක්ෂාව අහිමි වී යන්නේය.

අනෙකාට ආලෝකය දෙන්නට පෙර ඔබ තුළ නොනිමෙන ලෙසින් ආශ‍්‍රම දර්මයන්ගේ නොනිමෙන ගිණි මැළය දල්වන්න.

ඒ ගුරුගේ අවසන් පාඩමය.

මෙය ඔබට නොවැටහෙනු ඇත .

ද්වාපර යුගයේ ඓර්ය බ‍්‍රහ්මණ රීතීන් කලියුගය වනවිට ගුරුවරුන්ගේ මතකයෙන්ද ගිලිහි ගොසිණි.

එය මා සරලව පැවසීම වඩා සුදුසුය.

යම් අයෙක් තවත් අයෙක්ට මග පෙන්වන්නටනම් ඔහු උපදෙස් දිය හැකි පුද්ගලයෙකු විය යුතුය.

ආශ‍්‍රම දර්ම සපුරණ ලද අයෙකු විය යුතුය.

වර්ථමානයේ මිනිසෙකුගේ පුර්ණ ආයු කාලය ලෙසින් සැලකෙන්නේ අවුරුදු හැත්තෑ දෙකකි.

එබැවින් වසර දහ අට බැගින් වු යුග හතරක් මරණය දක්වා යන ගමනේදී ඔහු පසුකරනු ලබයි.

ගුරු නැතහොත් අනෙකාට මගපෙන්වන්නා අනිවාර්යයනේම ඓර්ය බ‍්‍රහමණ රීතීන්ට අනුව

බ‍්‍රහ්මචාරී ගෘහස්ථ වානප්රස්ථ සන්යාසී යන යුග තුළ පරිපුර්ණත්වයට පත්වීය යුතුය.

මෙය වර්ථමානයට ගැලපෙන ලෙසින් අර්ථකතනය කළහොත්

බ‍්‍රහ්මචාරී – ඉගේනීම හැදෑරීම තුළ පරීපුර්ණත්වයට පත්වීම.

වයස අවුරුදු 18 වන තෙක් මේ සියල්ල සපුරා ගත යුතුය.

ගෘහස්ථ – විවාහය පිරිමි දරුවෙකු තැනීම නිවසක් ගෙඩනගා ගැනීම යහපත් රුකියාවක් ආදී සියලූ ෙභ්‍යෙතික සංවර්ධනයන් තුළ ස්ථාවර වීම.

වයස අවුරුදු 36 වනවිට මේ සියල්ල සපුරා ගත යුතුය.

වානප්රස්ථ – තම දරුවන්ගේ ස්ථාවරත්වය සමාජයේ ස්ථාවරත්වය මෙන්ම තම අභිලාෂයන් පුර්ණය කිරීම තුළින් පරිපුර්ණත්වයට පත්වන යුගයයි.

වයස අවුරුදු 54 වනවිට මේ සියල්ල සපුරා ගත යුතුය.

සන්යාසී – තම ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම තම බැදීම අතහැර තම දරුවන් වෙත සමාජය වෙත වගකීම් ප‍්‍රධානය කිරීම.

වයස අවුරුදු 72 දක්වා යුගයයි.
…………………………………………………………………………………………….
මේ ආශ‍්‍රම ධර්ම සම්පුර්ණ කර නොගෙන අනෙකාට ඒවා දිනා ගන්නා මග කියාදෙන්නෙනම් ඔහුට විශ්ව රීතියේ දීක්ෂාව අහිමි වී යෑම සිදුවෙයි.

ගුරු කියා දුන් පාඩම එයයි

ඔබට මග කියාදෙන්නා දෙස නොව ඔහුගේ ආශ‍්‍රම ධර්ම දෙස හැරී බලන්න….

වඩුවාගේ ගෙදර පුටුව නොමැතිනම් එය වඩුවාගේ මිස ශාස්ත‍්‍රයේ වරදක් නොවේ.

උපදෙස් ලබන්නට පෙර සිතන්න…..

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
0777 96 44 74

5 1 vote
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x