සංචාරය

ගලේ යකාගේ සැගවුණු දොවොල

ගලේ යකා ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැනේ… එත් කමක් නෑ පොඩ්ඩක් මතක් කරන්නම්… වත්හිමි කුමාරයාගේ අම්මා මුස්ලිම් කියන එක කවුරුත් දන්න කතාවක්. ඉතින් මේ බිසව සැලසුම් කරනවා වත්හිමි කුමාරයාට රාජ්‍ය පවරන්න. ඒ සැලසුම හරි යනවා. නමුත් ප්‍රධාන සෙනවියයි හාමුදුරුවොයි එකතුවෙලා රට ජාතිය වෙනුවෙන් ඇතුගලින් පහලට දාපු වත්ථිමි කුමාරයා යකෙක් වෙලා උපදිනවා.
ගලේ යකා භික්ෂූන් වහන්සේලා සමඟ දැඩි වෛරයකින් පසු වෙනවා. මේ නිසාම භික්ෂූන් වහන්සේලාව මරාගෙන කන්න ඕනේ කියන අදහසින් තමයි ඔහු හැසිරෙන්නේ….
මෙය දකින දෙවියන්ට ඕනේ වෙනවා මේ භික්ෂූන් ව ඝාතනය කරන්න උත්සාහ කරන යකාව වළකන්න. මේ නිසා සියලු දෙවිවරු එක මොහොතකදි ගලේ යකා ඉදිරියට පැමිණෙනවා. ඇතුගල පාමුල වර්තමානයේ ගලේ බණ්ඩාර දේවාලය ඉදි කරල තියෙන්නෙ අන්න එතන. සියලු දෙවිවරුන්ගේ එකවර පාද ස්පර්ශය ලක් භූමියක් ලෙසයි මෙම භූමිය සැලකෙන්නේ…
කොහොමහරි සියලු දෙවිවරු ගලේ යකාට වරයක් දෙනවා. ප්‍රාදේශීය මායිම් නොමැතිව ඕනම තැනකට ගමන් කරල මිනිසුන්ට පිහිට වීමේ හැකියාව ගලේ යකාට ලබා දෙනවා. ගලේ යකා තමන්ගේ නරක අතහැරලා ගලේ බණ්ඩාර දෙවියන් බවට පත්වෙන්නේ අන්න එහෙමයි.
අද ඇතුගල පාමුල තියෙන ගලේ බණ්ඩාර දේවාලය තියෙන තැනට ඉහලින් තමයි වත්ථිමි කුමාරයාගේ සොහොන තියෙන්නේ….
මම මේ කියන්නේ ගලේ යකා කොහොම හරි දෙවිකෙනෙක් වෙනවනේ ..
එයත් පුරට දෙවියන් අවට යකානේ අව කාලයේ පිරිවර සමග හිටියා කියන්නේ මෙන්න මෙතන. මේ තැන තියෙන්නේ කුරුණෑගල මාතලේ මාර්ගයේ සැතපුම් කිහිපයක් යද්දී….
මට නිශ්චිත මග සලකුණක් කිව නොහැක්කේ අපව  මේ තැනට රුගෙන ගියේ අහඹු ලෙසයි. එ සිදුවීමත් මා කියන්නම්.
වෙනත් ගමනක් යද්දි මම පොඩ්ඩට ගලේ බණ්ඩාර දෙවියන් ගැන කථාව කිය කිය ගියා . කොහොම හරි පාර වැරදිලා අන්තිමට පාර ඉවර වුනේ මේ ගල් තලාවෙන්….

දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර

0 0 votes
Article Rating
guest

0 Comments
Inline Feedbacks
View all comments
Translate »

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x