හෙළ නාමකරණය

නාමයක වැදගත්කම අත්දැකීමෙන් අවබෝධයට

මාපිය විනාශය
මා පිය සහෝදර සහෝදරියන්ට සතුරැවීම
පුත්‍ර විනාශය
පවුලේ විනාශය………

පසුගිය කාලය පුරාම නාම ඵල විග්‍රහයට යොමු වූ බොහෝ දරුවන්ට ඉහත වචන හුරුපුරුදු වචන කියා මං හිතනවා.
මතක ඇති ඒ දරුවන්ට මම කියා දුන්නා, මෙම කාරණාවන් ඔබේ නම තුළ පවතී නම්, එය ඇති වන්නේ ඔබට කිසිසේත් පාලනය කළ නොහැකි ඉතාම සුළු හේතුවක් නිසා වුවද විය හැකි බව.

පාඩම් නොකිරීමේ හේතුවකට පියා පහරදීම හේතුවෙන් දරුවෙකු මිය යාමේ ඉතාම ශෝචනීය පුවතක් ඊයේ දිනයේ දී අසන්නට ලැබුණා.

සත්‍ය වශයෙන්ම මේ සිදුවීමේදී මා හට අනුකම්පාව ඇතිවූයේ දරුවා කෙරෙහි නොව ඒ තාත්තා කෙරෙහිය. කිසිදු මවක් හෝ පියෙකු දරැවන් මරාදැමීමේ හෝ දරුවන්ට සතුරු වීමේ අරමුණෙන් අධ්‍යාපනය කෙරෙහි දරැවන් යොදවන්නේ නැහැ. දහසකුත් එකක් දුක් මැද දරුවන්ගේ කටයුතු වලට නිරන්තරව මුල් තැන දෙන දෙමව්පියන් යනු තමන්ට වඩා අඩියක් හෝ දරුවන් ඉහලට රැගෙන යෑමේ උවමනාව සහ සිහිනය හද දරාගත් මවුපියන්.

වර්තමානය වන විට බොහොම අත් දකින දෙයක් තමයි දරුවන්ට දෙමාපියන් ගැන දශමයක හෝ අනුකම්පාවක් ඔවුන්ගේ සිතිවිලි ගැන හැඟීමක් නැතිව අයාලේ යාම. මෙතන අයාලේ යාම යනුවෙන් අදහස් කරන්නේ රස්තියාදුවේ යාම නොවේ. යායුතු මග පසෙක තබා වෙනත් ගමනක යෙදීමයි.
ඊට අනුබල ලැබෙන බොහෝ ව්‍යසනයන් වර්තමාන සමාජය තුළ වැලි කැට තරමට පවතිනවා. ඒ තුලින් දරුවන් මුදවා ගෙන නිසි මාර්ගයේ ගමන් කරවීමට දෙමාපියන් බොහෝ වෙහෙස දරනවා. මේ හේතුවෙන් දරුවන්ට දෙමාපියන් පෙනෙන්නේ සතුරන් ලෙසයි. කොහොම වුණත් අවසානයේ මේ සිදුවීම හේතුවෙන්

අහිමි වීම සිදු වන්නේ දරුවකු පමණක්ම නොවෙයි

බිරිඳකට ස්වාමියෙකු ද

තවත් දරුවන් වේ නම් ඔවුන්ට පියෙකු ද

එම පියා තම දෙමාපියන් නඩත්තු කළ අයෙකු නම් ඒ දෙමව්පියන්ට තමන්ට හව්හරණ සැපයූ දරුවා ද

ඒ සිදුවීම හේතුවෙන් අහිමි වෙනවා. දැනගන්න ලැබෙන ආකාරයට ඒ පියා ඉතාම අහිංසක පුද්ගලයෙක්. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය ද අකාලයේ විනාස වෙනවා.

ඒ කාරණාවට දරුවාගේ පැත්තෙන් ගත් කල හේතු වන්නේ අධ්‍යාපන කටයුත්තක් මගහැරීම,

ඒ වගේම එය පියාගේ පැත්තෙන් ගත් කල හේතුවන්නේ වරදට දඬුවමක් කර දරුවා යහමගට ගැනීමේ අරමුණ.

මේ දෙදෙනාම මේ හේතු දෙක පාලනය කරගත්තා නම් අද ඔවුන් දෙදෙනාටම මේ ඉරණම අත් වන්නේ නෑ.

හැබැයි මතක තබාගන්න.
මොවුන් දෙදෙනාටම මේ හේතු පාලනය කරගත නොහැකි වන්නේ මේ දෙදෙනා තුළම හෝ එක් අයෙකු තුළ මේ ප්‍රතිඵල ඔවුන්ගේ නාමයන් තුළ තිබුනොත් තමයි.

කෙසේ වෙතත් මේ සියල්ල තුළ

පුත්‍ර විනාශය,
කලත්‍ර විනාශය,
මාපිය විනාශය,
මාපිය සහෝදර සහෝදරියනට සතුරු වීම,
පවුලේ විනාශය

මේ සියලු කාරණා එක තැනක ම ඇති වුන අවස්ථාවක්.

නාම පල විග්‍රහය තුළ දී නාමය ඇතුලේ මෙන්න මේ ප්‍රතිඵල තියෙනවා කී විට බොහෝ දරුවන්ට මේ තත්ත්වයන් පිළිගැනීමට අපහසු යි. එයට හේතුව තමන් තමන් කෙරෙහි පවතින අධිතක්සේරුව නිසාම වෙන්නට පුළුවනි. එහෙත් මෙම හේතු ක්‍රියාත්මක වන්නේ ඉතාම සුළු යහපත් අරමුණක් හේතු කොටගෙනම විය හැකි බව මේ තුළින් අවබෝධ කර වන්නටයි මේ සටහන ලියන්නට හේතුව.

අපට සමාජය තුළ එදිනෙදා අහන්නට සිදුවෙන මෙවැනි ව්‍යසන කොයිතරම්ද?

බිරිද ස්වාමියා මරයි
ස්වාමියා බිරිඳ මරයි
දරුවන් මව්පියන් මරයි
මවුපියන් දරුවන් මරයි
සොයුරා සොයුරිය කෙලසයි
පියා දියණිය කෙළෙසයි
දියණිය නිසා ඇතිවූ විරසකය පියාගේ මරණයට හේතුවයි
පියාට තැබු වෙඩිල්ලට පුතා බිලි…….

එදිනෙදා අපට අසන්නට ලැබෙන මේ මාතෘකා තුළ ශාස්ත්‍රීයව ගැඹුරු හරය හිතුවා නම් ක්‍රියාත්මක වූයේ කුමක්දැයි වැටහෙනවා.

අනාදිමත් කාලයක් පුරා විවිධ පාර්ශ්වයන් වල වැරදි මත බැදුනු මෙවන් නාමයන් තුල හැමදාමත් සමාජය තුළදී මෙවැනි පුවත් ඇතිවීම වළකාගත හැකි වන්නේද?

 

ශාස්ත්‍රවේදිණි
හේෂාක්‍යා සිරි පනාගෙඩ

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close