නොපෙනෙන ලෝකය

කුරුස යුද්ධයේදී හිසගැසුම් කෑ රැන්ඩර් සමීර පසුපස එයි

ඉපදීමත් මරණයත් අතර සිදුවන බොහෝ සිදුවීම් උදෙසා හේතු වනුයේ තම කර්මය යැයි පැවසුවහොත් ඔබ එක්වන ම එකඟ නොවනු ඇත. එහෙත් බුදු දහමේ ද කර්මය ගැල් සකයක් මෙන් ගැල පසුපස පැමිණෙන බව සඳහන් වෙයි. එක කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක් වීමට සිදුවනුයේ එක් ආත්මයක දී පමණක් නොවේ ද? නැතහොත් දිගින් දිගට ම එක ම කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක් විඳීමට සිදුවෙයි ද? මේ ආත්මයේ දී මිනිසුන් තම ක‍්‍රියාවන් පිළිබඳ වැඩි තැකීමක් නොකරයි. මේ ආත්මයේ දී තමන් කෙතරම් හොඳින් ජීවිතය ගත කළ ද ගත කිරීමට උත්සහ කළ ද ජීවිතය ගලා යන දිශාව පාලනය කිරීමට අපට නොහැකි වෙයි. එයට හේතු වනුයේ පූර්ව ආත්මීය කර්මයයි. පහත සිදුවීම හරහා එය හොඳින් ම අවබෝධ වෙයි.
ඔහු නමින් සමීර ය. කොළඹට නුදුරු නුගේගොඩ ප‍්‍රදේශයේ ඉහළ පැලැන්තියේ සමාජ පරිසරයක් සහිත ව ජීවත් වූ ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. විවාහ වී වසර පහක් පමණ විය. කාලය ක‍්‍රමයෙන් ගෙවී ගියේ ය. දිනෙන් දින ඔහුගේ ආදායම් මාර්ග හා සමාජ
පිළිගැනීම ඉහළ ගියේ ය. වයස 42 ලැබීමත් සමඟ ම ඔහුගේ ජීවිතය නොසිතූ විරූ ගැටලූවකට මැදිවන්නට විය. ශරීරයේ සෑම තැන ම තුවාල හටගන්නට විය. කොපමණ උත්සහ දැරුවත්, පිළිගත් වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර කළත් රෝගී තත්ත්වය දිනෙන් දින වර්ධනය වීම මිස සුළු අඩුවීමක් හෝ සිදු නොවිනි.
තුවාල සෑදී ඉතා කෙටි දිනක් ගතවෙද්දි ම ඔහුගේ ජීවිතය ඇඳ මතට සීමා වන්නට විය. ඔහුගේ බෙල්ලේ හටගත් තුවාලය ඉතා දරුණු තත්ත්වයට පත් වී ආහාර ගැනීම පවා ඉතා අපහසු කටයුත්තක් වූවේ ය. සමීරගේ රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ට මහත් ගැටලූවක් විය. දිනපතා විවිධ පරීක්ෂණවලට ලක් වුව ද රෝගී තත්්ත්වය කුමක් ද? යන්න පිළිබඳ හෝ ඇති වීමට හේතුව කුමක් ද? යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දීමට වෛද්‍යවරු අපොහොසත් විනි. වෛද්‍යවරුන් පැවසුවේ හඳුනාගත නොහැකි වූ රුධිර පිළිකාවක් මෙයට හේතු විය හැකි බව ය.
සමීරගේ ඥාතීන් ඉහළ පාන්තික පිරිසක් වූ බැවින් යන්ත‍්‍ර මන්ත‍්‍ර කෙරෙහි විශ්වාස තැබූ පිරිසක් නොවුණි. එහෙත් සමීරගේ රෝගී තත්ත්වයට පිළියමක් නොලැබෙන විට ටිකින් ටික නොපෙනෙන බලවේගයන් හි පිහිට පතන්නට විය. තොවිල් හා ශාන්තිකර්ම කිහිපයක් නිවසේ සංවිධාන විය. ඒ හැම එකක් අවසානයේ ම සිදු වූයේ රෝගියාගේ රෝගී තත්ත්වය තව තවත් අසාධ්‍ය බවට පත් වීමයි.
වෛද්‍යවරු රෝගියා මරණයට නියම වූවකු ලෙස සලකා රෝහලෙන් නිදහස් කළේ ය. රෝගියා ඇඳ උඩ ඇති මළ මිනියක් හා සමාන ය. නැඟිටින්නට ආහාර ගන්නට හෝ කතා කරන්නට බැරි ය.
සමීරගේ මිතුරකු හදිසියේ යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ දැනුමක් හා අධි මානසික ශක්තියක් සහිත පුද්ගලයකු නිවසට කැඳවාගෙන ආවේ ය. ඔහු නමින් අශෝක ය. රෝගියා බැලීමට කාමරයට ඇතුළු වත් ම ඔහු එකවර ම නතර විය. කාමරයේ සිටි සියල්ලන්ට ම පිටව ලෙස අණ කළේ ය. සමීරගේ කාමරය පිහිටා තිබුණේ ඉහළ මහලේ ය. පඩි පෙළ කුඹුක් ලීවලින් සාදා තිබුණි.
සියල්ලෝ පිටව යෑමෙන් පසු දොරටුව ළඟ සිට අශෝක රෝගියා දෙස ටික වේලාවක් බලා සිටියේ ය. ඉන්පසු සමීරගේ යහළුවාට වතුර වීදුරුවක් රැුගෙන එන ලෙස පැවැසුවේ ය. ඔහු රංගන ය. සමීරගේ කාමරයට ඇතුළු වීමට රංගනටත් අවසර ලැබුණි. අඩියක් පමණ කාමරය තුළට ඇතුළු වූ අශෝක වතුර වීදුරුවට මන්ත‍්‍ර කිහිපයකින් මතුරන්නට විය. එකවර ම සිදු වූයේ රංගන කිසිසේත් අපේක්ෂා නොකළ දෙයකි. මාස කිහිපයකින් තනියෙන් නැඟී නොසිටි සමීර එක වරම ඇඳෙහි වාඩි වී ඇඳ පසෙකින් වූ මේසය මත තබා තිබූ විදුලි පහනින් ඇද දමා ගැසීමයි. මෙය රංගනට සිතා ගත නොහැකි දෙයක් විය. එම පහර අශෝක දෙසට පැමිණියත් එය බලාපොරොත්තුවකින් පසු වූවා සේ ඉතා පහසුවෙන් එම පහර මඟ හැරවීමට ඔහුට හැකි විය. ඔහු මැතිරීමේ කාර්යය නතර නොකළේ ය. එම කාර්යයට විනාඩි කිහිපයක් ගත වූ අතර ඒ අවස්ථාවේ දී සමීර ඉතා ප‍්‍රචණ්ඩ ලෙස ඇඳෙහි වාඩි වී ඇඳ රෙදි හා කොට්ටවලින් පහර දෙන්නට විය. අශෝක ඉදිරියේ සිට රංගන ඒවා අල්ලා පැත්තකට දැම්මේ ය. මැතිරීම නිමවීමත් සමඟ ම සමීර සන්සුන් විය. පඩි පෙලේ සිට ප‍්‍රධාන දොර තෙක් කිසිවකුට නොඑන ලෙස පැවසූ අශෝක සියල්ලන්ට ම සාලයේ අසුන් ගැනීමට අණ කළේ ය. ඉන්පසු මැතුරූ ජලය සමීරගේ ඇඟට ඉස්සේ ය. මාස ගණනාවක් නිහ`ඩ ව සිටි සමීර මෙතෙක් නොඇසූ භාෂාවකින් මොනවදෝ කියා කෑ ගසන්නට විය. විනාඩි කිහිපයකින් එය නැවතුණේ සාලයේ සිටි අය තුෂ්ණිම්භූත කරවමිනි.
බර අඩි සහිත සපත්තු පැළª කිසිවකු පඩිපෙළ දිගේ දිවීමේ දී ඇති වන අඩි ශබ්දය සාලයේ සිටි හැමෝට ම ඇසුණි. එහෙත් ගමන් කළ අයකු නොවී ය. පැන් ඉසීමත් සමඟ ම සිහිසන් වූ සමීරට ටික වේලාවකින් ප‍්‍රකෘති සිහිය ලැබුණි. ඉන්පසු ඉනට මැතිරූ නූලක් දැමුණ අතර එය මාස තුනකට කෙරුණු ආරක්ෂාවක් විය. පසු දින සිට ම සමීරගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරුණු අතර මාසයක් පමණ වන විට තුවාල සියල්ල ද හොඳ අතට හැරිණ. මාස දෙකකට පසු පන්දම් බොර නැති සරල ශාන්තිකර්මයක් නිවසේ සංවිධාන කෙරිණි. සමීරගේ සිදුවීම එළිවූයේ එහිදී ය.
පූජාව ඇරැුඹී ටික වේලාවකින් සමීරගේ ඉනෙහි වූ ආරක්ෂා නූල ඉවත් කළේ පූජා අළුවලින් අඳින ලද කොටුවක් තුළ ආතුරයාව වාඩි කිරීමෙන් අනතුරුව ය. අශෝක දෙහි ගෙඩියක් මත කපුරු දල්වා මතුරන්නට විය. ඒ සමඟ ම ආතුරයා නැඟී සිටියේ ය. අශෝක
ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම ඇරැුඹුවේ ය. සමීරගේ මුවින් පිටවනුයේ වෙනත් නුහුරු භාෂාවකි.
යලිත් සුළු වේලාවක් මැතිරීමෙන් පසු සමීර සිංහලෙන් කතා කරන්නට විය. අශෝක ප‍්‍රශ්න කරන්නට විය. එහෙත් මුල් අවස්ථා කිහිපය ම උත්තර දීමට සමීර ඉදිරිපත් නොවී ය. ඉන්පසු අශෝක වතුර වීදුරුවක් අතට ගත්තේ ය. එක්වන ම සමීර කතා කරන්නට විය. ”ඔය දේ කරන්ඩ එපා. මේකව දාලා යන්න මට බැහැ. මම මේ මිනිහගෙන් පළිගන්ඩ  ඕනේ. මගේ ජීවිතයට සහනයක් ලැබෙන්නේ එවිටයි.”
”උඹ කව් ද?”
”මම රැුන්ඩර්. මීට අවුරුදු 700කට කලින් හිටි සෙන්පතියෙක්. මේකත් අපිට විරුද්ධ ව හිටපු සෙන්පතියෙක්. මේකගේ නම නික්ෂර්. කුරුස යුද්ධයේ දී අපි පරාජයට පත්වුණා. අපිව අල්ල ගත්තා. අපිව දණ ගහලා ඔක්කොගෙම ගෙල සිඳින්න අණ කළා. අපි කොච්චර ජීවිත දානය ඉල්ලූවත් වැඩක් වුණේ නෑ. සියලූ දෙනාගේ ම හිස ගසා දැම්මා. මේකා තමයි එදා අපිව මරන්ඩ අණ දුන්නේ. අවුරුදු 700ක සිට උපදින උපදින ආත්මයක් පාසා මම පළිගත්තා. හැම ආත්මයක දී ම වයස 42දී බෙල්ල කුනු වෙලා මැරෙනවා.”
ශාන්තිකර්මය අවසානයේ සමීරට මෙතෙක් වැහී තිබූ ආත්මය ඉවත් කර ගත හැකි විය. සියලූ දේ අවසන් වීමෙන් පසු අශෝක මහතා කියූ දෙයින් සියල්ලෝ වික්ෂිප්ත වූහ.
”මම පළමු දවසේ ලෙඩාගේ කාමරයට ඇතුළු වන විට ලෙඩාගේ ඇඳේ ඉහ අසල නිල් පැහැති විශාල ලෝගුවක් දා ගත් පැරණි යුද ඇඳුමකින් සැරසුණ අයෙක් කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙලා සිටියා. ඔහුට හිසක් තිබුණේ නැහැ. ගෙලින් හිස වෙන්වෙලා තිබුණා. ලේ වලින් පෙඟුණ සුදු රෙදි කැබැල්ලකින් එය ඔතලා තිබ්බා. මම රෝගියා දෙස බලන විට රෝගියාගේ ගෙලත් ඒ විදියට ම ලේ තැවරුණු සුදු රෙදි පටියක් තිබුණා. මම මැතිරීමට වතුර එක ගත් විට ම ඔහු රෝගියාගේ ශරීරයට ඇතුළු වුණා.
මෙය යථාර්ථයක් විය හැකි ද? වසර 700ක සිට වරින් වර පළි ගන්නා භූත ආත්මයක් සිටිය හැකි ද? සත්‍ය වශයෙන් ම ඒ කතා කළේ භූත ආත්මයක් ද? ඒ ප‍්‍රශ්න පිළිතුරු කෙසේ වෙතත් වෛද්‍යවරුන් ද අතහැර දැමූ රෝගියා නොසිතූ වේගයෙන් සුව අතට හැරිණි.

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close