හෙළ නාමකරණය

පිය වාසගම වෙනුවට මව් වාසගම යෙදීම

දරුවාගේ වාසගම හා පෙලපත් නාමය යනු පිය පරම්පරාවේ පැවත්මයි යන්නයි.

ඒ තුළින් සමාජය දරුවාගේ උපත පිළිබඳව නිර්වචනය ලබාගනී. කෙසේද යත් පෙර හෙළ සමාජය තුළ පියාගේ වාසගම හෝ පෙළපත් නම, නොලැබෙන්නේ දරුවාගේ උත්පත්තිය සිදුවන්නේ නිත්‍යානුකූල මව්පිය විවාහයකින් තොරව අනියම් සබඳතා හරහා හෝ ස්ත්‍රී දූෂණ, බලහත්කාරකම් වැනි අවස්ථාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසද නැතිනම් ඒ උපත නීත්‍යානුකූල ද යන්න අවබෝධ වන බැවිනි.

නීත්‍යානුකූල බවක් තූල වන උපතකදී ඔහු ජාතක දරුවෙක් ලෙසත් එවැන්නක් නොමැති පසුබිමක උත්පත්තිය අවජාතක බවත් සමාජය ඊට අර්ථකථනය සපයා ඇති නිසාවෙනි.
එනම් පිය පෙලපත් නාමය දරුවාගේ උප්පතිය පිලිබදව සේම දරුවෙකු සිටින සෑම ස්ත්‍රියකගේම චරිත සහතිකයකට නිර්ණායකයක් වන බවය.

…………මෙහිදී එය කොතරම් දුරට සාධාරණ ද? යුක්ති සහගතද සමාජයේ නූතන ස්භාවය ට ගැලපෙන්නේ ද යන්න පිලිබඳව නොව පවතින මතව පිළිබදව විග්‍රහය බව අප සැලකිය යුතුය. මිනිසා මුහුදු පතුලත් පෘථිවියේන් එහා මානයත් අතික්‍රමණය කරන මොහොතක මේවා යල් පැන ගිය මතයක එල්බ සිටීමක් ලෙස ඔබට තර්ක තිබෙන බව දනිමි. නමුත් සමාජය තුල විද්‍යාව තාක්ෂණික දියුණුව පිළිබඳව බොහෝ මත දරණ සංදෘෂ්ඨිකවාදින් සියල්ලන්ම ගොළුබව රකින එකම එක උත්තරයක් නැති ප්‍රශ්ණයක් ඇත. එනම්

1) ඔබට හැකිද අවජාතක උප්පත්තියක් සහිත දරුවකු සමගින් මගේ නැගණිය බාරගන්නට. ? යැයි අවිවාහකයෙකු වෙතීන් අසන්න

2) මට සමාවෙන්න මේ දරුවා ඔබේ නොවේ.එනිසා දරුවාට තම නියම පියාගෙ පෙලපත් නාමය ගෑනීමට ඉඩ දෙන්න යැයි ඔබ බොහෝ විශ්වාස ය තැබු, පතිවෘතාව ලග බොහෝ ගරු කල ඔබේ බිරිඳ ඔබේ න් විමසයි නම් ඔබ ඊට කැමත්ත දෙනවාද ?

නමුත් වත්මන් සමාජය තුල බොහෝ පියවරුන් සිය පියවත් භාවයේ වගකීම නිසි ලස ඉටු නොකීරීම හෙවත් පැහැර හැරීම තුල බොහෝ මව්වරු දරු උපතකදී සිදුකල යුතු නාම පට බන්ධනයකදී මවගේ පෙලපත් නාමය හා වාසගම දරුවා උදෙසා බන්දනු ලබයි.
ඊට හේතු කීපයක් ම වෙයි

1) දරුවකු කුස පිළිසිඳ ගත් බව නොදත් විවාහ බැදීම ලිහා ගැනීම ට නෛතික මර්ගය වෙතට යොමුවූ තීන්දුව ලබා ගැනීමට ගතවන අන්තර් කාලය තුල මවගේ කුසට දරුවෙකුගේ ආගමනය පිළිබඳව දැනගත් විට කිසි සේත් පිය පාර්ශවයෙන් එය පිලි නොගැනීම…

2) දරුවා ලැබීමෙන් පසු පියා සිය වගකීම් නොදරමින් මගහැරීම තුළ මව්වරු පියා කෙරෙහි ඇතිවන ද්වේෂ සහගත බව තුල ලමයා ගැන වියදම් නොදරන හෝ සොයා නොබලන එකාගෙ නම වත් මගේ දරුවාවට අවශ්‍ය නෑ යන මතය පිහිටා කටයුතු කීරීම…

යන විධාකාර වූ හේතු මත වර්තමාන මව්වරු පිය පෙලපත් නාමය සහ වාසගම ඉවත්කර තමා පෙලපත් නාමය හා වාසගම දරුවා උදෙසා යොදයි.

නමුත් මෙසේ කල්පනා කර බලන්න ඔබේ තරුණ කාලය තුළදී සහ විවාහ වන අවස්ථාව තුළදී ඔබෙන් කවුරුන් හෝ ප්‍රශ්ණ කලහොත් ඔබේ මවගේ පෙළපත හෝ වාසගම් නාමය ඔබට ලැබීම පීළිබඳව ඔබට ඇතිවන මානසික පීඩනය ඔබ විඳ දරා ගන්නේ කෙසේද? එසේත් නැත්නම් සමහර විටෙක එකී කාරණාවන් තුල ඇතිවන අවමානය තමන් කෙසේ දරා ගනීද යන්න පිළිබඳව සිතා බලන්න. ඇතැම් විටක සමාජය තුලින් එන මෙම අවමානය දරාගත නොහැකිව ඔබ ඔබේ ජීවිතය පවා අත්හරින්නට තීරණය කරනු ඇත.

එනිසා දරුවකුට සිය පෙලපත් නාමය හා වාසගම යන්න නාමය තුළ පිහිටීම ඇත්තටම වැදගත් වන්නේ දරුවාට පමනක් නොවන බවද දැන් ඔබට වැටහෙනු ඇත.

එනිසා ඔබේ දරුවා පිළිබඳව සේම ඔබගේ නිවැරදි බව ට පණිවිඩය සමාජගත කිරීමට සේම දරුවාගේ හා ඔබේ සමස්ත අනාගතය මේ මත තීරණය වීමට ද ඉඩ ඇති බව පසක් කරගෙන දරුවාට පියාගේ පෙලපත් නාමය හා වාසගම නොසලකා හැරීමෙන් වැළකිය යුතුය.

හේශාක්‍යයා සිරි පනාගොඩ
ශාස්ත්‍රවේදීණී.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close