හෙළ නාමකරණය

ඔබේ නමින් ජීවිතයම කියන `` නාම ඵල විග්‍රහය ``

ඔබ ජීවිතයේ කිසිම දවසක අහපු නැති අමුතු වචනයක් තමයි නාම ඵල විග්‍රහය කියලා කියන්නේ. ඇත්තටම මොකක්ද එය. වචනයෙන් වචනය හිතන්න ඔබට තේරුම වැටහේවි.

නාම යනු කෙනෙකුට පවතින නාමයයි ඵලය යනු යම් දෙයක ප්‍රතිඵලයයි.
විග්‍රහය යනු පැහැදිලි කිරීමයි.
එසේනම් නාම ඵල විග්‍රහය යනු පුද්ගලයෙකුගේ උප්පත්තියේදී තබනා ලද නාමය තුළින් ඇතිවන ප්‍රතිඵලය කියාදීමයි.

මෙම ලිපිය කියවන විටත් ඔබ ඒ පිළිබඳව අසා නොතිබෙන්නට ඇති. ලිපියේ මේ දක්වා කියවද්දිත් ඔබට දැනෙන්නේ තමන්ගේ නමින් තමන්ට ඇතිවන ප්‍රතිඵලය පිළිබඳව කියා දීමක් බවයි.ඇත්තටම එය එසේමද ?නැත.

දරුවකු උදෙසා බඳීනා නාමය හේතුකොටගෙන ඒ ළමයාට පමණක් නොව දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට සේම අනාගතයේ ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට ද එසේම දරුවන්ට ද එම නාමය විසින් ඇති කරන ප්‍රතිඵල විඳින්නට සිදුවේ. එනිසා නාම ඵල විග්‍රහය යනු ඔබ සිතනවාට වඩා බොහෝ ගැඹුරු දෙයකි.
ඔබ දන්නා පරිදි දරුවෙකු ඉපදුන අවස්ථාවේදී සිදු කරන්නේ නමක් දැමීමයි. ඇත්තටම ඒ සඳහා භාවිතා කරන වචනය පවා වැරදි සහගතය . නම් දාන්නෙ තිරිසන් සතුන් උදෙසා පමණයි .මනුෂ්‍ය වර්ගයා සඳහා නාම සිදු කරන්නේ නාම පට බන්ධනයක් තුලිනි.

දරුවෙක් උදෙසා බඳින නාමයෙන් ඒ දරුවාට ඇතිවන අසුබ තත්ත්වයන් අත් විඳින්නට වන්නේ මවුපිය දෙදෙනාට මෙන්ම සහෝදර සහෝදරියන්ටත්ය .

ඔබට එය එසේ පිළිගත නොහැකියි නේද?

දරුවෙකුට තබන නාමයෙන් ” අල්ප සුඛය” කියන ප්‍රතිඵලය ඇති වුණා යැයි සිතන්න. අල්ල සුඛය යනු සැපවත් බව නොලබන දිවියක් බවයි. එවන් වූ නාමයක් සහිත දරුවෙකු ගේ සැපපහසු ජීවිතය ඔහුට නොලැබෙන්නට නම් මවුපියන්ට අගහිඟකම් ඇති විය යුතුයි. එවිට දරුවා උදෙසා සැපවත් ජීවිතයක් සකසා දීමට ආර්ථිකමය පීඩාවන් සහිත මවුපියන්ට නොහැකි වේ . එසේම එවන් පරිසරයක් තුළ දෙමව්පියන්ගේ අවධානය දරුවෙකු කෙරෙහි යොමුවීම ද ඉතා අල්පය. එබැවින් දරුවාට අල්ප සුඛය යන ප්‍රතිඵලය අත් විඳින්නට සිදුවේ . එසේම දරුවාගෙ නාමයෙන් බන්ධු පීඩා ඇති වේ නම් , පොඩි දරුවෙකුට කිසිවෙකු පීඩා නොකරයි .එහෙත් දෙමාපියන්ට ඒ පීඩාව ක්‍රියාත්මක වේ.

සරල වචනයෙන්ම කියතොත් දරුවකු උස් මහත් වී ස්වාධීන වන තුරු දරුවාගේ නාමයෙ ප්‍රතිඵලය දෙමාපියන්ටද විදවීමට සිදු වේ.

ඉහත සදහන් කර ඇත්තේ නාමයක ඇති ප්‍රතිඵල කීපයක් පමණි. ඒ ලෙසින් යම් නාමයකින් ඇතිවන ප්‍රතිඵලය කීමේ හැකියාව කෙසේද යත් සමස්ත ජීවිතය පුරා අත් විදින සියලූ දේ නාමයක් තුලින් කිව හැකිය. ඔබේ නාමයේ ප්‍රතිපළය කෙසේදැයි නාමකරණය සිදූකරන ශාස්ත්‍රවේදීයා තත්වාකාරයෙන් එම ශාස්ත්‍රය සිදුකරන්නෙක් නම් ඔබට ඔබේ නමේ ප්‍රතිඵලය කියා දීමට හැකි විය යුතුය.

එසේම පෞරාණික හෙල පෙලපත් සියල්ලම පාහේ අද වනවිට විනාශ මුඛයට ගොසිනි.ගරාවටුණු හෝ වෙනත් කෙනෙකු මීලදී ගන්නට තරම් ඒ පෞඩත්වය බිද වැටුනේ කෙසේදැයි කිසිවෙකුත් සිතුවාද? එවැනි ගරාවැටුණු පෙලපත් නාමයන් බොහොමයක් තුල සිය කුලය නසී, ව්‍යසන ධනහානි වැනි අශුභ තත්වයන් ඇතිවී තිබේ.

බිළිදු දරුවන් උදෙසා නාමයන් ලබා දෙන බොහොමයක් නාමකරණ පිටු සහ ඒවා පවත්වාගෙන යන අයගේද නාමයන්හි අප්‍රමාණ වැරදි ඇත.

එනම් වඩුවාගෙ ගෙදර පුටුව නෑ වාගේය.

පසුගිය කාලය පුරා හීන ආයුෂ සහිත දරුවන් කීප දෙනෙකුගේම මරණ දැන්වීම් දුටු මොහොතේ හද කම්පාවට පත්විණි.ඒ සියළුම දරුවන්ගෙ නාමය මට 100 % ක්ම විග්‍රහ කිරීමට නොහැකි ය.ඒ ඔවුන්ගේ උපත හා බැදුණු කරුණු මරණ දැන්වීම් තුල නොවන නිසාවෙනි.

නමුත් නාමයක පලය කියවෙන සප්ත සීහුමේ එකම එක කාරණයක් උප්පත්ති ග්‍රහ බලය නැතිව කිව හැකිය. ඒ එක කාරණය තුළින් ඒ දරුවාගේ මරණය ගැන කියන්නට හැකි විය.
දරුවෙකු උපන් මොහොතේ දෙමාපියන් තම හිතු මනාපයට වැඩ කරති.50% ක් පමණ ශාස්ත්‍රවේදීන් යැයි කියාගන්නා පිරිසක් හේතුවෙන් ද සමහරක් විට මෙම අශුභ ආකාරයෙන් නම් බැද එහි ප්‍රතිඵලයක් ලෙස අකාලයේ මිලින වන්නේද
හෙළ පුපුරය. එසේම එකෙකුගේ නාමය වෙනුවෙන් ඥාති පරපුරම විනාශ වන ආකාරය අපට බොහෝ දකින්නට ලැබෙන කාරණාවන්ය.මේ සියල්ල තුලින් වැසෙන්නේ හෙල ජාතියයි.

එනිසා තම බිළිදා වෙනුවෙන් නාමයක් බැදීමට පෙර, ඔබ ඒ සදහා යොමු වෙන ඔබේ පවුලේ ජ්‍යෙතීර්වේදින්ගෙන් පළමුව තම නාමයෙ ප්‍රතිපලය අසා දැන ගන්න. ඊට ඔහු හෝ ඇය අපොහොසත් නම් තේරුම් ගන්න ඒ තැනැත්තාට ඔබේ බිලිදාට සහ ඔබේ සමස්ථ පවුලම අසුභ නොවන නාමයක් බැඳ දීමට හැකිද කියා……

ඔබෙන් වරදින් අසුභ පල ලබන්නේ ඔබ හෝ ඔබේ දරුවා පමණක්ම නොවේ. සමස්ත හෙල පරපුරයි. එයට ඉඩ නොතබන්න.ඔබේ දරුවා සවිමත් බලවත් ජාතියක පුරුකක් කරන්නට ඔබට සබුද්ධික ඥානය පහල වේවා!

ශාස්ත්‍රවේදීණී
හේශාක්‍යා සිරි පනාගොඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close