හෙළ කුණඩලීණී

කුණ්ඩලීණී ශක්තිය

කුණඩලීණී ශක්තිය ලෙස අදහස් වනුයේ කුමක්ද කියා සරලව තේරුම් ගත නොහැක්කකි. ඈත අතීතයේ ජීවත් වූ ඍෂිවරු පවා මෙම කුණඩලීණි ශක්තිය හැඳින් වීම උදෙසා විිවධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලීය.
ඇත්තෙන්ම කුණඩලීණි ශක්තිය යනු කුමක්ද? කුණ්ඩලීණිය යනු බඹයක් පමණ උස වූ මිනිස් ශරීරය තුළ ඇති අති මහත් වූ ශක්තියකි. වෛදික ක‍්‍රමවේදයක් තුළ එය විග‍්‍රහ වෙනුයේ විශ්වය තුළ ඇති අපරිමිත ශක්තිය මිනිස් සිරුරක් තුළට කැටි කිරීමක් ලෙසය.

පරමාත්මය හා ජීව ආත්මය

විශ්වය යනු එකම ශක්ති ගබඩාවක් බව අප කවුරුත් දන්නා කරුණකි. අප විශ්ව ශක්තිය ලෙස කතා කරන්නේ එයයි. මැරි මැරි උපදින මිනිසාගේ භවය පාලනය කරනු ලබන්නේ ‘පරමාත්මය’ නම් වූ අති විශාල වූ විශ්ව ශක්ති ප‍්‍රබවයකි. මිනිසකු උපදින විට මෙම පරමාත්මයෙන් කොටසක් ඔහු තුළට එකතු වෙයි. එය ‘ජීව ආත්මය’ ලෙස හඳුන්වනු ලබයි.
පරමාත්මය යනු අති ප‍්‍රබල විශ්වීය ශක්තියකි. ඒ තුළ ඇත්තේ විශ්වයේ සකල විධ බිහි වීමයි. සකල විධ පැවැත්මයි. එසේම සකල විධ විනාශයයි. මෙය සරල වචනයකින් පවසතොත් සමස්ත විශ්වයේම පාලනය කළ හැකි ඥානය මේ තුළ පවතී. අප සියලූ ආගම්වල අවසන් ඵලය වන මෝක්ෂය තුළින් උත්සහ කරන්නේ මේ පරමාත්මය හා එක් වීමයි.

ත‍්‍රි ගුණය

ද්වාපර යුගයේ විශ්වයේ පාලන ශක්තීන් ලෙස විග‍්‍රහ කළ සාත්වික්, රජමික්, තමසිත් යන ත‍්‍රී ගුණයන් හරහාද විග‍්‍රහ වූයේද මෙම පරමාත්මයේ වූ ශක්ති ස්වරූපයන්ය.

සාත්වික – බ‍්‍රහ්ම – නිර්මාණය කිරීම
රජසික් – විෂ්ණු – පවත්වාගෙන යෑම
තමාසික් – ශිව – විනාශය

පරමාත්මයෙන් උකහා ගනු ලබන ජීව ආත්මය නම් ශක්ති ප‍්‍රභවය මිනිස් සිරුර තුළ තැම්පත්ව ඇත්තේ කොඳු ඇට පෙළේ අවසන් පුරුකට යටිනි. සරලව පවසතොත් ස්ත‍්‍රියකගේ හා පුරුෂයකුගේ ගුදය ආසන්නයේය්. මේ අසීමාන්තික වූ ශක්තිය කොදු ඇට පේළිය ආධාර කොට ගනිමින් පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ගමන් කිරීම සිදුවේයි. මිනිස් ශරීරය යන්ත‍්‍රයකට සමාන කළහොත් මෙම යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය බල මූලාශ‍්‍ර හයක් ඔස්සේ පාලනය කෙරෙයි. අප චක‍්‍ර ලෙස හඳුන්වන්නේ මෙම බල මූලාශ‍්‍රයි.

චක‍්‍ර හත

මිනිස් ශරීරය තුළ චක‍්‍ර හතක් පවතින මුත් ශරීර යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා අවශ්‍ය වනුයේ චක‍්‍ර හයක් පමණි.

1. මූලාධාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය (නාභි චක‍්‍රය*
4. අනාභාත
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය (සහස්සර*

මෙම චක‍්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක‍්‍රයයි. සහස‍්‍රා නැතහොත් සහස්සර චක‍්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස‍්‍රා චක‍්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක‍්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක‍්‍ර හයකි. මෙම චක‍්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. මා පෙර සඳහන් කළ පරිදිම ඒ ඒ චක‍්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක‍්‍රියාකාරිත්වය පාලනය වෙයි.

මූලාධාර චක‍්‍රය

ජීව ශක්තිය සැඟව ඇත්තේ මේ තුළයි. මේ චක‍්‍රය තිකෝණයකින් සංකේතවත් වෙයි. ඒ වටා පෙති හතරක මලකි. ඉඩා නාඩිය, පිංග නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සඳු යන ශක්තින් එකවර බල ගැන්විය හැක්කේ මෙම නාඩිය හරහාය. මෙය පිහිටා ඇත්තේ ගුදය යට කොදු ඇට පේළියේ මුලය. තුන්කල් දැකීම හා අධි මානසික ශක්තින් මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් ලබාගත හැකි වේ. මෙය වර්ණවත් රතු පැහැයයි.

ස්වාධිෂ්ඨාන චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ ලිගේන්ද්‍රයන් මුලය. එක් පුරුෂයකු හා එක් ස්ත‍්‍රියක් මනා සිහියෙන් යුතුව සිදුකර ලිංගික එක්වීම් හරහාද මෙම චක‍්‍රය අවධි වෙයි. එවිට ශරීරයේ සියලූ චක‍්‍ර බල ගැන්වීමක්ද සිදුවෙයි. රවුම් හැඩයකින් හා පෙති හයකින් මෙම චක‍්‍රය හැඳින්වෙයි. මෙම චක‍්‍රය තැඹිලි පැහැයෙන් යුක්තය. ලිංගික ශක්ති රඳවා පවතින්නේ මේ හරහාය. මෙම චක‍්‍රය පාලනය කිරීමෙන් භෞතික ආශාවන්වලින් නිදහස් වේ.

මණිපුර චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ නාභිය අසලය. නාභියට අඟලක් යටින් මෙය පිහිටයි. මෙම චක‍්‍රය ශරීරයේ අග්නිය පාලනය කරනු ලබයි. ආහාර නිසි ලෙස පාලනය කිරීමේ ශක්තිය මේ හරහා ක‍්‍රියාත්මක වෙයි. මණිපුර චක‍්‍රය ත‍්‍රිකෝණාකාර හැඩයකින් සහ පෙති දහයක මලකින් සංකේතවත් කෙරෙයි. මෙහි වර්ණය වනුයේ කහ පැහැයයි.
මෙම චක‍්‍රය බල ගැන්වීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීම උදෙසා දිව්‍යමය බලයන් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි.

අනාභාත චක‍්‍රය

ඕනෑම අයෙකුගේ හදවත තුළ පිහිටා ඇති් මෙම චක‍්‍රය මඟින් ශරීරයේ රුධීර සංසරණය, රුධිරය පිරිසුදු කිරීම මෙන්ම රෝග පාලනයද යහපත් වෙයි. මෙම චක‍්‍රය කොළ පැහැයෙන් යුක්තය. ශරීරයේ වායෝ ගුණය පාලනය කරන්නේද මෙම චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්ව හරහාය.
සයකොන් තරුවක් ලෙස දිස්වන මෙම චක‍්‍රය වටා පෙති දොළසක මලක් දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ පවතින විශේෂත්වය වනුයේ මෙම චක‍්‍රය බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටවත් සියුම් ශබ්ද ශ‍්‍රවණය කිරීමේ හැකියාවත් ලැබෙයි. අදෘශ්‍යමාන ආත්මයන් දැකීම හා ඔහුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලබාගත හැකි වෙයි. එනම් පියවි ඇසට නොපෙනන දේ බැලීමේ හැකියාවයි.

විශුද්ධි චක‍්‍රය

මෙම චක‍්‍රය පිහිටා ඇත්තේ උගුරු ඇටයට පහළින් ඇති වළ තුළය. පුද්ගලයකුගේ කතාව මෙන්ම කතාව හරහා අන් අය ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව පාලනය කරන්නේ මේ චක‍්‍රයයි. දුක හා බිය පාලනය වන්නේද මේ හරහාය.
පෙති දහසක් ඇති මලකින් මෙම චක‍්‍රය සංකේතවත් වෙයි. මෙහි වර්ණය වන්නේ නිල් පැහැයයි. මෙ චක‍්‍රය බලගැන්වීමෙන් තම අදහස් අන්‍යයන් අතර ප‍්‍රචලිත වන අතර නිරුත්සාහිකව කව සත්‍ය තොරතුරු පැවසීමේ හැකියාව උදාවෙයි.

ආඥා චක‍්‍රය

මෙය පිහිටා ඇත්තේ නළල් තලයේ මැද නැතහොත් දේ බැම අතරය. අප තෙවන ඇස ලෙස හඳුන්වන්නේද මෙයයි. ඕම් සල කුණින් මෙන්ම පිරුණු මල් පෙති දෙකකින් මෙම චක‍්‍රය හඳුනාගත හැකි වෙයි.
මෙම චක‍්‍රයේ වර්ණය දම් වන අතර සමහර අවස්ථාවලදී ලා කොළ පැහැයෙන්ද මෙය දැකගත හැකි වෙයි.
මෙම චක‍්‍රය අවධි කිරීමෙන් එයට පහළින් ඇති චක‍්‍ර පහේම පාලනය අතට ගත හැකි බව වෛදික සාම්ප‍්‍රදායේ විශ්වාසයයි. එනම් චක‍්‍ර රිමෝටය ඇත්තේ මේ තුළයි.
මෙම චක‍්‍රය අවධි කිරීම හරහා අන් චක‍්‍රවල පාලනය සක‍්‍රිය කිරීමත් තෙවන ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලූ විෂයන් ගැන දැණුම ලැබෙයි. විශේෂයෙන්ම පිටසක්වළ නැතහොත් වෙනත් ලෝක, ජීවයේ ආරම්භය ආදි කරුණු පිළිබඳ දැණුම පහළ වීම සිදුවෙයි. අන් පුද්ගලයන්ගේ කර්මය අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මේ හරහා උදා වෙයි. කර්මයේ නිවස්නය ලෙස මෙම චක‍්‍රය හඳුන්වන්නේ එබැවිණි.

සහස්සර (සහස‍්‍රා) චක‍්‍රය

මෙම චක‍්‍රය මොළය තුළ පිහිටා ඇත. එහෙත් මාගේ දැණුමට අනුව නම් මෙය පිහිටා ඇත්තේ හිසට ඉහළකි. පරමාත්මය හා ජීව ආත්මයේ එක්වීම නැතහොත් විශ්වී ඥානය හා එක‍්‍රාගු වීම මෙයින් අදහස් වෙයි. පෙති දහසක මලක් ලෙස මෙය දැකගත හැකි වෙයි. මෙම චක‍්‍රය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත්වන බවත් සිරුර වයසට යෑම පාලනය කළ හැකි බවත් කියවෙයි. වර්තමාන කාලයට සාපේක්ෂව බලන විට උපරිම ආයුෂ කාලය (අද 75* හොඳින් ගත කිරීමද අමරණීය වීමකි.
මේ ආකාරයට කුණ්ඩලිනී චක‍්‍රවල ක‍්‍රියාකාරිත්වය හඳුන්වා දිය හැකි වෙයි. ඒ ඒ චක‍්‍රයට අදාළ වර්ණ, යන්ත‍්‍ර, මල් පෙති, සත්ව රූප අක්ෂර පවතින අතර භාවනා හෝ යෝග වැඩිම්වලදී මෙම සෑම දෙයක්ම දැක ගැනීමේ අවස්ථා උදාවන්නේ නැත. චක‍්‍ර අවධි වීමකදී එක් එක් ස්වභාවයන් දැකගත හැකි වෙයි. එය වර්ණය, මල් පෙති හෝ සත්ව රූප ආදියෙන් එක්ක වීට ඉඩ ඇත.
අන් කාරණය වනුයේ චක‍්‍ර බලගැන්විය ආත්මීය හුරුව මත ඉතා ඉක්මනින් හෝ කල්ගත වීම සිදුවීමට ඉඩ කඩ පවතී. අප එය ඛසබන වීම නැතහොත් සහ සම්බන්ධ වීම ලෙස හඳුන්වනු ලබයි.
භෞතික අපේක්ෂා උදෙසා චක‍්‍ර බල ගැන්වීම බනොහැකි අතර චක‍්‍ර බලගැන්වීම නැතහොත් පරමාත්මය හා සහ සම්බන්ධ වීම තුළින් කළ හැකි වන්නේ සමාජයීය කාරණාවන්ය. එය මඟ පෙන්වීම, දැනුම ලබාදීම හෝ ගැටලූ විසඳීම ආදී ක‍්‍රමයෙන් හරහා ප‍්‍රායෝගිකත්වයට පත් කළ හැකි වෙයි. අතීත හෙළය තුළ ඍෂිවරු මුණිවරු තම දැනුම සමස්ත සමාජය වෙත බෙදා දුන්නේ එබැවිනි.

චක‍්‍ර ස්ථර

අප ශරීරය තුළ පිහිටි චක‍්‍ර හතක් පිළිබඳ පමණක් වර්තමාන යෝගී පුහුණූකරුවන් කතා කළද සත්‍ය එය නොවෙයි. චක‍්‍ර හත යනු ප‍්‍රධාන චර්මස්ථානයන් පමණි. එම චර්මස්ථාන හා සම්බන්ධ වුණූ තවත් චක‍්‍ර ස්ථරයන් දෙකෙක් පවතියි. එය සරලව පවසතොත් මෙසේය.

1. ප‍්‍රධාන චක‍්‍ර 7
2. ද්විත‍්‍රික චක‍්‍ර 21
3. තෘතික චක‍්‍ර 20

යෝග හරහා මුලින්ම උද්දීපනය වන්නේ තෘතික චක‍්‍රයන්ය. ඒවා පිහිටා ඇත්තේ කකුල්වල ඇඟිල් පුඩුවලය. ඒවා උද්දීපනය වීමෙන් පසු ශරීරයේ පිහිටි ද්විතික චක‍්‍ර 21න් ප‍්‍රධාන හයක් වන අත්ල මැද පිහිටි චක‍්‍ර දෙක, විලූබ හා දණිස් මත පිහිටි චක‍්‍ර හය ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. ඉන්පසු ශරීරයේ ඉදිරිපස පිහිටි චක‍්‍ර 5 හා ශරීරේ පිටුපසින් පිහිටි ඉතිරි ද්විතික චක‍්‍ර 10 ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. ප‍්‍රධාන චක‍්‍ර හත ක‍්‍රියාත්මක වීම සිදුවන්නේ අවසානයේදීය.

මෙය සරල ක‍්‍රියාවලියක් ලෙස මෙතෙක් සිතාගෙන සිටි ඔබට මෙය ශරීර යන්ත‍්‍රයේ සංකීර්ණ ක‍්‍රියාවලියක් බව මේ වනවිටත් පසක් වෙමින් ඇති බවට කිසිදු සැකයක් නැත.

චක‍්‍රවල යථාර්ථය

චක‍්‍ර හුදෙක්ම මිනිස් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන ස්වභාවික යාන්ත‍්‍රණයේ ප‍්‍රපංච සයයි අප රෝගී බවට පත්වීම, ශාරීරක ආබාධ මතුවීම ආදි අවස්ථාවලට මැදි වනුයේ ඒ ඒ චක‍්‍රයේ ක‍්‍රියාකාරිත්වය ගැටලූ සහගත තත්ත්වයට පත්වන විටදීය. උදාහරණයක් ලෙස අනාභාත චක‍්‍රය නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක නොවන අවස්ථාවලදී හෘද රෝග වර්ධනය වීමත්, රුධිර ගමනාගමනය අක‍්‍රමවීමත් සිදුවෙයි. එසේම ස්වඅධිෂ්ඨාන චක‍්‍රය අක‍්‍රමවත් ආකාරයෙන් ක‍්‍රියා කිරීම හේතුවෙන් දරුඵල නොලැබී යෑම මෙන්ම ස්ත‍්‍රී පුරුෂ ශක්තිය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට බාධා මතුවෙයි. සෑම චක‍්‍රයකම ස්වාභාවය මෙයයි.

අප චක‍්‍ර බලගැන්වීම යන්න හරහා සිදු කරනු ලබන්නේ මෙම චක‍්‍ර මනා ක‍්‍රියාකාරිත්වයට පත්කර ගැනීමයි. චක‍්‍ර බලගැන්වීමේදී තම මනස මූලිකව මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එනම් ශරීරය සමතුලිත කිරීම හා මනා ක‍්‍රියාකාරිත්වයකට පත් කිරීම හැර කුණ්ඩලිණියේ වෙනත් ඉලක්ක උදෙසාම චක‍්‍ර බලගැන්වීම නොකළ යුතුය. එය අසාර්ථක උත්සහයකි. මෙය උදාහරණයක් ඇසුරින් විග‍්‍රහ කළහොත් අපගේ ශරීරය යතුරු පැදියකට සමාන කළහොත් නියමිත ලෙස සිදුකරන ‘සර්විස්’ මඟින් වාහනය උපරිම ලෙස ක‍්‍රියාකාරිත්වයට පත්කරගත හැකි වෙයි. එය නොසලකා හැරි විට සිදුවන්නේ ටිකින් ටික වාහනය අබලන් වීමයි. අප බයිසිකලය සර්විස් කළ පමණින් එයට අති වේගයක් හෝ වෙනත් අරුම පුදුම ශක්තියක් එක් වන්නේ නැත. එය හොඳින් තේරුම් ගත යුතු පළමු නියමයයි.

පළමු නියමය යැයි කියූ සැණින් දෙවැනි නියමයක්ද ඇතැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. මිනිස් ශරීරය හා යන්ත‍්‍ර සූත‍්‍ර අතර ඇති විශේෂත්වය වන්නේ යන්ත‍්‍ර සූත‍්‍ර මෙන් නොව මිනිස් ශරීරය අනුවර්තනය කළ හැකි වීමයි. එනම් කටහඬ පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට මිහිරි ලෙස කතා කළ හැකි වෙයි. දෙපා පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට අන් අය පරදා දිව යා හැකි වෙයි. බාහු ශක්තිය පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් යකඩ කඩා දමන්නට හැකි වෙයි. මෙලෙසෙ ශරීරයේ ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක‍්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප‍්‍රතිලාභය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.

චක‍්‍රඵල බෙදීමක්

අප ශරීරය තුළ පිහිටා ඇති මෙම චක‍්‍ර ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුනු ලබයි.

භෞතික ශරීර පාලනය
1. මූලාදාර චක‍්‍රය
2. ස්ව අධිෂ්ඨානය චක‍්‍රය
3. මණිපුර චක‍්‍රය

ශුද්ධ ශරීර පාලනය
4. අනාභාත චක‍්‍රය

ආධාත්මිකත්ව පාලනය
5. විශුද්ධි චක‍්‍රය
6. ආඥා චක‍්‍රය
7. සහස‍්‍රා චක‍්‍රය

මෙහිදී භෞතික ශරීරය හා ශුද්ධ ශරීරහ (්ිඑර්ක* අතර සබඳතාවය පවත්වා ගැනීම සිදුවන්නේ අනාභාත චක‍්‍රය හරහාය. අප මෙම චක‍්‍රය අවධි කිරීම හරහා ශුද්ධ ශරීරය අපේ අවශ්‍යතා කරා මෙහෙය විය හැකි වෙයි.

කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම

කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම උදෙසා භාවිත වන ක‍්‍රම කිහිපයකි.

1. ප‍්‍රාණයාම
2. මංත‍්‍ර භාවිතය
3. ඖෂධ මඟින්
4. සංසර්ගය
5. කම්පන තරංග භාවිතය

වායු වර්ග 5

අප ශරීරයේ නාඩි පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන වායුධාර පහක් ගැන යෝග විද්‍යාවේ සඳහන් වෙයි. ඒවා බැඳී පවතින්නේ ශරීරයේ චක‍්‍රයන් ආශ‍්‍රිතවය. මෙය අවබෝධ කර ගැනීමෙන් යම් යම් කාර්යයන් උදෙසා චක‍්‍ර යන්ත‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන බව සන්සදනය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේවි.

1. හෘදය – ප‍්‍රාණ වායුව
2. ගුදය – අපාන වායුව
3. නාභි – සමාන වායුව
4. බෙල්ල – උදාන වායුව
5. ශරීරයේ සියලූ කේෂ මූලයන්ගෙන් ව්‍යාන වායුව

අප සාමාන්‍ය ව්‍යවහාරයේදී දන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස වායු ධාරා පිළිබඳ පමණි. යෝග විද්‍යාවේදී යහපත් ශරීර යන්ත‍්‍රණයකට මෙම පංච වායු ධාරාම හේතු වෙයි.

මෙම වායු ධාරා පිළිබඳ යෝග විද්‍යාව තුළ කතා කිරීමට හේතු වන්නේ ශරීරය පුරා ඇති නාඩි 72000 ක‍්‍රියාත්මක වීම උදෙසා මෙම වායු හේතු සාධකයක් වීමයි. මෙම වායු හොඳින් ක‍්‍රියාත්මක වනවිට සිරුර පුරා දිවෙන ධමනි හරහා නාඩි ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

යෝග විද්‍යාවට අනුව දිනකට පුද්ගලයකු ජීව වායුව තව නාස්කුහර හරහා 21600 වරක් ආශ්වාස ප‍්‍රශ්වාසයෙන් සිදුකරයි. යෝග විද්‍යාව හරහා සිදුවන්නේ මෙම වාර ප‍්‍රමාණය අඩු වැඩි වශයෙන් පාලනය කිරීමයි.

ඉඩා නාඩිය හා පිංගල නාඩිය ආරම්භ වන්නේ නාස් කුහරවලිනි. එහිදී දකුණ නාසයෙන් පිංගල නාඩිය ආරම්භ වෙයි. එය සූර්ය නාඩිය ලෙස හඳුන්වයි. රස්නය අධික දිවා කාලයේදී ආශ්වාස ප‍්‍රශ්වාසය සිදුවන්නේ දකුණු නාස් කුහරය තුළිනි.

වම් නාස් කුහරයෙන් ඉඩා නාඩිය ආරම්භ වෙයි. එය චන්ද්‍ර නාඩියයි. සඳ බලවත් රාත‍්‍රීන්වලට ආශ්වාස ප‍්‍රශ්වාසය සිදුවන්නේ වම් නාස් කුහරයෙනි.

යෝග භාවනා හරහා සිදුවන්නේ චන්ද්‍ර නාඩියත් සූර්ය නාඩියත් එකවර ක‍්‍රියාත්මක කරවීමයි. අප එක් නාස් කුහරයක් තුළින් හුස්ම ගෙන අනෙක් නාස් කුහරය හරහා හුස්ම මුදා හරින්නේ ඒ උදෙසාය.

Blog Comments

මෙම ක්‍රම පහ ගැන විස්තරයක් කරන්න බැරිද ????

අගෙයි අපූරු විස්තර කිරීමක්

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close