හෙළ කුණඩලීණී

යෝග ඉතිහාසය

යෝග ශාස්ත‍්‍රය වූ කලී අදින් වසර දස දහස් ගණනක් ඈතට දිව යන්නකි. සූර්ය දෙවියන් විසින් මනු රජුට සූර්ය සිද්ධාන්තය කියාදීම නැතහොත් මනු රජුට සකල විද ඥානයන් ලබාදීම හරහාම යෝග ශාස්ත‍්‍රයට පදනම වැටුණ බව මාගේ විශ්වාසයයි. එහෙත් මනු හෙළයෙක් වීම තුළ ඒ ඉතිහාසය වසන් වී ඇත. ලෝකයේ පැරැුණිම යෝග ක‍්‍රමය ලෙස හැඳින්වෙන්නේ තමන් ගොඩනගානන්නා විශ්වාසයන් තුළ සිදුකරන වන්දනාව හරහා ධ්‍යාන වඩවා ගැනීමයි. යෝග අතර පැරැුණිම යෝග ලෙස සැලකෙන්නේ සූර්ය යෝගයි. සූර්ය නමස්කාර නැතහොත් සූර්යා මුල් කරගත් භක්තියයි.

හථයෝග ප‍්‍රදිපිකාවේ සඳහන් වන පරිදි මුල්ම යෝග ගුරුවරයා නැතහොත් යොගීන්ට යෝග ක‍්‍රම කියාදුන් තැනැත්තා ලෙස පිළිගැනෙන්නේ ශිව දෙවියන්ය. ශිව මහා යෝගී ලෙසද හඳුන්වන්නේ එබැවිණි. භගවත් ගීතාවේ සඳහන් වන්නේ යෝග බිහි කරන ලද්දේ ක‍්‍රිෂ්ණා විසින් බවය.

ඒ පරමාත්මය කරා මිනිසාව ගෙන යෑම උදෙසාය. කලි යුගයේ මිහිපිට ජීවමාන වූ චරිත අතරින් යෝග ගුරු ලෙස හැඳින්වෙන්නේ මහා ඍෂි පාතාංජලීය. පාතංජලී ඍෂි විසින් ලියන ලද ‘පාතාංජලී යෝග ශාස්ත‍්‍රය’ නිවැරැුදි මඟ පෙන්වීම සහිත මුල්ම ග‍්‍රන්ථයයි. දහ අට පුරාණයේදී යෝග ශාස්ත‍්‍රය පිළිබඳ යම් කරුණු කාරණා දැකගත හැකි වෙයි. එසේම ශිව දෙවියන් මුල් කර ගනිමින් ශක්ති වර්ධනය කළ හැකි පංචාක්‍ෂර යෝග පිළිබඳ සඳහන් වී ඇත්තේ උපනිශද් ග‍්‍රන්ථ තුළය. මෙහිදී පැහැදිලි වන එක් කරුණක් ඇත. යෝග ශාස්ත‍්‍රය යනු ඉතා ඈත අතීතයේ සිට පැවති ශාස්ත‍්‍රයක් බවත් එක් එක් යුග හා පුද්ගලයන් භාවිත කළ යෝග ක‍්‍රම වෙනස් වූ බවත්ය. එනම් පරමාත්මය (මෝක්ෂ්‍ය* කරා ළඟා වීමට මාාර්ග බොහොමයක් ඇති බව තේරුම් ගත යුතු වෙයි.

ද්විත්ව යෝග මඟ

යෝග ශාස්ත‍්‍රය ප‍්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරනු ලබයි.

1. භක්ති යෝග
2. හථ යෝග

1. භක්ති යෝග

සූර්යයා, දෙවියන් ආදී තමන්ගේ විශ්වාසයන් මුල් කරගනිමින් අධි විශ්වාසය, අධි භක්තිය ඔස්සේ සිදුකරන යෝග වැඞීම් මේ යටතට ගොනු වෙයි. එහිදී මංත‍්‍ර, ස්තෝත‍්‍ර, භජන් ආදිය ඔස්සේ දෙවියන්ට ළඟා වීම සිදුවෙයි. ඒ හරහා තම ශරීරයේ චක‍්‍ර ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

2. හථ යෝග

හථ යෝග යනු යම් භෞතිකමය ක‍්‍රමවේදයන් ඔස්සේ පරමාත්මය හා එක්වීමට උත්සහ දැරීමයි. හථ යෝග බිහි වූයේ මිනිසා තුළින් භක්තිය ටිකින් ටික ඉවත්ව යෑම ඇරඹීමත් සමගය.

හථ යෝග

වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල යෝග ක‍්‍රම භාවිතයට ගැනුණද යෝග ශාස්ත‍්‍රයේ මහ ගෙය ඉන්දියාව හා ලංකාව යැයි පැවසුවහොත් එහි වරදක් නැත. මනු හෙළයකු වීම, බ‍්‍රහ්මගේ පුතුන් වූ මහා ඍෂි පුලස්ථි ලංකාවේ විසිම හරහා යෝග ශාස්ත‍්‍රයේ ආරම්භය ලංකා පොළොවෙන් සිදුවූවාය කීම තුළ කිසිදු අථිශෝක්තියක් නැත.

වර්තමානයේ ලොව පුරා ජනප‍්‍රිය යෝග ක‍්‍රම වනුයේ හථ යෝගයේ අෂ්ඨ අංගයන්ගෙන් එකක් වන ආසනයි. එලෙස පැවසූ විට අපට මතුවන ප‍්‍රධානම ගැටලූව වන්නේ හළු යෝගයේ අෂ්ඨ අංගයන් මොන වාද යන්නය.

මහා ඍෂි පාතාංජලී තම ග‍්‍රන්ථය වූ ‘පාතාංජලී යෝග ශාස්ත‍්‍රය’ තුළ හළු යෝගයේ අෂ්ඨ අංගයක් සඳහන් කර ඇත. එය සරලව දක්වතොත් මෙලෙසය.

1. යාම
මෙය ප‍්‍රධාන ආකාර පහක් යටතේ විග‍්‍රහ වෙයි. අවිහිංසාව, සත්‍යවාදී බව, අසත්‍යයෙන් මිදීම, බ‍්‍රහ්මචාරී (එක භාර්යා* බව, අපරිහත ධෛර්යය

2. නියාම
මෙයද ප‍්‍රධාන ආකාර පහකි. පිරිසිදුකම, මානසික සතුට, තපස, ස්වඅධ්‍යාපනය, ශක්තිය පාලනය

3. ආසන
ආසන ලෙස අදහස් වන්නේ භෞතික ශරිරය උපයෝගී කර ගනිමින් ගොඩනගා ගන්නා ඉරියව්ය. ශරීරයේ ප‍්‍රධාන චක‍්‍ර හත හා අනු චක‍්‍ර විසි එක ක‍්‍රියාත්මක වන්නා වූ ඉරියව් විශාල ප‍්‍රමාණයක් විවිධ ඍෂිවරු හඳුන්වා දී ඇත. පාතාංජලී යෝග ශාස්ත‍්‍රයේ ආසන අශ්ටෝත්තරයක් සඳහන් වෙයි.

4. ප‍්‍රාණයාම
ප‍්‍රණා යාම යනු ශරීරය තුළ සැඟව ඇති ප‍්‍රණ ශක්තිය නිසි පාලනයකට ලක් කිරීම හරහා අවසන් අරමුණකට ළඟා වීමයි. මෙහිදී අවසන් අරමුණ වනුයේ පරමාත්මය හා එක් වීමයි.

5. ප‍්‍රත්‍යහාර
තමා වටා ගොඩනැගෙන භෞතිකත්වය අතහැරීමයි. අරමුණු, බලාපොරොත්තු මෙන්ම හැඟීම් අත හැරීම මෙයින් අදහස් වෙයි.

6. ධාරණ
සිත මෙන්ම තම ශරීරය එකාග‍්‍රතාවයකට පත් කර ගැනීම මින් අදහස් වෙයි.

7. ධ්‍යාන
භාවනාව හරහා මනස වර්ධනය කර ගැනීමයි.

8. සමාධි
යෝගයේ අවසන් අරමුණ මෙයයි. දිව්‍ය සැපත, මෝක්ෂය පරමාත්මය හා එක්වීම, කුණ්ඩලීණිය අවධි වීම ආදී විවිධ නම්වලින් අදහස් කෙරෙන්නේ මෙයයි.

භගවත් ගීතාව තුළ සෑම මනුෂයකුගේම ජීවිතයක් ප‍්‍රදාන යුග හතරක් යටතේ වර්ග කරනු ලබයි.

1. බ‍්‍රහ්මචාරී
2. ගෘහස්ථ
3. වානප‍්‍රස්ථ
4. සන්‍යාසී

මෙය සරලව ගතහොත් ළමා විය, තරුණ විය, මැදි විය හා මහළු වියයි. මහළු විය නැතහොත් නිවසේ වගකීම් තම දරුවාට කැප කර මොක්ෂය සොයා යන යුගය, සන්‍යාසි ලෙස නම් කෙරුණි. යෝග ශාස්ත‍්‍රය නිර්මාණ වූයේ එම යුගය උදෙසාය.

කර්ම යෝග / ක‍්‍රියා යෝග
වෛදික යුගයේදී කර්මය විග‍්‍රහ වූයේ ක‍්‍රියාව ලෙසය. එනම් තම ක‍්‍රියාව කර්මය වන බවය. එසේම කේන්දරයේ කර්ම භාවය වන දසවැන්න හරහා විග‍්‍රහ වන්නේද අපගේ ක‍්‍රියාවයි. එබැවින් කර්ම යෝග හා ක‍්‍රියා යෝග යනු එක් යේග කොටසක් මැයි මාගේ විශ්වාසයයි.

මෙය හළු යෝග හරහාම වර්තමානයේ විග‍්‍රහ වන යෝග ක‍්‍රම උදෙසා අතීතයේදී භාවිතා වූ නම්ය. තම කි‍්‍රයාව  හා ආත්මය එක්තැන් කිරීම හරහා පරමාත්මය හා එක්වීම මෙම යෝගවල  මූලික අදහසයි. සාධුවරු නැතහොත් ජෛනවරු තම ක‍්‍රියාවන් පාලනය කිරීම හරහා උත්සහ දරන්නේ මෙයයි.

මෙම ක‍්‍රම හෙළ ක‍්‍රමවේදයන්ට අදාළ වන්නේ නැත. බුදු දහම තුළ විග‍්‍රහ කෙරෙන අත්තකිලමතානු යෝග හා කර්ම යෝග සමාන වෙයි.

Blog Comments

Grate note ?

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close