සායි සත් චරිතය

තම ආගම හොදින් අදහන්න මග කී භගවාන් ශ‍්‍රී සත්‍ය සායි බාබා

ලොව පහල වූ සෑම ආගම් ශාස්තෘවරයකුගේම සෑම ආධ්‍යාත්මික නායකයකුගේම ඒකායන උත්සහය වූයේ මිනිසා පවෙන් සහ පාපක‍්‍රියා හේතුවෙන් හටගන්නා දුකෙන් මුදාගැනීමය.

මිහිමත මිනිසා පහල වූදා පටන්ම මිනිසා විසින් පව් කිරීම සහ ඒ නිසාම දුකට පත්වීම ගිණිය නොහැකි තරම් වූ වර්ෂ කාලාන්තරයක් තිස්සේ සිදුවෙමින් අවුත් අදද එයම සිදුවෙයි.

මිනිසා ලොව පහල වූ තැන් පටන් ගතවූ කාලය සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් ලෙස බෞද්ධ දර්ශනයෙහි දැක්වෙයි. එම කාල සීමාව හින්දු දහමෙන්ද සනාථ කෙරේ.

එකී කාලය තුළ වරින්වර මිනිසා පවෙන් සහ දුකෙන් ගලවාගැනීම සඳහා ආගමික ශාස්තෘන් වහන්සේලා සහ ආධ්‍යාත්මික නායකයන් ලොව පහල වූ බව හින්දු, බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් යන ප‍්‍රධාන ආගම් විසින් ඉගැන්වෙයි. මේ හැම ආගමක් විසින්ම මිනිසා විසින් කරනු ලබන ප‍්‍රාණඝාතය, සොරකම, පරදාර සේවනය, බොරුකීම, නපුරු සිතුවිලි, තණ්හාව, කෑදරකම, ලෝභය, කුහකකම, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, ඕපා¥පය, අනුන් හෙළාදැකීම, ගැරහීම, මෝඩකම, උඩඟුකම යනාදී ක‍්‍රියාවන් පාපයන් ලෙස දක්වා තිබේ. මිනිසා දුකට පත්වන්නේ මේ පාපක‍්‍රියාවන්හි නිරත වීමේ විපාක වශයෙනි.

සාරාසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් කාලය තුළ බුදුවරුන් විශාල සංඛ්‍යාවක් ද පසේබුදුවරු ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් ද අරහත් මහ රහතන් වහන්සේලා කිව නොහැකි තරමේ සංඛ්‍යාවක් ද මෙලොව පහල වූ බව සහ එවැනිම සංඛ්‍යාවක් අනාගතයේ දී පහලවන බව බුදු දහමේ දැක්වේ. මේ අනුව කලින් ලොව පහල වූ බුදුවරුන් විසි අටකගේ ද නම් ද ඉදිරියේ දී මෛත‍්‍රි නමින් බුදුවන බුදුන් වහන්සේ කෙනකු ගැන ද සඳහන් වේ.

හින්දු ආගමට අනුව ගතවූ වසර ලක්‍ෂ ගණනක කාලය තුළ දේවාත්ම රැුසක් මෙහි පහලව මිනිසා පාපයෙන් සහ දුකෙන් මුදාගැනීමට වෙරදැරූ බව ඉගැන්වේ. කිතුනු දහමේ ඉගැන්වෙන්නේ ද මේ අයුරින්ය.?

එදා පටන් අද වනතුරු මිනිසා දුකෙන් මුදාගැනීමට ආගම් ශාස්තෘවරුන් සහ ආධ්‍යාත්මික නායකයන් කෙතෙකුත් ලොව පහල වුවත් ඔවුන් සරණගොස් විමුක්තිය ලබාගත්තේ ඉතා අල්ප පිරිසකි. වැඩි පිරිසක් තවමත් සසර ගමනේ නිරතව දුක් විඳිති. මේ වැඩි පිරිස ගැන අනුකම්පාවෙන් ඔවුන් දුකෙන් ගලවාගැනීම සඳහා ගැලවුම්කරුවාණන් වහන්සේලා තව තවත් මෙලොව පහල වෙති. යථාර්ථය මෙයයි.

මේ පූර්විකාව ලීවේ අපේ කාලයේ ආධ්‍යාත්මික නායකයකු වන සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමා ගැන සටහනක් තබන්නට මත්තෙනි.
සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමා ආගමික ශාස්තෘන් වහන්සේ කෙනකු නොවේ. එනමුදු එතුමා ද මෙතෙක් ලොව පහල වූ ආගම් ශාස්තෘන් වහන්සේලා සහ ආධ්‍යාත්මික නායකයන් වහන්සේලාගෙන් තැනුණු දම්වැලේ එක් පුරුකක් වශයෙන් සැලකිය හැකිය.

සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමාගේ දර්ශනය වන්නේ සියලූ කල්හි, සියලූදෙනාට මෛත‍්‍රී වඩන්න යන්නයි. පිළිපැදීමට හෝ පිළිගැනීමට අසීරු කිසිවක් එතුමාගේ දර්ශනයේ නැත. බෞද්ධ, හින්දු, ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් විසින් මිනිසාට තහංචි පනවා ඇති නපුරු සිතුවිලි, පරපණ නැසීම, සොරකම, පරදාර සේවනය, බොරු කීම, තණ්හාව, කෑදරකම, කුහකකම, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, ඕපා¥ප, අනුන්ව හෙළාදැකීම, ගැරහීම, මෝඩකම උඩඟුකම ආදී වශයෙන් වූ පාපයන්ගෙන් මිදෙන්නැයි එතුමා සිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබ ‘ඔබේ ආගම නිසි පරිදි අදහන්න’ යනු සායි බාබාතුමාගේ ඉල්ලීම විය.

හැම ආගමකම ඉගැන්වෙන හොඳ දේ සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමා අගය කළේය. පිළිපැද්දේය. එතුමා සත්‍යවාදී එකම දර්ශනයක් හෝ හෙළාදුටුවේ නැත.

සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමාගේ ඉගැන්වීම් තුළින් කිසිවකු මිත්‍යාදෘෂ්ටිය වෙත යොමු කරන්නේවත්, කිසිවකු මිත්‍යාදෘෂ්ටිය වෙත යොමුවන්නේවත් නැත. ලෝකයේ සෑම රටකම වාගේ සායි බැතිමත්තු සිටිති. එම සංඛ්‍යාව කෝටි ගණනකි.

මෙතරම් සායි බැතිමතුන් සංඛ්‍යාවක් බිහිවීමට තරම් හේතු සාධක වූ කරුණු ගැන මඳක් විමසා බලමු.

ප‍්‍රධාන කරුණ වශයෙන් දැකිය හැක්කේ කිසිවකු ඔහු අදහන ආගමෙන්, ඔහු වෙනතකට යොමු කරවන දහමක් සායි බාබාතුමා වෙත නොතිබීමය.

එතුමා නිරන්තරයෙන්ම දේශනා කරන්නේ ‘තමා අදහන ආගම නිසි පරිදි අදහන ලෙසටය. තමා අදහන අයට හෝ විශ්වාස කරන අයට හෝ පමණක් තමන්ගේ පිහිට ලැබෙන බවක් එතුමා නොකියයි. තමා පිළිබඳ විශ්වාසයක් ඇතත්, නැතත් ගුණ දහමින් හෙබි සියලූ දෙනාට ඔවුන් ලෝකයේ කොතැනක සිටියත් තම පිහිට ලැබෙන බව’ එතුමා පැවැසීය.

‘ගුණදහමින් හෙබි අය මාවෙත ආ යුතු නැත. මම ඔවුන් වෙත එන්නෙමි’ එතුමා කියා ඇත. ‘ඔබ මා වෙත එක පියවරක් තබනවිට මම පියවර තුනක් ඔබ වෙත තමන්නෙමි’.

සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමා නිරතුරුවම අසරණයන්ට තම බැතිමතුන්ට ඒ ඒ අවස්ථා අනුව පිහිට වූයේය. එය ඔහුගේ ළමා කාලයේ පටන්ම වූ පුරුද්දකි. රෝගීන් සුවපත් කළේය. බැතිමතුන්ට රන් පළඳනා මවා දුන්නේය. විභූති මැවීම එතුමාගේ ප‍්‍රධානතම ආශ්චර්යයකි.

ආහාරපාන මවා දුන්නේය. යම් උත්සවවලදී ආහාර පාන ප‍්‍රමාණවත් නොවූ අවස්ථාවල ඒවා ආශ්චර්යවත් ලෙස මවා දුන්නේය. මහා ශිව රාත‍්‍රී දිනවල ලිංගම් මැවීම විශේෂ ආශ්චර්යයකි. එකම මොහොතේ ස්ථාන කිහිපයක පෙනී සිටියේය. එතුමා ආශ්චර්යය දැක්වූයේ අවස්ථාවේ වැදගත්කම සලකා පමණි. එසේ නැතිව හැම විටෙකම ඒ දේ කළේ නැත.

ආගම් භේදයකින් තොරව බැතිමතුන් එතුමා වටා එක්රොක් වූයේ මේ කාරණා නිසාය.

බුදුන් වහන්සේ, යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ, රාමා ක‍්‍රිෂ්ණා ආදී දේව ආත්මයන්, මහම්මත්තුමා වැනි ශ්‍රේෂ්ඨයන් ද මෙවන් ආශ්චර්යයන් දක්වා ඇති බව ඒ ඒ ආගම්වල දැක්වෙයි.

සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමාගේ පෙර ආත්මය ඉන්දියාවේ ශිර්ධියේ ජීවත් වූ ශිර්ධි බාබාතුමාය. කාල වකවානුවේ වෙනස සහ තාක්‍ෂණ දියුණුව හැරුණුවිට ශිර්ධි සායි බාබා සහ සායිබාබා එක හා සමාන ගුණාංග සහිතය. තම මරණින් පසු ඊළඟ ආත්මය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ පුත්තපාර්ති හී ඉපදෙන බව ශිර්ධි බාබාතුමා අනාවැකි පළකර තිබේ. එසේම තමා ශිර්ධියේ ශිර්ධි බාබා නමින් උපත ලබා සිටි බව සත්‍ය ශ‍්‍රී සායි බාබා හෙළි කළේය. මේ සියලූ කාරණා මේ වනවිට සාධක සහිතව ඔප්පු වී තිබේ.

සත්‍ය ශ‍්‍රී සායිබාබා  2011 අපේ‍්‍රල් 23 දා මෙලොවින් ද සිය බැතිමතුන්ගෙන් ද සමුගත්තේය. එතුමා එසේ සමුගත්තේ තම මීළඟ ආත්මය සම්බන්ධයෙන් අනාවැකියක් තම බැතිමතුන් හමුවේ තබමිනි.

තමා මීළඟ ආත්මයේ දී පේ‍්‍රම් සායි බාබා නමින් ඉන්දියාවේ  ඉපදෙන බවය.

සත්‍ය ශ‍්‍රී සායි බාබාගේ දර්ශනය අනුගමනය කරන්නා ලොවට ආදර්ශයකි. අද ලෝකයට එවැන්නෝ සුවිශාල වශයෙන් අවශ්‍ය වෙති.

පේ‍්‍රම් සායි බාබා හා එක්ව මේ පෘථිවිය ලෝකයේ හොඳම ග‍්‍රහයා බවට පත්කරන්නට අනාගතයේ දී උපදින දරුවනට හැකිවේවායි පතමි.

දීක්ෂා ගුරු
කාංචන ගීත් මනමේන්ද්‍ර
0777 96 44 74

Add a comment

*Please complete all fields correctly

You cannot copy content of this page

Reviews

[wpsbx_html_block id=26139]
Reviews
Close