තරු වළල්ල

උත්පත්ති ආගම හා මිදීම


මගෙන් එක් දරුවෙක් මෙහෙම ප‍්‍රශ්ණයක් අසා තිබුණා…

මේ ආත්මයේ බෞද්ධ කෙනෙකු ලබන ආත්මයේ වෙනත් ආගමක ඉපදිය හැකිද? ආගම තීරණය වන්නේ කුමක් මතද?

මා එයට දුන් කෙටි පිලිතුර

අද ආගම තීරණය වෙන්නේ උත්පත්තිය ලබන පරිසරය තුළ පමණයි. නමුත් ආධ්‍යාත්මික මාර්ගය තීරණය වෙන්නේ කර්ම ශක්තිය මත….

මා කියු දෙය පරස් පරයි කියා ඔබට හිතේවි…

නමුත් එය මා පැහැදිලි කර දෙන්නම්….

සිදුහත් කුමරා උත්පත්තියෙන් වෛදිකයෙක්.. ඒ ගැන කිසිවෙකුට තර්කයක් නැහැනේ .. ඒ නිසානේ වේදයේ කෙල පැමිණි කියන්නේ…. නැත්තන් බමුණු මත ඉගෙන ගන්නවා…

හැබැයි විමුක්තිය ලබන්නේ තමන් තුළින්ම මතුවන වෙනත් මාර්ගයකින්…

අප එය ආර්යමාර්ගය කියලා කියනවා….

එය තමයි යථාර්තය ….

ආගම තීරණය වෙන්නේ පරිසරය තුළින් මිදීම තීරණය වෙන්නේ කර්මාණු රූපිව… එයට තමන් බෞද්ධද මුස්ලිම්ද ක‍්‍රීස්තියානිද කියන එක අදාල නැහැ….

ආගම මාරු කිරිම කියන්නේ ආත්මයෙන් ආත්මයට රුගෙන යන කර්මයක්…

මා ආශ‍්‍රමයට එන අයගේ පෙර ආත්මයන් පිලිබදව පැහැදිලි කරන අවස්ථා වලදි පෙර ආත්මයේ කල ඇදහිලි නතර කර දැමීම මත ඇතිවන සාප පිලිබදව පැහැදිලි කරනවා…

ඒ විතරක් නොවෙයි ආගම මුවාවෙන් මුදල් ඉපයීම… ආගම් වලට බාධා ඇති කිරීම කර්මයන් බවට පත්වෙනවා… ඒ සියල්ල අපේ විදවීම නිර්මාණය කරන්නට හේතු වන තත්වයන්….

ලංකාව මුල්කරගනිම්න් භාවිතා වන කේන්දර කිහිපයක් තියෙනවා එහි මුල් එක රාවණගේ ලංකාපුරයේ කේන්දරය ඉන්පසු විජයගේ පැමිණිම සමග ගොඩනැගු සිංහලයේ කේන්දරය ඉන්පසු නිදහසින් පසු කේන්දරය කොහොම වුනත් සිංහලයේ කේන්දරය තුළ සමස්ථ ජාතියට බලපාන ශිව සාපයක් තියෙනවා…

මා දකින විදියට මෙයට හේතු දෙකයි . එකක් සුර්ය වන්දනය අතහැර දැමීම දෙවැන්න ශිව දෙවියන්ට කල පුද පුජා නවතා දැමීම මෙයට හේතු වෙනවා..

අනික් කරුණ අප හැමවිටම උපදින්නේ එකම පරපුරක එවිට අපේ පැරුන්නෝ නව උත්පත්තියක් ලබන්නට සුදුසු පරිසරය එනතෙක් බලා සිටිනවා.. ආගම පරපුරු නාමය නොගැලපෙන ජාතින් මේ පරපුරට එක් වු විට ඔහුන් උත්පත්තියට අකමැති වෙනවා… මෙය වෛරයක් සේ ක‍්‍රීයාත්මක වනවා එය එම පරපුර විනාශ වීමට ප‍්‍රබලව බලපෑම් ඇති කරනවා….

මේ පැහැදිලි කිරීම ටිකක් සංකිර්ණයි නමුත් අපි යන්නේ අපිට ඔ්න ගමනක් නොවෙයි. අපිව රුගෙන යන ගමනක්…. අපිව අපිට තීරණය කරන්නට බැහැ… අපේ මිදීම හෝ විදවීම තිරණය කරන්නේ කර්මාණු රූපිව විශ්වය විසිනුයි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද‍්‍ර

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close