හෙළ නාමකරණය

නමක් යොදන්නට පෙර.....


අද වන විට හැම දේම පහසු වෙමින් පවති. බොහෝ අය හැමදෙයක්ම දුරකථනයෙන් හෝ අන්තර්ජාලය හරහාම කරගන්නට උත්සහ දරති.

ලෝකය දියුණු වීමත් සමගම වැඩ පහසු කරගැනීමට උත්සහ දැරීමේ වරදක්ද නැත. එහෙත් ඒ පහසුව හැමදේටම ගැලපේද කියා යලි යලිත් සිතා බැලිය යුතුය.

පසුගිය වසර දහයක කාලය තුළ මා අවධානය යොමුකල එක් කරුණක් වුයේ ලංකාවේ සිදුකෙරෙන නම් යෙදිමේ රටාව පිලිබදවය.

බොහෝ විට මේ තුළ එකාකාරි රටාවක් පවතින බව ඕනෑම අයෙක්ට තේරුම් ගත හැකි වන්නේ සැතපුම් සියයක පමණ දුරක් වාහනයකින් ගමන් කරන විට එකම නම් යෙදු ව්‍යාපාර බොහොමයක් දැකගත හැකි වීමත් එවායේ හරයක් නොමැති වීමත්ය.

හොදින් අවධානය යොමුකලහොත් දැක්නට ලැබෙන ප‍්‍රධානම කරුණක් වනුයේ එම එකාකාරි රටාව තුළ යෙදු නම් සහිතව ඇරඹූ ව්‍යාපාර බොහොමයක් ඉතා කෙටි කලකින් වැසී ගොස් ඒම පුවරු පමණක් දක්නට ඇති බවය.

අලූත උපදින දරුවන් සම්භන්ධයෙන් නම් යෙදිමේදිද මෙම ගැටලූවම පවතී.

නමක් යෙදීම ඉතා සංකීර්ණ වු ක‍්‍රීයාවලියකි. ඒ උදෙසා බැලිය යුතු කරුණු බොහෝය.

නැකතට ගැලපෙන අකුරකින් තමන්ට හිතෙන නමක් යෙදීම හෝ අන්තර්ජාලයෙන් ලැබෙන නම් කිහිපයක් එකට එක්කර නමක් තැබීම ඉතා අසුභ තත්වයන් ඇතිකල හැකි වැරදි භාවිතයකි.

පසුගිය කාලයේ ආශ‍්‍රමයට පැමිණි රෝගී දරුවන්ගේ රෝගී තත්වයන්ගේ වර්ධනයට ප‍්‍රධාන ලෙසම හේතු වී පැවතියේ එම දරුවන්ගේ නමින් ඇතිකරනු ලබන අසුභ බලපෑමයි.

හැමදේම පහසුකර කරගැනීමට යෑමෙන් ගැටලූ ඇතිවන බවට ඇති හොදම නිදසුනක්ද මෙය වෙයි.

අලූත උපන් දරුවාට නමක් තැබීමේදි එය ඉතා කල්පනාකාරීව සිදු කරන්නට දෙමාපියන් අවධානවත් විය යුතුය.

නම යනුු ජිවිතකාලය තුළ වැඩිම වරක් කියවෙන වචනයයි.

එය සුභ වුවහොත් ඉන් සුභ එල හිමිවනු ඇත . එය අසුභ උවහොත් ජිවිතයම දුකක් වනු ඇත . සුභ වුවහොත් දරුවා සාර්ථක වනු ඇත .

දරුවාගේ ලමා විය තුළ සුභ හෝ අසුභ සියල්ලම අත්විදීමට සිදුවනුයේ දෙමා පියන්ටම වීම හේතුවෙන්ම දරුවාට යොදන නමෙහි ගැලපීම දරුවාට මෙන්ම දෙමාපියන්ටද ඉතා වැදගත් වෙයි.

එහෙත් ගෙවිගිය දසවසර තුළ එවන් ආකාරයෙන් භන්ධනය කල නමක් හමු නොවීම තුළ වරද සිදුවී ඇත්තේ කොතනකද යන්න සිතා බැලීම අනාගත පරපුර වෙනුවෙන් ඔබ සතු යුතුකමකි.

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close