හෙළ කුණඩලීණී

තෛකාලාය වර නැගීම

කුන්ඩලිණිය අවදි කරන්නා නිවන් මග තෝරා නොගෙන ආත්මයක් ආත්මයක් පාසා මින්සුන්ට සේවය කරන්නට සිතිම අල්ලා ගැනීමක්ද ?  

සරල අර්ථයකින් ගත්තොත් එය හරි….. නමුත් එහි ගැඹුරු අර්ථයකුත් තියෙනවා…..

පරමාත්මිය වු විශ්වය සමග බද්ධවන යෝගියා තම ආත්මිය යුතුකම් අවබෝධ කරගනු ලබනවා……

ඒ හරහාම තම අතීත ශක්තින් හා එකාත්ම වනවා…… මෙය තෛකාලික ක‍්‍රියාවලියක් …

එකියන්නේ නියම පිරිම කියන්නේ තෛකාලික අවශ්‍යතාවයක් වෙනුවේන් විශ්වය යම්කෙනෙක්ව රෝපණය කිරිමක්…..

නිවන නැතහොත් නතර කිරිම ගැන කථාකරන්නේ භාවනාව ගැන කථාකරන පොතේ ගුරුන් පමණයි……

හැරී බලන්න ඉතිහාසය හෝ වර්ථමාණය තුළ තෛකාලික ශක්තින් වර නැගු කිසිවෙකු නිවිමක් ගැන කථා කරන්නේ නෑ….

එයට හේතුව ශක්තින් හා අවධිකිරිම කියන්නේ විශ්ව නියමය හා බද්ධ විමක් බව ඔහුන් දන්නවා….. එවිට සියල්ල නිවා දමන්නට බෑ……

විශ්වීය අවශ්‍යතා වෙනුවෙන් සේවය කලයුතුයි…..

අතීත මහා සෘෂිවරු මුණිවරු යෝගින් තම සියලු පරමාත්මිය උකහා ගැනීම් මතු පරපුර වෙනුවෙන් ලියා තැබුවේ ඒ නිසයි…..

එය ඔහුන් කැමති වුවත් අකමැති වුවතු කල යුතුයි…… එ පරමාත්මිය වු විශ්විය අවශ්‍යතාවයයි…..

මේ විශ්වය පවතින තුරු ඒ අවධි කල සිත් මැරි මැරි උපදිමින් අමරණියත්වයට පත් වෙනවා…..

ඒ කියන්නේ මොකක්ද පරමාත්මිය දැණුම එක්තැන් කල සිත එලෙසම පවතිද්දී ශරිර කුඩුව පමණක් මාරු වෙනවා…….

පරමාත්මිය දැණුම සමග එක්වන අය නිවිම ගැන කන්‍ා නොකරන්න බලපාන තවත් එක් හේතුවක් තියෙනවා…….

මෙය නොපැවසිය යුතු දෙයක්….. නමුත් යථාර්තය එයයි

භාවනාවේ අවසන් අවස්ථා වලින් එහාට යන්න අප දත් නොදත් බුදු වරුන් භාවනාව තුළට විත් උපදෙස් ලබා දෙනවා……

බුදුවරු අනන්තයි……. අප නමමාත‍්‍රීකව දන්න බුදු වරු ගොඩක් ඉන්නවා ඒ වගේම නොදන්න අයත් එ වගේමයි…..

පුරන්නා යනු වසර දස දහසක් පුරා විවිධ බුදුවරුන්ගේ සරණ ලබපු අයයි…..

මේ හේතුවෙන් භාවනාවේ හතර වන මට්ටමෙන් පසු ඔහුගේ පිරිම සම්පුර්ණ කරණු වස් විවිධ සෘෂී දෙවි හා බුදුවරු විවිධා කාරයේ උපදෙස් ලබා දෙනවා…..

ඒ උපදෙස් අතිශය දුර්ලභ වු මග පෙන්වීම් ලෙසයි මම දකින්නේ

පරමාත්මිය ශක්තිය අවධිකල කෙනා දන්නේ නිවිම පමණයි…… නිවන නොවෙයි….

එය වෛදිකයා තැණු අමරණියත්වයයි…….

 

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර
0777 96 44 74

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

Reviews

Reviews
Close
0
Would love your thoughts, please comment.x
()
x