දීක්ෂා ගුරු මග

කර්මයේ ක‍්‍රීයාත්මක වීම වෛදික ඇසින්

මම කලින් ලිපියෙන් පෙන්වා දුන්නා වෛදික ක‍්‍රමවේදය තුළ කර්මය හදුනා ගන්නා ආකාරය… ඒ ලිපිය ලිවීමෙන් පසු එක් දරුවෙක් මෙන්න මෙවැනි ප‍්‍රශ්ණයක් අහලා තිබ්බා….
ගුරැතුමා අපි හිතන පතන දේ අපට විශ්වය ලබා දෙනව. ඵ් දේ හොද උනත් නරක උනත් විශ්වය අපට දෙනවා නේද ගුරැතුමා. නරක දේ වලින් යම් කිසි කර්මයක් වෙනවා. නමුත් ඵ් කරන කර්මයන් අපිට බලපාන්නේ ලබන ආත්මයේද. ඵ කර්ම වලටත් මේ ආත්මයේදිම පිලියම් කල හැකිද ගුරැතුමනි. මොකද අප හැමෝම මේ ජිවත් වන කාලය තුල පන්සිල් පද 5 කැඩෙනවා. ඵ් වගේම පින් දහමුත් කරලා ඇති ඵ් පින් වලිනුත් කර්මය ගෙවෙනවද ගුරැතුමනි.

මෙය දීර්ඝව පැහැදිලි කල යුතු කරුණක්….

විශ්වය අපි ඉල්ලන හැම දෙයක්ම දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙත් තම කර්මයේ ක‍්‍රීයාකාරීත්වය මතයි..
අපේ කර්මය විසින් අප උපදින මොහොතේ සිට මරණයට පත්වන මොහොත දක්වාම අපේ සමස්ථ ජිවිතයම කොටස් දොලහකට බෙදා පාලනයකට ලක්කරණු ලබනවා….
අපේ බලාපොරොත්තු නැත්නම් අවසන් පරමාර්ථයන් ඉටුවනවාද නැද්ද කියලා කියන්නේ මේ දොළහෙන් එකක් පමණයි.
යමෙක්ගේ පුර්ව අකුසලයන් උදෙසා දඩුවම අවසන් පරමාර්ථයන් ක‍්‍රීයාත්මක වීම උදෙසා බලපෑම් ඇතිකරන දොලහෙන් එකක් වු කොටස හා සම්බන්ද වුවහොත් කිස්ම දිනක ඒ පුද්ගලයා සැලසුම් කරනු ලබන අයුරින්ම බලාපොරොත්තු ඉටු වෙන්නේ නෑ.
නමුත් පුර්ව කර්මය ඒ අවසන් පරමාර්ථයන් ඉටුකිරීම හා සම්භන්ධ නොවන්නේ නම් ඔහු අපේක්‍ෂාකරන අයුරින්ම ඔහුගේ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වනවා…..
ධන චින්තනය තුළ මෙය කුමනාකාරයෙන් විග‍්‍රහකලද කර්මාණුරූපිව පමණයි කෙනෙක්ගේ සාර්ථකත්වය තීරණය වනුයේ … හැබැයි කර්මය අභිභවා යා හැකියි. ධන චින්තනය හා වෛදිකය ගැටෙන එක් තැනක් තියෙනවා. ධණ චින්තනය තුළ ජිවාතයේ එක් එක් අංග ධිනාගැනීමට මග කියා දෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් රුකියාව දිනන මග . සාර්ථක විවාහයකට මග . සතුටින් සිටින්නේ කොහොමද ? .
හැබැයි වෛදිකය තුළ මෙය දකින්නේ වෙනස් ආකාරයකින් .  ඕනෑම පුද්ගලයෙක්ට ජිවිතයේ පැති දෙකක් ඒ කියන්නේ පෙර සදහන් කල දොලහෙන් කොටස් දෙකක් නිරුත්සාහකව ඉතා ඉහලට රුගෙන යන්න පුලූවන්. එයට අමුතුවෙන් දිනන මගක්  ඕනේ නෑ. හැබැයි යමෙක් දියුණුයි කියලා කියන්නේ නැත්තම් සාර්ථකයි කියලා කියන්නේ පෙරකී පැති දොලහම එක ලෙස ඉහලට ඔසවලා තියෙනවනම්.
ඒ උදෙසා කර්මය පාලනය කිරීම ඉතා වැදගත්… කර්මය පාලනය කිරීපට කලින් පෙර කර්මයන් තමන්ගේ ජිවිතයේ බලපෑම් ඇතිකරනු ලබන ස්ථාන ටික හදුනා ගැනීම ඉතා වැදගත් වෙනවා.
ආශ‍්‍රමයට පැමිණි අයට මෙය හොදින් වැටහෙනවා.. මොකද ඔහුනගේ පෙර කර්මයන් පිලිබද කියා දෙද්දි ජිවිතයේ දොලොස් ආකාරය මත තමන් අත්විදින තත්වයන් පැහැදිලි කර දෙන නිසා…
පෙර ප‍්‍රශ්ණයේ අහලා තියෙන දෙයක් තමයි මේ ආත්මයේ කරන කුෂල් වලින් අපේ පෙර කර්මයන් පාලනය වෙනවද කියන එක.
ඔව් එහෙම වෙනවා.
නමුත් අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා. දැණුවත්ව පින් කීරීම කියන කරුණ… වෛදිකයට අනුව පෙර කර්මයන් අහෝසි කරන්නනම් තමන් පෙර ආත්මයෙන් රුගෙන ආ කර්මයන් පිලිබදව දැණුවත් වීම අනිවාර්යයි. එසේ දැණුවත් භාවයකින් තොරව එයට නියමිත පිලියමම සිදුකලත් ඉන් මිදිමක් සිදුවෙන්නේ නෑ…
මම එයටත් හොද අත්දැකීමක් කියන්නම්..
පසුගිය කාලයේ දිනක එක් ව්‍යාපාරිකයෙක් ආශ‍්‍රමයට පැමිණියා ඔහුගේ කර්ම එල විග‍්‍රහය උදෙසා.. ඔහු ලංකාවට ස්කූටි වර්ගයේ මෝටර් සයිකල් ගෙන්වන ප‍්‍රධාන පෙලේ ආයතනයක් හිමිකරුවෙක්…
ඔහුගේ පෙර කර්මයට බද්ධ වු දෙවි කෙනෙක්ගෙන් ඇතිනක භාදාවක් පැවතුණා…
ඔබට දිගු කාලයක් ඉදන් දියවැඩියාව තියෙන්න ඔනේ..
ඔව් මහත්තයා අවුරුදු 15 ඉදන් පුදුම විදියට විදවනවා.
කොහොම හරි මම ඔහුට එම භාදාවෙන් මිදෙන්න සරල පුජාවක් කිව්වා..
ඔහුට හිනා ගියා……
මහත්තයා මම අවුරුදු 20 ඉදන් හැම සෙනසුරාදාම ඔය දෙවියන්ට ලංකාවේ කරන ලොකුම පුජාව කරනවා. ඉතින් ඔය පොඩි පුජාව මොකට ද?
මා එයට වෙනත් උත්තරටක් දුන්නා…
ඔය දියවැඩියාව ඇතිවෙලා තියෙන්නේ ඒ කර්මය මුල්කරගෙන නේ.. ඇයි ඉතින් ඒ දෙවියෝ අවුරුදු 20 ලොකුම පුජාව කරලත් එය පාලනය කලේ නැත්තේ……
ඔහු නිහඩ විය…..
එත් මා එයට හේතුව දන්නවා.
විශ්වය ඔහුට මිදෙන්න අවස්ථාව දිය යුතුයි කියලා තීරණය කරලා තියෙන්නේ වසර විස්සකට පසුවයි.
කර්මයෙන් මිදෙන්නනම් දෙවියන්ට උවත් කල වරද කුමක්දැයි යන්න අවබෝධයෙන් එයට පිලියම් යෙදිය යුතුයි.
හැබැයි මගේ අත්දැකීම් ඇතුලේ මම දැක්ක දේවල් තියෙනවා මේ ආත්මයේ තමන් කරන ප‍්‍රබල කුසල කර්මයන් වගේම නොසිතා කරන කුඩා යහපත් දේවල් ජිවිතයේ තීරණාත්මක අවස්ථා වන් වලදි අපට උපකාරී වෙනවා.
වෛදිකයෝ කර්මයට පිලියම් යෙදීම නැත්තම් කර්මය අහෝසි කිරීමේ ක‍්‍රමය මෙන්ම තවත් ක‍්‍රමයන් හොයා ගත්තා කර්මය හකුලවා සමස්ත ජිවිත කාලයේ විදවීම කෙටි කාලයට් තුළ විදවා නිමකිරීම. මා මේ ක‍්‍රමය ප‍්‍රායෝගිකව අත්හදා බලා තියෙනවා. අනෙක කර්මය සොදා හැරීම… මෙය භාවනාවත් සමග බැදිච්ච ක‍්‍රම වේදයක්.. මා මෙය කලින් වතාවක කියා දී තියෙනවා.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close